Triad කණ්ඩායම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික Cannes Lions තරඟාවලියට

June, 12, 2019

ලාංකීය තරුණ සිංහයන්ගේ තරඟයෙන් සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමිකරගනිමින් ඩාවිඞ් සෙනෙවිරත්න සහ ලක්‍ෂිත ප‍්‍රියංකරගෙන් සමන්විත Triad (Pvt) Ltd කණ්ඩායම චිත‍්‍රපට කාණ්ඩය යටතේ ප‍්‍රංශයේ පැවැත්වෙන කෑන්ස් ලයන්ස් තරඟාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව උදාකරගත්තේය. සිය ජීවිතයට නව අත්දැකීමක් එක්කරගනිමින් ඩාවිඩි සහ ලක්‍ෂිත හට ලෝකයේ එවැනිම නිර්මාණකරුවන් සමඟ තරඟ කිරීමේ අවස්ථාව උදාවන අතර, එහිදී ඔවුනගේ නිර්මාණශීලී අදහස් ප‍්‍රදර්ශනය කරමින් සිය කුසලතාවන් සහ දක්‍ෂතාවනන් ප‍්‍රදර්ශනය කිරීමටත්, සිය නිර්මාණශීලීත්වය තවදුරටත් ඔප්නංවාගැනීමේ අවස්ථාවත් හිමිවේ.

දිවයින පුරා විහිදී සිටින නිර්මාණශීලී, දක්‍ෂතා සහිත තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගනිමින් ඔවුනගේ දක්‍ෂතා ඒකරාශී කරගැනීමේ සහ ඔවුන්වෙත උත්තේජනයක් සැපයීමේ අරමුණින් Metal Factor මූල්‍ය දායකත්වයෙන් IAA ශ‍්‍රී ලංකා පරිචය මගින් මෙහි දේශීය තර`ගාවලිය සංවිධානය කරණු ලබයි. නිර්මාණශීලී ශ‍්‍රී ලාංකීය තරුණයන් අතරින් විශිෂ්ටතමයන් නියෝජනය කරනා මෙම තරඟාවලිය ලොව පුරා ප‍්‍රචලිතව ඇත්තේ දැන්වීම්කරණ ක්‍ෂේත‍්‍රයේ ‘ඔලිම්පික්’ තරඟාවලිය වශයෙනි.

දේශීය තරගයේදී  චිත‍්‍රපට කාණ්ඩයට යටතේ , ශ‍්‍රී  ලංකාවේ ,වාර්ගික අගතිගාමිත්වය , යන තේමාව යටතේ  වඩාත් ප‍්‍රකෘථිමත්  , කලාත්මක සහ සිත් ඇදගන්නා අන්තර්ගතයන් සිය පේ‍්‍රක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම්  හට දින 3 ක් ලබා දෙන ලදී. එහිදී Triad  නිර්මාණය තුලින් විදහා දැක්වූ මිනිස් ස්වභාවයේ   සාරය උකහා දැක්වීම  සහ ශ‍්‍රී ලංකාවේ ආගමික සුලූතරය  පිළිබඳ ස්ථාවරය අවතක්සේරු කළ ස්වරූපය අභියෝගයට ලක් කිරීම ඔවුන්ගේ  ජයග‍්‍රහණයට හේතුවිය.

මෙම කීර්තිමත් කෑන්ස් යන්ග් ලයන්ස් ඉන්ටර්නැෂනල් තරගාවලිය, සෑම වසරකම  කෑන්ස් ලයන්ස් අන්තර්ජාතික නිර්මාණාත්මක තරගාවලිය හා සමගාමිව  පැවැත්වේ. මෙම ගෝලීය වේදිකාව ලෝකය පුරා විසිරී සිටින දක්ෂතම කුසලතා සපිරි නිර්මාණකරුවන්ගෙන් සමන්විත වන අතර එය දැන්වීම්කරණ ක්‍ෂේත‍්‍රයේ අනාගතය සඳහා කුසලතා  සවිබලගැන්වීම සදහාම නිර්මාණය වුවකි. මෙම තරඟාවලිය වයස අවුරුදු 30 සහ ඊට අඩු තරඟකරුවන් ස`දහා වන අතර, ඔවුනට එය සිය නිර්මාණශිලිත්වය ප‍්‍රදර්ශනය කිරීමටත්, දැනුම බෙදාගැනීමටත් මහගු අවකාශයකි.

 

වමේ සිට දකුණට -  දිලිත් ජයවීර , සම කළමනාකරණ අධ්‍යක්ෂක Triad Advertising (Pvt) Ltd.) ඩාවිඞ් සේනාරත්න, ලක්ෂිත ප‍්‍රියංකර, සර්ව අමරසේකර (ප‍්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂක) , වරුණි අමුණුගම - සම කළමනාකරණ අධ්‍යක්ෂක (Triad Advertising (Pvt) Ltd.)

 

ලක්ෂිත ප‍්‍රියංකර

 

ඩාවිඩ් සේනාරත්න