May, 28, 2025
චීනයේ BYD මෝටර් රථ මිල ගණන් 10% සිට 30% ක් දක්වා ප්‍රමාණයකින් පහළ දැමීමට BYD සමාගම පසුගිය දා තීරණය කර තිබුණි.
මේ අතර ඊයේ (27) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී BYD Auto Industry Co හි Asia-Pacific Auto Sales Division සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකරන ලදී. ඒ චීනයේ BYD වාහන මිල ගණන් පහළ යාමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ BYD වාහනවල මිල ගණන්වල ද පහළ යාමක් සිදුවන්නේ ද යනුවෙනි. එහිදී ඔහු කියා සිටියේ එම මිල පහළ දැමීම චීන වෙළෙඳපොළ තුළ පමණක් ක්‍රියාත්මක් වන්නක් බවයි. එමඟින් ශ්‍රී ලංකාවේ BYD වාහන මිල ගණන්වලට බලපෑමක් සිදුනොවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ BYD Auto Industry Co හි Asia-Pacific Auto Sales Division සාමාන්‍යාධිකාරී Liu Xueliang මහතා,
“ඇත්තවශයෙන්ම චීනය තුළ මෙම මිල පහළ දැමීම, ශ්‍රී ලංකා වෙළෙඳපොළට බලපෑමක් ඇති කරන්නේ නැහැ. එය චීන දේශීය වෙළෙඳපොළ තුළ පමණක් ක්‍රියාත්මක් වන්නක්. චීනයේ මේ දිනවල තිබෙන්නේ සාප්පු සවාරි සමයක් (Shopping Season). මෙම කාලයේ දී ජනතාව වැඩි වශයෙන් සාප්පු සවාරිවල යෙදවීමට රජය විසින් දිරිගැන්වීමක් සිදුකරනවා. එම නිසා මෙම කාලයේ දී මෝටර් රථ පමණක් නොවෙයි, අනෙකුත් භාණ්ඩවලත් මිල ගණන් පහළ දැමීමක් දක්නට පුළුවන්. ඔවුන් විශේෂ වට්ටම් පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරනවා. ජංගම දුරකතන සමාගම් පවා මේ දිනවල ඔවුන්ගේ නිෂ්පාදිතවල මිල ගණන් පහළ දමා තිබෙනවා.“
Video Story