TUI Academy ශ‍්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ කෙරේ

January, 3, 2020

ශ‍්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට සංචාරක සේවා ක්ෂේත‍්‍රයේ පුහුණුවක් ලබාදීම සඳහා TIU Care පදනම මගින් පසුගියදා TIU Academy ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. International Tourism Partnership ys Youth Career Initiative සහ ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග එක්ව ක‍්‍රියාවට නංවනු ලබන මෙය වසර 3 ක ව්‍යාපෘතියකි.

ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ශ‍්‍රී ලංකා පාරිලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා හා විදේශ කටයුතු හා කුසලතා සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහභාගී වූහ. එමෙන්ම TUI Care Foundation හි භාරකාර මණ්ඩල සාමාජිකා ඩැග්මාර් වූහල් මහත්මිය සහ Aitken Spence PLC හි සභාපති ස්ටැශනි ජයවර්ධන මහත්මියද මෙම අවස්ථාට එක්වූහ.

ව්‍යාපෘතියේ ප‍්‍රථම වසර තුළදී අඩු ආදායම්ලාභී පවුල් වල තරුණ තරුණියන් 60 දෙනෙකුට Aitken Spence Institute for Hotel Management වෙතින් සත්කාරක සේවා ක්ෂේත‍්‍රය සම්බන්ධ මාස 2 ක පුහුණුවක් ලැබෙනු ඇත. ඉන් අනතුරුව ඔවුන්ට ඉහළ තලයේ හෝටලයක මාස 3 ක ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීමට නියමිත ය. ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වලින් හෝ එම ගම්මාන අවට ප‍්‍රදේශ වලින් මෙම තරුණ තරුණියන් තෝරාගනු ලැබේ. මෙම වැඩසටහන, ආර්ථික දුෂ්කරතා නිසා වෘත්තීය පුහුණුව ලැබීමට දුෂ්කර වන තරුණ තරුණියන් රැුසකට සංචාරක ක්ෂේත‍්‍රයට ප‍්‍රවේශ වීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් ඩැග්මාර් වූහල් මහත්මිය මෙසේ පැවසුවා ය. ‘‘ලෝකයට ආදර්ශයක් දීමේ හැකියාව තරුණ පරපුර සතුව තිබෙනවා. අප මේ උත්සාහ කරන්නේ මේ තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත‍්‍රයට පිවිසී සාර්ථක වෘත්තීය ජීවිතයක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාවක් ලබාදීමටයි. විශේෂයෙන්ම තරුණියන් මේ සඳහා උනන්දු කරවීමට අප බලාපොරොත්තු වෙනවා. ව්‍යාපෘතියේ කාන්තා නියෝජනය අවම වශයෙන් තුනෙන් එකක මට්ටමේ පවතිනු දැකීම අපගේ ඉලක්කයයි. මේ ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීමටත්, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව වර්ධනය කිරීමටත් අපට හැකියාව ලැබේවි.”

International Tourism Partnership හි අධ්‍යක්ෂිකා මධු රාජේශ් මහත්මිය මෙසේ අදහස් දැක්වූවා ය. ‘‘අප සතු අත්දැකීම් සමගින් TUI Academy Sri Lanka හරහා ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට අත්වැලක් වීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ ඔස්සේ ඔවුන්ට තෘප්තිමත් හා ඵලදායී වෘත්තියක් වෙත ප‍්‍රවේශ වීමට හැකිවේවි.”

මාස දෙකක් පුරා දිවෙන මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවේදී ජීවන කුසලතා, සත්කාරකත්වය, ඉංග‍්‍රීසි භාෂාව, සන්නිවේදන කුසලතා, පාරිභෝගික සේවා, සෞඛ්‍ය හා තිරසාරත්වය වැනි විෂයන් ආවරණය කෙරේ. RIU Hotels & Resorts, Aitken Spence Hotels, Hilton සහ Taj යන හෝටල් වලදී ඔවුන්ට ප‍්‍රායෝගික පුහුණුව ලැබෙනු ඇත. පුහුණුව අවසානයේදී ඔවුන්ට හෝටල් ක්ෂේත‍්‍රයේ පිළිගැනීම හිමි සහතිකයක් පිරිනැමේ.

ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ මගින් TUI Academy Sri Lanka හි ඉදිරි ගමනට සුවිශේෂී දායකත්වයක් හිමිවනු ඇත. ‘‘අප කවදත් උත්සාහ කරන්නේ ශ‍්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට හොඳම දේවල් සමීප කරවීමටයි. TUI Academy සමග අප පවත්වාගෙන යන සම්බන්ධතාව හුදෙක් ව්‍යාපෘතියේ කාලසීමාවෙන් අවසන් වන්නේ නැහැ. මෙහි පුහුණුව ලබන තරුණ තරුණියන්ට සිය ජීවිතයේ ඉදිරියට යාම සඳහා අඛණ්ඩව අත්වැලක් සැපයීමට අප බලාපොරොත්තු වෙනවා.” ශ‍්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ප‍්‍රධානී දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

TUI Academy Sri Lanka යනු TUI Care Foundation මගින් ක‍්‍රියාත්මක කර ඇති ජාත්‍යන්තර TUI Academy වැඩසටහනේ එක් පියවරකි. මෙමගින් අඩු පහසුකම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත‍්‍රයේ පුහුණුවක් ලැබීමට හා රැකියා වලට පිවිසීමට අවස්ථාව සලසා දෙයි. මේ වනවිට ලොව මහද්වීප 4 ක TUI Academy ව්‍යපෘති 6 ක් ක‍්‍රියාත්මක වේ. පුද්ගල සංවර්ධනය, සංචාරක ක්ෂේත‍්‍රය සම්බන්ධ දැනුම, පුහුණු වැඩසටහන් සහ වෘත්තීය මාර්ගෝපදේශනය වැනි පියවර ඔස්සේ ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වල තරුණ තරුණියන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත.