May, 11, 2020
කොවිඩ්-19 ව්‍යසනය හේතුවෙන් බලපෑමට පත් පුද්ගලයන්, ස්වයං රැකියා සහ ව්‍යාපාර සඳහා සහන ලබා දීමේ යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මෙම ණය සහන ලබා ගැනීමේ දී ඇතැම් මූල්‍ය සමාගම් යම්කිසි පසුගාමීත්වය දක්වන බව වාර්තා වී ඇත.
මෙම පසුබිම තුළ අදාළ ණය සහන යෝජනා සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසන ප්‍රශ්න 44 ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිතුරු ඉදිරිපත් කර තිබේ. මෙම නිති අසන පැන සඳහා පිළිතුරු සකස් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මැයි 06 වන දින තෙක් නිකුත් කර ඇති නියාමනයන් පාදක කර ගනිමිනි. මෙම පිළිතුරුවල වලංගුතාවය කොරෝනා ව්‍යසනය නිසා බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ලබාදෙන සහන සම්බන්ධ නියාමන සඳහා ඉදිරියේ දී හැකි යම් සංශෝධනයක් සිදුවුවහොත් ඒ අනුව වෙනස් විය හැකි බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
මෙකී ණය සහන යෝජනා සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසනු ලබන ගැටළු 44 ක් සහ ඒවාට ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී ඇති පිළිතුරු පහතින් දැක්වේ.
Video Story