Top News

සතියක් තුළ රු. බිලියන 186ක් කොටස් වෙළෙඳපොළෙන් හේදිලා යයි

දවස් 5ක් එක දිගට පහළට ආයෝජකයින් හට ගෙවී ගිය සතියේ ගනුදෙනු දින පහ පුරාවටම කොළඹ කොටස් වෙළෙඳපොළ හිතකර ස්ථානයක් නොවීය. ඒ සතියේ දින පහ තුළ අඛණ්ඩවම කොටස් වෙළෙඳපොළ පහළ යාමක් වාර්තා වූ බැවිනි. සතිය ආරම්භයේ දී (19) ඒකක 20,185.05ක් ලෙසින් සටහන්ව තිබූ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (23) දින ගනුදෙනු අවසානයේ දී වාර්තා වූයේ ඒකක…

(0)Comments | October 24, 2026 2:55 pm

ඇමති වසන්ත ලන්ඩනයේ දී UK ව්‍යාපාරික ප්‍රජාව අමතයි. මෙරට ආයෝජනයට එක්වන්නැයි ආරාධනා

“ශ්‍රී ලංකාවේ නැවත නැඟී සිටින ආර්ථිකය තුළ ආයෝජනය කිරීමට එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයන්ට විශිෂ්ට අවස්ථාවක්” ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික නායකයින් සහ ආයෝජකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ ව්‍යාපාරික සහ ආයෝජන සංසදය (Business & Investment Forum) ලන්ඩන් නුවරදී සාර්ථකව නිමාවට පත්විය. මෙම සමුළුව අමතමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා…

(0)Comments | October 24, 2026 12:14 pm

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම මෙරට ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති අවධාරණය කරයි

ඩොලර්වලින් ණය ගැනීමකින් තොරව දේශීය (භාණ්ඩාගාර) අරමුදල්වලින් පමණක් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ආරම්භ කර තිබෙන බවත්, මෙවර ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1330ක සිට ලබන වසර සඳහා රුපියල් බිලියන 2000 (ට්‍රිලියන 2) දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එසේම ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර් සඳහා වන තෙරපුම වැඩි වන…

(0)Comments | October 24, 2026 11:49 am

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් නම් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ නව්‍යෝත්පාදකයා ලෙස සිය ස්ථානය නැවත තහවුරු කර ගනිමින්, කොමර්ෂල් බැංකුව 2026 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන තුනකින් පිදුම් ලබා ඇත. සිංගප්පූරුවේ රැෆල්ස් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේ දී බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික ඩිජිටල් බැංකුව, හොඳම ජංගම බැංකුකරණ යෙදුම, සහ වඩාත් ම නව්‍ය ඩිජිටල් බැංකුව යන සම්මාන දිනා…

(0)Comments | October 23, 2026 2:40 pm

රු. මිලියන 51 ක මුදල් ත්‍යාග සහ 6,000 කට අධික ජයග්‍රාහකයින් සමඟ LankaQR ජාතික ‘වාසනා දිනුම් ඇදීම’ ආරම්භ කෙරේ

ජයග්‍රාහකයෙකුට රුපියල් මිලියනයක් දක්වා වන සතිපතා සහ මාසික මුදල් ත්‍යාග ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ වැඩසටහන සිය ‘වාසනා දිනුම් ඇදීම’ (Lucky Draw) ළඟදීම ආරම්භ කිරීමට සූදානම් වන අතර, එහි පළමු දිනුම් ඇදීම් 2026 ඔක්තෝබර් 27 වන දින පැවැත්වීමට නියමිතය. ලියාපදිංචියකින් තොරව රට පුරා පැවැත්වෙන මෙම දිනුම් ඇදීම මගින් ගනුදෙනුකරුවන් සහ වෙළඳුන් යන දෙපිරිස විසින්ම LankaQR…

(0)Comments | October 23, 2026 2:38 pm

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සහ ආර්ථික සවිබල ගැන්වීම උදෙසා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික අන්තර්ග්‍රහණය සහ සුභසාධනය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන ඇත. මෙම මූල්‍යාධාරය ඩොලර් මිලියන 50 ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් (policy-based loan) සහ ඩොලර් මිලියන 50 ක ව්‍යාපෘති ණයක් (project loan) ලෙස කොටස් දෙකකින් සමන්විත…

(0)Comments | October 23, 2026 8:27 am

කොටස් වෙළෙඳපොළ ඒකක 209කින් පහළට

මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (22) දිනයේ දී වාර්තා විය. අද දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 209.38ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 19,717.92ක් ලෙසින් සටහන්ව තිබුණි. දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක…

(0)Comments | October 22, 2026 4:51 pm

කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ – ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයි

කොළඹ කොටස් වෙළඳපොළේ තාවකාලික උච්ඡාවචනයන් දක්නට ලැබුණද, එහි කිසිදු අස්ථාවරත්වයක් නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අද (22) පෙරවරුවේ දී  පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කලින් කලට කොටස් වෙළඳපොළවල තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි අතර, එය විශේෂයෙන්ම පොලී අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් සිදුවන්නක්…

(0)Comments | October 22, 2026 4:19 pm

2030 දී කොළඹට International Gem Hub එකක්

කොළඹ කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර මට්ටමේ මැණික් ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් (International Gem Hub) ඇතුළු පර්යේෂණ සහ රසායනාගාර පහසුකම් සහිත මධ්‍යස්ථානයක් 2030 වන විට බිහි කරනවා – කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කර්මාන්ත හා ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ (GJRTI) 2026 වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ඊයේ (21)…

(0)Comments | October 22, 2026 10:29 am

ජාතික උද්ධමනය තවමත් 8.1% මට්ටමේ

2026 සැප්තැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI, පදනම් වර්ෂය 2021=100) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට (Year-on-Year) උද්ධමනය, 2026 අගෝස්තු මාසයේ වාර්තා වූ 8.1% මට්ටමේම තවදුරටත් නොවෙනස්ව පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2026 අගෝස්තු මාසයේ පැවති 6.6% සිට සැප්තැම්බර් මාසයේදී 6.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර දර්ශකය…

(0)Comments | October 21, 2026 4:43 pm