March, 17, 2023
ප්‍රමුඛ පෙළේ පාරිභෝගික තාක්ෂණික සන්නාමයක් වන vivo, සිය නවතම #vivocares ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ මෑතකදී මහරගම අපේක්ෂා පිළිකා රෝහලට වියලි ආහාර සලාක පරිත්‍යාග කරන ලදී.
vivo Sri Lanka සමාගමේ නිලධාරීන් විසින් මෙම ආහාර ද්‍රව්‍ය, අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීතුමන්හට පරිත්‍යාග කල අතර රෝහල් කළමණාකාරිත්වය vivo Sri Lanka ආයතනයට ඔවුන්ගේ කෘතඥතාව පළ කළේය.
අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීතුමා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ මෙම වියලි ආහාර සලාක පරිත්‍යාගය මගින් රෝගීන්ට අත්‍යාවශ්‍ය පෝෂණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් vivo Sri Lanka සමාගමට ස්තුතිවන්ත වෙන බවයි. දේශීය ප්‍රජාවට සහයෝගය දැක්වීම සඳහා vivo හි කැපවීම අගය කරන බවත් ඔහු සඳහන් කළේය.
මේ වන විටත් ඔවුන්ගේ ජීවිතයේ අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටින රෝගීන් 800 ක් වෙනුවෙන් උදෑසන ආහාරය පිළියෙළ කිරීම සඳහා පරිත්‍යාග කරන ලද වියළි ආහාර සලාක විශේෂයෙන් භාවිතා කරන ලදී. සමාජීය වශයෙන් වගකිවයුතු ආයතනයක් ලෙස vivo Sri Lanka කැපවී සිටින අතර ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් ඔවුන් විසින් දියත් කරන #vivocares වැඩසටහන එම අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයකි.
මේ පිළිබද අදහස් දක්වමින්, vivo ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැo මහතා මෙලෙස පැවසීය. "මෙම හෘදයාංගම දායකත්වය මහරගම අපේක්ෂා පිළිකා රෝහලට ලබා දීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. සමාජයේ අභිවෘද්ධිය සඳහා දායක වීම ගැන අපි තරයේ විශ්වාස කරන අතර වෙනසක් ඇති කරන සමාජීය ක්‍රියාකාරකම් සඳහා අප දිගටම සහාය වෙනවා. සියල්ලන්ටම දීප්තිමත්, සෞඛය සම්පන්න අනාගතයක් ගොඩනැගීමට අපි කැපවී සිටිමු."
#vivocares මුලපිරීම තුළින් vivo Sri Lanka අන් අයට කරුණාව, දයානුකම්පාව සහ හොඳහිත පැතිරවීමේ මෙහෙවරට සම්බන්ධ වීමට බලාපොරොත්තු වේ. මෙම සමාගම තරයේ විශ්වාස කරන්නේ මෙවැනි කරුණාවන්ත ක්‍රියාවන්ට මිනිසුන්ගේ ජීවිතවලට ධනාත්මක බලපෑමක් ඇති කිරීම දක්වා බොහෝ දුරක් යා හැකි බවයි.
Video Story