Lead Story
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශයේ ඒකක 23,812.31ක් දක්වා ඒකක 88.58ක පහළ යාමක් වාර්තා වූ අතර S&P SL20 දර්ශකයේ ඒකක 6,641.15ක් දක්වා ඒකක14.51ක පහළ යාමක් වාර්තා වුණි. සියලු කොටස් මිල දර්ශකයට අනුව 2026 ජනවාරි මාසය තුළ දී කොටස් වෙළෙඳපොළේ 5.25%ක වර්ධනයක් සිදුව…
Featured
සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක් ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව…
නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න මහතා ප්‍රධාන ඩිජිටල් නිලධාරී ලෙසත් පත් කෙරේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life විසින් පසුගියදා සිය විධායක කණ්ඩායම සඳහා නව පත්වීම් දෙකක් සිදුකරන ලදි. ඒ අනුව නාමලී ඒ. සිල්වා මහත්මිය ප්‍රධාන ව්‍යාපාර නිලධාරිනිය ලෙසත්, ශංකර් ධර්මරත්න…
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී) සමාගමේ නව ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ලෙස ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය පත් කර තිබේ. ඉන්ද්‍රේෂ් පුවිමානසිංහ ප්‍රනාන්දු මහත්මිය විවිධ ක්ෂේත්‍ර තුළ මූල්‍ය, මෙහෙයුම්, සැපයුම් දාම කළමනාකරණ සහ ඩිජිටල් පරිවර්තන යනාදී අංශවල වසර 33 කට අධික පළපුරුද්දක්…
අලියාන්ස් සමාගම, Interbrand Best Global Brands 2025 ශ්‍රේණිගත කිරීම් අනුව නොකඩවා සත්වන වරටත් ලොව අංක 1 රක්ෂණ සන්නාමය බවට පත්ව ඇත. මෙම වසරේදී අලියාන්ස්, ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සන්නාම වටිනාකම සහ ශක්තිමත්ම වර්ධනය ළඟා කර ගනිමින්, සිය සන්නාම වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 23.5 සිට අමෙරිකානු ඩොලර් බිලියන 28.2 දක්වා 20% කින් ඉහළ නංවා ගැනීමට සමත්…
කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ප්‍රාදේශීය ලේකම්…
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා…
ශ්රී ලාංකික විලාසිතා ශිල්පීන්ගේ මීළඟ පරම්පරාව බල ගැන්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Singer Fashion Academy, මෙරට විලාසිතා ක්ෂේත්‍රය ආශ්‍රිත නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ දක්ෂතා වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ ‘En Vogue 2026’ ප්‍රදර්ශනය පසු ගිය දා අති සාර්ථක ව පැවැත්විණි. දෙවන වරටත් පවත්වන ලද මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විලාසිතා අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය…
සෙලින්කෝ ලයිෆ් හි නව උපදේශකවරයෙකු ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් කර ඇති අතර, එමගින් සමාගමේ හැකියාවන් වර්ධනය කිරීම, පුහුණු විශිෂ්ටත්වය, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උපායමාර්ගික අරමුණු තවදුරටත් ශක්තිමත් කර ඇත. සිය නව තනතුර යටතේ ආචාර්ය සේනානායක මහතා මූලික වශයෙන් සෙලින්කෝ ලයිෆ් හි පුහුණු කටයුතු අධීක්ෂණය සමඟ පුහුණු කණ්ඩායම…
සෙලාන් බැංකුව උතුරු මැද පළාතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවැනි වැඩසටහන පසුගියදා පොළොන්නරුව මහනුග හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට තම ව්‍යාපාර හොඳින් කළමනාකරණය කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා පුහුණුව ලබාදීම මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වී…
ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හි වසරේ විශිෂ්ටතම උත්සවය වන Star Awards 2025 උළෙල පසුගියදා කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. “Rise of the Legends” මෙම වසරේ තේමාව විය. “Rise of the Legends” තේමාව, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හිි අලෙවි බලකායේ කැපී පෙනෙන දස්කම් සංකේතවත්…
Top News
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ‍්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.1ක් දක්වා ඉහළ ගියේය. මෙම මාසය මුල අයහපත් කාලගුණික තත්ත්වයන් ආශ්‍රිත බාධාවන් පැවතියද, බොහෝ සමාගම් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළහ. දෙසැම්බර් මාසයේ දී නව ඇණවුම් දර්ශකය තවදුරටත් ඉහළ ගියේය. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් රාජ්‍ය අංශයේ…
අඛණ්ඩව මාස තුනක් නොවෙනස්ව පැවති කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජනවාරි මාසයේ දී 2.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 දෙසැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය වාර්තා වූයේ 2.1% ක් ලෙසයි. 2026 ජනවාරි මාසයේ දී ආහාර…
පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍රයෙන් ඉහළ ගිය රන් මිලෙහි පහළ යාමක් අද දිනය තුළ දී වාර්තා වී තිබේ. ඒ අනුව ශ්රී ලංකා වේලාවෙන් අද මධ්‍යහ්නය වන විට ගෝලීය රන් අවුන්සයක මිල ඩොලර් 5,150 මට්ටම දක්වා පහළ ගොස් තිබුණි. ඒ ඊයේ (29) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ගෝලීය රන් මිල ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබුණු…
ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව 2026 ජනවාරි 22 දින ඩුබායි නගරයේ පැවැත්වූ “Invest Sri Lanka” ආයෝජක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත් කරන ලදී. මෙම උපායමාර්ගික මැදපෙරදිග සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වූයේ ජාත්‍යන්තර ආයෝජකයින් වෙත ශ්රී ලංකාව ආකර්ෂණීය නැගී එන වෙළෙඳපොළක් (Frontier Market) ලෙස හඳුන්වාදීමයි. මෙම සම්මන්ත්‍රණය මඟින් ජාත්‍යන්තර…
Sip to fit ජංගම දුරකථන යෙදුම එළිදැක්වීම පසුගියදා (28දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී සිදු කෙරුණි. මෙය Hydration App එකක් වන අතර, මෙම ජංගම දුරකථන යෙදුම හරහා පුහුණු වීම්වල දි ක්‍රීඩකයෙකුගේ ශරීරයෙන් දහනය වී ඇති දාඩිය සමඟ කොපමණ ජල ප්‍රමාණයක් සහ සෝඩියම් ප්‍රමාණයක් පිටවී ඇත්දැයි දැනගත හැකිය. එමෙන්ම ක්‍රීඩකයන්ගේ පෝෂණය…
ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell මහත්මිය අද (29) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියාය. බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී සිදුවූ මෙම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය එළඹෙන පෙබරවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිත බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. ඊයේ (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවති හමුවක දී ඒ මහතා මේ බව පවසා තිබේ. “අපගේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලබන මාසයේ කොළඹට පැමිණෙනවා. ශ්රී ලංකාවේ…
LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ කථන චලනයන් අනුකරණය කරමින්, AI තාක්ෂණය උපයෝගී කර සෑදූ ව්‍යාජ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පැවතීම සම්බන්ධයෙන් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ. මූල්‍ය ආයෝජන සඳහා ආරාධනා කිරීමක් සිදුකෙරෙන මෙම ව්‍යාජ වීඩියෝවල අන්තර්ගතයන් සත්‍ය ඒවා නොවන බව LOLC සමූහය අවධාරණය කර…
Analysis
LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ. එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක…
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2025 තෙවන කාර්තුවේ දී 49.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර සිටී. මෙම ප්‍රමාණයෙන් 68.6%ක් පිරිමි පුද්ගලයින් වන අතර 33.9% ක් කාන්තාවන් වේ. 2024 තෙවන කාර්තුව වන විට 46.9% ක් ලෙසින් දැක්වුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය මෙලෙස මාස…
අසේල වෛද්‍යලංකාර දශක ගණනාවක් පුරා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය ක්ෂේත්‍රයන්හි නව්‍යකරණයක් සමඟින් තාරුණ්‍යය වෙත ගෙන ඒමට STEM සමත්ව සිටියි. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසකට මඟ පෙන්වන STEM නව සොයා ගැනීම් පිළිබඳව තාරුණ්‍යය දිරිමත් කරමින් ආර්ථික වර්ධනයේ සුවිශේෂී සාධකයක් වන දැනුම පදනම් කරගත් ලෝකයක තරඟ කිරීමේ අවස්ථාව ඔවුන් වෙත උදා…
Biz 24x7
Video story