වරාය විකිණීමෙන් රුපියල ස්ථාවර වේවි

    November, 2, 2016

    හම්බන්තොට වරායේ කොටසක් චීනය වෙත පැවරීමේ කටයුතු ඉදිරි මාස 4-5 ක කාලය තුළ සිදුවීමට නියමිත බවත් එහිදී ලැබෙන ඩොලර් බිලියන 1 ක මුදල හරහා මෙරට රුපියල ස්ථාවරත්වයකට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (01) සන්ධ්‍යාවේදී මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    හම්බන්තොට වරායෙන් 80% ක කොටස් හිමිකාරීත්වයක් චීන සමාගමකට අලෙවි කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පසුගියදා නිවේදනය කරනු ලැබීය.

    මෙම ගනුදෙනුව හරහා ලැබෙන විනිමය තුළින් රුපියල සහ දේශීය පොළී අනුපාතිකවල ස්ථාවරභාවයක් ඇති වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසයී.