අඩු ගාණකට නව රථවාහන රක්ෂණ ක්‍රමයක්

    May, 4, 2016

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තෙවන පාර්ෂව රථවාහන රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බව සහකාර අධ්‍යක්ෂ යු.ආර්.එච්.කේ.සී.කේමරත්න මහතා පැවසීය.

    ඒ මහතා මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය.

    දැනට ලංකාවේ පවතින තෙවන පාර්ශව අඩුම රක්ෂණ ක්‍රමය මෙය බව ද ඒ මහතා පැවසීය.

    මේ යටතේ යතුරුපැදියක් සදහා රක්ෂණ ගාස්තුව රුපියල් 490 කි. වෑන් හා කාර් සඳහා රුපියල් 450 ක්ද, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 900 ක්ද ලොරි රථ සඳහා රුපියල් 1,300ක්ද ට්‍රැක්ටර් සඳහා රුපියල් 500 ක්ද රක්ෂණ ගාස්තුව වේ.

    මේ යටතේ වාහන රක්ෂණය කිරීම කෘෂිරක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලයෙන්, ඕනෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් හා ගම් මට්ටමින් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හරහාද සිදු කර ගත හැකි බව කේමරත්න මහතා තවදුරටත් පැවසීය.