ලංගමට ගෙනා සුපිරි බස් කොළඹ වරායෙන් පිටවෙයි

    June, 18, 2019

    මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමට පසුගිය මාර්තු මාසයේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබිණ.

    ඒ අනුව ආනයනය කරන ලද සුඛෝපභෝගී  බස්රථවලින් පළමු කොටස අද (18) දින කොළඹ වරායෙන් මුදා හැර තිබේ.

    මෙම බස්රථ සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල් පුද්ගලික සමාගම වෙත පිරිනැමීමට තීරණය කෙරිණි.

     

    Video Story

    Stock Market

    Exchange Rates