Lead Story
මේ වන විට බැංකුවකින් හෝ මූල්‍ය සමාගමක් වෙතින් ලබා ගෙන ඇති ණය මුදලක්, ණය කාලසීමාව අවසන් වීමට පෙර පියවීමේ දී ඒ සඳහා යම් අධිභාරයක් අය කිරීම සිදුවනු ඇත. මෙම අධිභාරය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී යම් කතාබහක් ඇති වූ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද දෙරණ Biz ශ්‍රී ලංකා…
Featured
දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවියක් හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. මෙම වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කිරීමේ දී කිසිදු ගාස්තුවක් අය…
අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමේ සමාගමක් ලෙස 2002 වසරේදී පිහිටුවන Cleantech සමාගම පෑලියගොඩ නව මැනිං වෙළඳ පොලේ සිදු කරන අපද්‍රවය කළමනාකරණ සේවා වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. Cleantech සමාගම සමස්තයක් ලෙස ගත් කල මැනිං වෙළඳ පොල පිරිසිදු කිරීමේ සේවාවේ සිට අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම සඳහාත් සනීපාරක්ෂාව හා පිරිසිදුකම පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම සදහා කටයුතු කරන අතර නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සමඟ ද…
ශ්‍රී ලංකා දේපළ වෙළෙඳාම් කර්මාන්තය තුළ මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, සන්කෙන් සමූහය යටතේ ඉදිවෙමින් පවතින මහල් 50කින් යුත් ද්විත්ව කුළුණු මිශ්‍ර නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Capitol TwinPeaks, 2021 වසරේදී නිම කිරීමට නියමිත ය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වර්තමානයේදී පණවා ඇති ආනයන සීමා 2021 වසරේදී යම් දුරකට ලිහිල් වනු ඇති බවට ලංකා වාණිජ…
වාර්තමානයේ කාගේත් අවධානය යොමුවී ඇත්තේ COVID-19 රෝග ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙනි. මහජනතාවට එන්නත් ලබාදීම ඇතුළුව, නව කොරෝනා වයිරසය රටින් තුරන් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. එහෙත් මේ දුෂ්කර සමයේ ජනතාවගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුවී ඇති බවක් නොපෙනේ. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන්,…
ශ්‍රී ලංකාවේ දැනට සිදු කරමින් පවතින COVID-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහනට පුද්ගලික අංශයේ සුව සේවකයින්ද ඇතුළත් කරගැනීමට මෑතකදී රජය විසින් ගනු ලැබූ තීරණයට සිය ප්‍රසාදය පළ කරන බව පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) පවසා සිටී. ඉදිරි සති කිහිපය තුළ දී තවත් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් කරන APHNH සුව සේවකයින්, සෞඛ්‍ය පරිපාලකයින් හා…
Digital Imaging & Printers පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ඩිජිමැක්ස් ප්‍රදර්ශනාගාරය පසුගියදා විවෘත විය. සියලූම වර්ගයේ මුද්‍රණ කටයුතු එකම වහලක් යටින් සිදුකර ගතහැකි වීම මෙම සේවා මධ්‍යස්ථානයෙහි විශේෂත්වයකි. මෙම නවතම ඩිජිමැක්ස් ප්‍රදර්ශනාගාරය අංක 182/1 හොරණ පාර කැස්බෑව යන ලිපිනයෙහි පිහිටා ඇත. අභිනව ඩිජිමැක්ස් ප්රදර්ශනාගාරයෙහි සමාරම්භයට සමගාමීව ජපානයේ ෆූජි ෆිල්ම් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම නියෝජිතවරයා…
ධනාත්මක සේවා පරිසරයක් සිය සේවකයින්ට ලබා දීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC අඛණ්ඩව සිව්වන වසරටත් මෙරට සේවය සඳහා සුදුසුම විශිෂ්ටතම ආයතන 40 අතරට එක් වීමට සමත්විය. Best Workplaces සම්මාන උළෙල ජනවාරි 21වන දින හිල්ටන් හෝටලයේදී පැවති අතර මෙහිදී Extra Large Enterprise Category කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් පසුගියදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ශල්‍ය උපකරණ හා අත්‍යාවශ්‍ය උපාංග ප්රදානය කිරීමට කටයුතු කරනු ලැබීය. දෛනිකව රෝගීන් විශාල පිරිසකට සෙත සලසන ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට…
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් නිවසේ සිට අධ්‍යාපන හා කාර්යාල කටයුතු කර ගැනීමට අවශ්‍ය Data සැලසුම් රැසක් පසුගියදා හඳුන්වා දෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු වලට සරිලන විසදුම් ලබා දෙන හච්, වැඩිවෙමින් පවතින මුලික අවශ්‍යතාවක් වන ඔන්ලයින් පන්ති සහ දේශන වලට…
පාසල් දරුවන් අතරේ අධ්‍යාපනික විශිෂ්ටතාව උදෙසා සහයවීම වෙනුවෙන් මානවහිතවාදියකු වන ධම්මික පෙරේරා සහ ඔහුගේ බිරිද ප්‍රිසිලා පෙරේරා විසින් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් කරමින් ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් මෙරට දූ දරුවනට දායාද කරන ලදී. මෙම වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් DP Education Digital Classroom නමින් ඉකුත් පෙබරවාරි 16 වැනිදා ගාල්ල ඇලෝසියස් විදුහලේදී…
Top News
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන්…
මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ විශාලතම කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණ තිබේ. මේ බව තහවුරු කරමින් CTCLSA කොටස් තැරැව්කාර සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, සිය සේවාදායකයා වන Ayenka Holdings Ltd විසින් සම්පත් බැංකුවේ, කොටස් මිලියන 38.14 ක් හෙවත් 10%…
ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ…
යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම හා සම්බන්ධ සහයෝගීතා ව්‍යාපෘතියක් යුරෝපා සංගමය විසින් මූල්‍යාධාර සැපයූ මෙම ව්‍යාපෘතිය පසුගිය වසර 4ක කාලය පුරා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරමින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීමටත්, යුරෝපීය වෙළඳපොළ හා කලාපීය රටවල වෙළඳපොළට පිවිසීමට ඉඩප්රස්ථා හිමිකර දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC)…
කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි. අද (03) කඩුවෙල රණාල මැටි ආශ්රිත කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එම ගම්මානයේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් රණාල මහින්දාරාමයේ පැවති ජාතික ශිල්ප සභාව සංවිධානය කළ රැස්වීම අමතමින් ඒ…
මැණික් සහ ස්වර්ණාභරණ අපනයන පිලිබඳ කාර්යසාධක බලකායේ පළමු රැස්වීම මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මහබැංකු පරිශ්‍රයේදී අද (03) පැවැත්විණි . ලංකාවේ පැරණිතම අපනයන භාණ්ඩයක් වන මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ ඇති ගැටළු රාශියක් පිලිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡවට ලක් වූ අතර ඉඩම්, මැණික් පතල් , මැණික් කැපීම, සහතික…
ජාත්‍යන්තර සන්නාමයන්ගේ බිස්කට් වර්ග 5 ක් හා චොකලට් වර්ග 3 ක් නව රැකියා 1,500 ක් දර්ශනීය කොකෝවා වගාවක් කාර්මාන්තශාලාවේ ධාරිතාවය, ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අවශ්‍යතාවයට සමානයි ශ්‍රී ලංකාවේ වාර්ෂික බිස්කට් සහ චොකලට් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාලිය හැකි ආකාරයේ දැවැන්ත නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා මූලික වැඩකටයුතු මේ වන විට ලහිලහියේ සකස් වෙමින් පවතී. හෝමාගම කිරිවත්තුඩුව මූණමලේ ප්‍රදේශයේ…
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය හා රැකියා උත්පාදනය උදෙසා ණය පහසුකම් සැලසීම සඳහා වන ස්වශක්ති ණය යෝජනා ක්‍රමය සංශෝධනය කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස 2020 ඔක්තෝබර්…
Analysis
කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවන භාගයේ දී සියයට 4.6ක වාර්ෂික වර්ධනයක් සමඟ 145.2ක අගයක් වාර්තා කළේ ය. එසේ වුව ද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යෑමේ ප්රවණතාවට අනුකූල විය. තව ද, 2020 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2020 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට…
2021 පෙබරවාරි මස 18 වන දින මුදල් මණ්ඩලය විසින්, අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම හා එකී මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීමට අදාළ රීති ප්‍රකාශයට පත් කළ අතර, මේ සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් බලපත්‍රලාභි බැංකු වෙත නිකුත් කරන ලදී. අපනයන මගින් උපයන ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දැනට…
උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත පිළිබඳ නිති අසන ගැටළු සඳහා පිළිතුරු ලබා දීමක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින මීට පෙර සිදුකරන ලදී. 2020 අංක 03 දරන මුදල් නීති පනත් විධානය සම්බන්ධව 2020 දෙසැම්බර් 22 දින නිකුත් කළ 2020 අංක 05 දරන නිති අසන පැන සඳහා පිළිතුරු යාවත්කාලීන කරමින්…
Biz 24x7
Video story