වසරේ මුල් මාස 09 දී සංචාරක පැමිණීම සියයට 14.6 කින් ඉහළට

    October, 5, 2016

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව 2016 මුල් මාස 09 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,508,405 ක් බවත් එය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 14.6% ක වර්ධනයක් බවත් අනාවරණය වී තිබේ. මේ අතර 2016 සැප්තැම්බර් මාසය තුළ දී 148,499 ක සංචාරකයින් ගණනක් මෙරටට පැමිණ ඇති අතර එය 2015 සැප්තැම්බර් මාසයේ දී පැමිණ තිබෙන 143,374 ක සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 3.6% ක ඉහළ යාමකි.

    2016 සැප්තැම්බර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ගණන 27,214 ක් ලෙසින් වාර්තා වන අතර දෙවැනියට වැඩිම සංචාරකයින් ගණනක් පැමිණි චීනයේ එම ප්‍රමාණය වාර්තා වන්නේ 22,111 ක් වශයෙනි.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ දත්ත වාර්තා කිහිපයක් පහත දැක්වේ.