SLT-MOBITEL කුලියාපිටිය ශික්ෂණ රෝහලට Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යන්ත්‍රයක් පරිත්‍යාග කරයි

July, 20, 2021

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  කුලියාපිටිය ශික්ෂණ රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත්‍රයක් (Multi Para Monitor) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවට Covid-19 උවදුරෙන් මිදීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරකි. කුලියාපිටිය ශික්ෂණ රෝහල කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම රෝහල වන අතර, මෙම නව උපකරණය එහි Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනෙනු ඇත. SLT-MOBITEL ප්‍රාදේශීය ප්‍රධානී රන්මල් ෆොන්සේකා සහ කලාපීය Telecom කළමනාකරු චානක උදයංග යන මහත්වරුන් විසින් මෙම උපකරණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාවට SLT-MOBITEL දිස්ත්‍රික් කළමනාකරු නිරෝෂ කරුණාරත්න, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී (සැලසුම්) මධුෂ සත්කුමාර සහ ප්‍රධාන හෙද පාලිකා එන්. එම්. ඒ. මාරසිංහ යන මහත්ම මහත්මීහුද එක්වූහ.

මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 'දාන පාරමිතා' නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. 'YES' ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත් ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම සඳහා භාවිතා කෙරේ

Video Story

Stock Market

Exchange Rates