ඔලිම්පික් කණ්ඩායමේ නිල නවාතැන් පහසුකම් සැපයුම්කරු ලැයිස්තුවේ දැන් Cinnamon Life ශ්‍රී ලංකා

July, 19, 2021

තම ජාතිය නියෝජනය කරමින් ලංකාවට කීර්තිය ලබාදීමේ අරමුණින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල බලා පිටත් වීමට නියමිත අපගේ ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීමේ පියවරක් ලෙස Cinnamon Grand Colombo සමඟ එකතුවෙමින් ඔලිම්පික් කණ්ඩායමට සිනමන් ලයිෆ් නවාතැන් පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ රිසෝට් ජාලය වන Cinnamon Life" ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන සියල්ලන් සඳහාම නවාතැන් පහසුකම් සැපයීමට සූදානම්ව සිටින අතර ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයන් නිර්දේශ කළ කොවිඩ්-19 ආරක්ෂක පියවරයන් එලෙසම අනුගමනය කරමින් ඔවුන් විසින් සියලු සැලසුම් සූදානම් කර ඇත. එහි සුවිශේෂී පියවරක් ලෙස Cinnamon Grand Colombo තරු පහේ හෝටලය තුළ එක් මහලක් සම්පූර්ණයෙන් ම ඔවුන් සඳහා ම වෙන් කර ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේඳ්‍රා මහතා මෙම වැඩසටහන පිළිබඳව තම අදහස් දක්වමින් කියා සිටියේථ "රට තුළ ඇතිව තිබෙන මෙම වසංගත තත්ත්වය අපගේ සංචාරක ක්ෂේත්‍රයට නොයෙකුත් අයුරින් බලපෑම් ඇති කළ නමුත්, මෙවන් වකවානුවක් තුළදී පවා අපගේ ජාතික ඔලිම්පික් කණ්ඩායමේ ක්‍රිඩකයන් දිරිමත් කිරීම අපගේ ජාතික වගකීමක් ලෙස දකින්නෙමු. එහි පියවරක් ලෙස ඔලිම්පික් ක්‍රීඩකයින් සහ ඔවුන් හා අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් තම වගකීම ඉටුකිරීමට Cinnamon Life ඉදිරිපත් වන්නේ ඉතා ගෞරවයෙන් ය. ක්‍රිඩකයින්ගේ පුර්ණ ශාරීරික හා මානසික යෝග්‍යතාවය යහපත් ලෙස පවත්වා ගෙන යාමට අදාළ අපගේ පූර්ණ රැකවරණය අපි ලබා දෙන්නෙමු. ජාත්‍යන්තරය තුළ රටක කීර්තිය, ක්‍රීඩකයන්ගෙන් නියෝජනය වන බව අප සියල්ලන් ම දන්නෙමු. එසේ ජාත්‍යන්තර පිටිය තුළ ඔවුන් පෙන්වන දක්ෂතා රටක් ලෙස අපට අනන්‍යතාවයක් ඇති කරයි.” ලෙසයි.

එළඹෙන ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, අශ්වාරෝහක, ජිම්නාස්ටික්, ජූඩෝ, වෙඩි තැබීම සහ පිහිනුම් යන ක්‍රීඩා කාණ්ඩ නවයකට තරඟ වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ නිලධාරීන් 17 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වනු ඇත.

ක්‍රිෂාන් බාලේඳ්‍රා මහතා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ: “අලුත් විලාසයන් ක්ෂේත්‍රයට හඳුන්වා දීම මුල් කොටගත් දැක්මකින් පියවරෙන් පියවර ඉදිරියට යන Cinnamon Life සමාගම, සංචාරක ක්ෂේත්‍රය තුළ අලුත් සංස්කෘතියක් බිහි කරයි. අපගේ සියලු සේවාලාභීන්ගේ ජීවිතවලට එකතුව නව්‍ය විසඳුම් සඳහා පුරෝගාමීන් වීමට අපි උත්සාහ කරන්නෙමු. අපගේ දේශයේ දියුණුව සඳහා ආයෝජනය කරන ශ්‍රී ලාංකික වෙළඳ නාමයක් වීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. විශේෂයෙන් අපව තෝරා ගනු ලැබුවේ අපගේ ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා සහ ආරක්ෂාව සහතික කිරීමේ මහඟු වගකීමක් සඳහා ය. වගකිව යුතු ව්‍යාපාරයක් ලෙස අපගේ මූලික සාරධර්ම වන රැකවරණය, විශ්වාසය සහ තිරසාර භාවය තුළින් අප දේශයේ ප්‍රජාව රැකබලා ගැනීමට කැපවෙමු. ජාතික ඔලිම්පික් ක්‍රීඩකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම අප දකින්නේ ජාතිය නියෝජනය කරන ඔවුන්ගේ කැපවීමට අප විසින් ලබාදෙන ගෞරවයක් ලෙසයි."

ප්‍රථමයෙන් මල 2020 ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම ක්‍රීඩා උළෙල කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2021 ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා කල් දමන ලදී. මෙය 1976 මොන්ටි්‍රයෙල්හි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙල හැරුණු විට ශ්‍රී ලංකාව සහභාගී වන දහඅට වන [18] ඔලිම්පික් උළෙල ලෙස වාර්තා පොතට එකතු වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකුගෙන් සමන්විත වේ. එහි පිරිමි කාණ්ඩය තුළ හතර දෙනෙක් [04] තරඟ වදින අතරත පස් දෙනෙකු [05] කාන්තා කාණ්ඩය නියෝජනය කරමින් තරඟ කරයි.

මේ පිළිබඳව ක්‍රීඩා කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්, "ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපැවැත්ම සහතික කිරීමට අපි ඉතා උනන්දු වෙමු. ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙලේදී අපේ ජාතිය නියෝජනය කිරීමට ඔවුන් සූදානම් වන විට ඔවුන්ගේ විශ්වාසය හා ධනාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ඔවුන්ට හොඳම සැප පහසුකම් ලබා දීම අපගේ අරමුණයි. මේ ආකාරයේ ජාතික අරමුණක් සඳහා සහයෝගය දැක්වීමට Cinnamon Life ඉදිරිපත් වීම අපි බෙහෙවින් අගය කරන්නෙමු. එළඹෙන ඔලිම්පික් උළෙල සඳහා අපගේ ජාතික ඔලිම්පික් කණ්ඩායමට සහාය දීමෙන්, ක්‍රීඩාවේ දියුණුව සඳහා දේශීය සමාගම් ලබාදෙන තම සහයෝගය අප අගය කළ යුතු අතර ඔවුන්ට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. දේශය වෙනුවෙන් අපි තව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනඟා ගත යුතුයි ඒ සඳහා Cinnamon Life දුන් මෙම ආරම්භය නිසැකව ම අපේ රටේ මෙම දක්ෂතා වර්ධනය කිරීමට පිටුවහලක් වන බව මාගේ විශ්වාසයයි.”

නූතන ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම දේපල වෙළඳාම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා Cinnamon Life උරුමකම් කියයි. කොළඹ නගරය වෙත, රටේ ඉදිරි ගමනට තුඩුදෙන සැලකිය යුතු විශ්වාසදායීත්වයක් ලබා දීමට සහ ආර්ථික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට එය පත් කිරීමට ඔවුන් තම දායකත්වය මෙලෙස ලබාදෙයි. ඒකාබද්ධ හෝටලය සහ සියලු පහසුකම්වලින් පිරිපුන් සංවර්ධන නගරය තුළින් නව වෘත්තීය, විනෝද ජනක යුගයක් සනිටුහන් කරයි. කාර්යාල කුළුණක්, මහල් 30 කින් සමන්විත A- ශ්‍රේණියේ කාර්යාල ගොඩනැගිල්ලක් සහ කොළඹ නගර මධ්‍යයේ නේවාසික ඒකක 427 කින් මෙය සමන්විත ය. එසේම මෙය කාමර 800 කින් යුත් තරු පහේ හෝටලයක (Cinnamon Hotels) මැදිරි පහක් පුරා පැතිරී ඇති වෙළඳ සංකීර්ණයක, ජාත්‍යන්තර නිවාස වෙළඳ නාමාවලියක සහ සුවිශේෂී භෝජන අත්දැකීම්වල එකතුවකි. Cinnamon Life යනු එදාමෙදා තුර ශ්‍රී ලංකාවේ කළ විශාලතම පුද්ගලික ආයෝජනය වන අතර එය 2022 මැද භාගය වන විට විවෘත කිරීමට නියමිතයි.

Video Story

Stock Market

Exchange Rates