රජය නොදුටු පොදු ජනතාවගේ රෝද තුනේ ජීවිතය

    November, 17, 2016

    විශ්‍රාමික ලීසිං උපදේශක - ජී.කේ.එස්. ඒකනායක විසිනි

    මෙවර අයවැය යෝජනා තුළින් තී‍්‍ර රෝද රථ කර්මාන්තය ආශ‍්‍රයෙන් සිය ජීවිකාව ගෙන යන මෙරට ජනගහනයෙන් 1/3 ක් පමණ වන සාමාන්‍ය ජනතාව මත පනවා අසාධාරණ පීඩනයක් පටවා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප‍්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන තී‍්‍ර රෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය ජනතාවගේ ජීවිතවලට මහත් අනිටු බලපෑම් ඇතිකරනවා නොඅනුමානය. තී‍්‍ර රෝද රථ පැදවීම සිය රැුකියාව කරගත් ප‍්‍රජාව වෙත සමාජයේ වපර ඇහැ එල්ල වුවත් මෙරට ජනගහණයෙන් තුනෙන් එකක් දෛනිකව තී‍්‍ර රෝදවලට ගොඩ වෙති. කෙතරම් නුගුණ කීවත් කවදත් අපට සහයෝගය දක්වන වාහනයකි තී‍්‍ර රෝද රථය.

    2016-2017 මූල්‍ය වර්ෂය සඳහා යෝජිත ජාතික අයවැය, පසුගියදා ශී‍්‍ර ලංකා රජය විසින් ඉදිරිපත් කළේය. එහි සඳහන් යෝජනා බොහෝ මතභේද සහ ගැටලූ මෙරට දේශපාලන පාර්ශව අතර මෙන්ම සාමාන්‍ය මධ්‍යම පන්තියේ වාහන මිලදී ගන්නන් අතර ද ඇතිකර තිබේ. තී‍්‍ර-රෝද රථ ‘අගය කිරීම සඳහා ණය‘ (LTV – Loan to Value Ratio) අනුපාතය 30% සිට 75% ක් දක්වා වැඩි කිරීමට රජය ගෙන තිබෙන තීරණය මගින් තී‍්‍ර-රෝද රථ මිලදීගන්නා පාරිභෝගිකයන් මහත් පීඩාවට පත්ව ඇත.

    මීට පෙර ආසන්න වශයෙන් 650,000.00 ක් වටිනා තී‍්‍ර රෝද රථයක් මිලදී ගන්නා අවස්ථාවේදී තී‍්‍ර රෝද රථයේ සමස්ත වටිනාකමෙන් 30%ක් එනම් ලක්ෂ 2 ක මුදලක් පමණක් ගෙවිය යුතුව තිබූ අතර ඉතිරි 70% කල් බදු පහසුකමක් යටතේ දරාගත හැකිය තිබුණි. නමුත් මෙම අරුම පුදුම අයවැය යෝජනා සමගින් එය සම්පූර්ණයෙන් වෙනස් කර කල් බදු පහසුකම බදු 25% ක් දක්වා අඩුකර එයට අමතරව නිෂ්පාදන බදු සහ කාබන් බද්ද විමෝචන පරීක්ෂණ ගාස්තුව ද ඇතුළත් වන 15% ක බද්දක් පනවා තිබේ. මෙම තත්වය නිසා අනාගතයේ දී තී‍්‍ර රෝද රථයේ වටිනාකමෙන් 75% ක් එනම් රුපියල් ලක්ෂ 5ක ට වඩා වැඩි දරාගත නොහැකි මූලික ගෙවීමක් ගනුදෙනුකරුවාට කිරීමට සිදුවේ. එයින් කරන්නට යන්නේ පොඩි මිනිහාගේ පවුලේ වාහනය ගැනීමට තිබූ ආසාවන් සහ අපේක්ෂාවන්ට කන කොකා හැඩලීමයි.

    පොඩි මිනිහාගේ වාහනය ලෙස හැඳින්වෙන තී‍්‍ර රෝද රථය මගින් රෙදි පිළි, ආහාර වර්ග ආදිය පොළෙන් පොළට හෝ දොරින් දොරට ගොස් විකුණන ස්වයං රැකියාවන්හි නිරතවන පුද්ගලයින්, තී‍්‍ර රෝද රථ පදවා ආදයම් ලබන බොහෝ පවුල් වෙත මෙවන් යෝජනා මගින් විශාල තර්ජනයක් වනු ඇත.
    අඩු මුදලකින් ප‍්‍රවාහන පහසුකම් ලබාගත හැකි එකම ප‍්‍රවාහන මාධ්‍යය ලෙස ප‍්‍රචලිත තී‍්‍ර රෝද රථය , සෘජු සහ වක‍්‍ර එහි සියලූ යැපෙන්නන් සැපයුම් සේවා සපයන්නන්, අමතර කොටස් නිෂ්පාදකයන් සහ අලෙවි නියෝජිතයන් මෙන්ම මෙහෙයුම් සමාගම් යන මෙරට ආර්ථිකයේ විශාල කොටසක් මින් අගතියට පත් වනු ඇත.

    එමෙන්ම මෙම වාහන ගෙන්වන ආයතන හා කටයුතු කරන සැපයුම්කරුවන් (ගැල් හා ප‍්‍රවාහන සේවා, දැන්වීම් කරණ සේවා, මාධ්‍ය, ලීසි හා බැංකු, ආදී කොතෙකුක් සැපයුම්කරුවන්) මෙම යෝජනාවත් සමඟ අභාග්‍ය සම්පන්න වූ ඉරණමකට මුහුණ දෙනු ඇත.

    ඒ අනුව මෙම පීඩනය හරහා ඇතිවන සෘණාත්මත් ප‍්‍රතිඵල බූමරංගයක් සේ සමස්ත සමාජයටම දැනෙනු ඇත. මන්ද වසර 40 කටත් වඩා කාලයක් තිස්සේ ජනතාව වෙත ළං වූ මෙම වාහනයට එක පහරෙන්ම අධෛර්යමත් කරන්නට මෙසේ කැප කැවීම ප‍්‍රයෝගිකය සිතා බලන කළ කර්මාන්ත රැුසකට මරු පහරක් එල්ල කරන අතරම එහි විපාක සමස්ත ආර්ථික කි‍්‍රයාවලියටම ගෙන එනු ඇත.

    මෙම සියලූ කරුණු එසේ තිබියදීත්, වත්මන් රජය නව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් එම කණගාටුදායක තත්වය නොදැක්කා සේ සිටියි. ශී‍්‍ර ලංකා රජය තී‍්‍ර-රෝද රථ වෙනුවට වෙනත් විකල්ප ප‍්‍රවාහන මාධ්‍ය දිරිගන්වනු ඇතැයි අනාවරණය වී තිබේ. නමුත් එවන්නක් දැනට හදුන්වා දීමටත් පෙර තී‍්‍ර රෝද රථ ජනතාවගෙන් ඈත් කිරිම පොදු ප‍්‍රවාහන සේවාව ඉතාමත් පහළ තත්වයේ පවතින අප වැනි රටක් තුළ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ අවුල් වියවුල් කරනවා ඇත.

    ඕනෑම මධ්‍යම සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාවගේ පළමු තේරීම තී‍්‍ර රෝද රථයක් හෝ මෝටර් සයිකලයක් හිමිකර ගැනීම වනනිසා එහි අධික මිල වැඩි වීමගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා සේය.

    එමෙන්ම මෙම තීරණයෙන් හෝ යෝජනාවෙන් තත්වය තේරුම් නොගෙන වගේම තී‍්‍ර රෝද රථ වලින් තොර ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයක් දකින්නට බලා සිටින අයට කියන්නට ඇත්තේ කනත් එක්ක තියෙන තරහය නහය කපා ගත්තොත් වෙන්නේ කුමක් දැයි සිතා බලන ලෙසයි.