ඉ-ස්වාභිමානී සම්මානලාභීන් අන්තර්ජාතික ඇගයුමට

    December, 22, 2020

    එක්සත් ජාතීන්ගේ තොරතුරු සමුළුව සදහා වූ  ලෝක සමුළුවේ (WSIS)  ගෝලීය මුලපිරීමක් වන ලෝක සමුළු සම්මානය උළෙලේ  (WSA) සදහා  ශ්‍රීලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්කල තාක්ෂණික නව නිපැයුම් හතෙන් (07) පහක්ම අවසන් වටය සදහා තෝරාගැනේ.  ඒ  අතරින්  "රාජ්‍යය හා පුරවැසි සහභාගිත්ව" (Government & Citizen Engagement) අංශයෙන් ඉදිරිපත්කල "පතල් හා ඛනිජ නිෂ්පාදන අධීක්ෂණ විසඳුම" 2020 ලෝක සමුළු සම්මාන උළෙලේ ජයග්‍රාහකයෙකු ලෙස නම් කර ඇත. මෙම නිරමාණය  Aasa IT Solutions ආයතනය විසින් ඉදිරිපත් කෙරින. ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන ලෝක සමුළු සම්මේලනයේදී  මෙම සම්මානය පිරිනැමේ. WSA Winners 2020 එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දායක වන ලෝක ව්‍යාප්ත අන්තර්ගතයන් මත පදනම් වූ යෙදුම්වලට වටිනාකමක්  සපයයි. ඔස්ට්‍රියාවේ වියනා නුවර මෙම මුලස්ථානය පිහිටා තිබේ. මෙවර සම්මාන ප්‍රධානය අන්තර්ජාලය හරහා( Online ) සිදුකෙරේ .

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවෙදන  තාක්ෂණ නියෝජිතායතනය වාර්ෂීකව   සංවිධානය කරන “ඉ- ස්වාභිමානි  සම්මාන' මගින් සමාජය වඩාත් අන්තර්ග්‍රහණය කිරීම, කාර්යක්ෂම කිරීම, නව සේවාවන් සැපයීම, හා පුරවැසියන් සවිබල ගැන්වීමට උපකාරී වන  පුර්වගාමි  අදහස්  සහ  නව්‍ය දේශීය ඩිජිටල් විසඳුම් සහ අධි තාක්‍ෂණික යෙදුම් හඳුනාගෙන සම්මානයට ලක්කෙරේ . ඒ අතරින්  2020 සඳහා වන ඇගයීම් ක්‍රියාවලියේදී ඉ -ස්වභිමානි ග්‍රෑන්ඩ් ජූරි සභාව විසින් ලෝක සමුළුව සදහා (WSA)තෝරා ගෙන ඉදිරිපත්කල නව  නිර්මාණ මෙසේ සම්මානයට  ලක්විය . මෙම නාමයෝජනා ඉදිරිපත්කිරීමේ ශ්‍රී ලංකා නියෝජන බලය ඇත්තේ ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවෙදන් තාක්ෂණ නියෝජිතායතනයටයි .  මෙවර සම්මාන ලබන   "පතල් හා ඛනිජ නිෂ්පාදන අධීක්ෂණ විසඳුම" තුලින් එම අංශයේ  බලපත්‍ර, පතල් බලපත්‍ර ලාභීන්, ඛනිජ වෙළඳ බලපත්‍ර  හිමියන්හා සාමාන්ය මහජනතාව සඳහා ස්මාර්ට් ජංගම දුරකතනයක්, වෙබ් ද්වාරයක් හෝ කෙටි පණිවුඩ සේවාවක් භාවිතා කර ප්‍රවේශ විය හැකි පූර්ණ ඩිජිටල් විසඳුමක් ඉදිරුපත්කර තිබුණි .එමගින් ස්වභාවික සම්පත්  කලමනාකරණය  නෛතික තත්වයන් ආරක්ශාකිරිම හා අධීක්ෂණය කෙරේ .  

    මෙම අන්තර්ජාතික සම්මාන උළෙලේ   සංස්කෘතික හා සංචාරක ක්‍ෂේත්‍රය සදහා eMarketing Eye (Pvt) Ltd හදුන්වාදුන් අන්තර්ජාල වාණිජ විසදුම  Vouchers Eye පරිසර  හා හරිත ශක්ති අංශයෙන් E Gravity Solutions Private Limited ඉදිරිපත්කල ගජමන් නම් වූ අලි සංචරණ හා ආරක්ෂණ පද්තතිය  , සෞක්ය්ය හා යහපැවැත්ම අංශය සදහා Group VirtualPT- SLIIT ඉදිරිපත්කල VirtualPT ඉගෙනුම් හා අධ්‍යාපනය අංශය අංශය  සදහා Fusion Lab (Pvt) Ltd ඉදිරිපත්කල    ගවේශ අද්‍ය්යාපන වේදිකාව Gavesha Education Platform,   අවසන් වටය සදහා නියෝජනය කල අනෙකුත් නිර්මාණ වේ.