UAE ගමන් බලපත්‍රය ලෝකයේ අංක 1 ට. ශ්‍රී ලංකාවට 84 වෙනි තැන

    December, 7, 2018

    ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ලැබී තිබේ. යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

    මෙම වර්ගීකරණයේ 84 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 45 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියෙකුට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 113 ක් වෙත ප්‍රවේශ වීමටත්, රටවල් 54 ක් සඳහා On Arrival ක්‍රමවේදය යටතේ වීසා ලබා ගැනීමටත් හැකියාව තිබේ. ඔවුන් හට ලෝකයේ රටවල්වලින් ඇතුළත් වීම සඳහා පූර්ව වීසා ලබා ගත යුත්තේ 31 කට පමණි.

    ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 16 කට ඇතුළත් විය හැකි අතර, රටවල් 29 ක් සඳහා On Arrival ක්‍රමවේදය යටතේ වීසා ලබා ගැනීමට පුළුවන. කෙසේ වෙතත් රටවල් 153 ක් වෙත ගමන් කිරීමේ දී කලින් වීසා ඉල්ලුම් කිරීම ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර හිමියන්ට අනිවාර්ය වී ඇත.

    මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 166 ක් සඳහා ප්‍රවේශය සහිත සිංගප්පූරුව හා ජර්මනිය යි.