Top News

2027 ප්‍රාග්ධන වියදම් 24.7% කින් ඉහළ යද්දී රජයේ සමස්ත වියදම රු. ට්‍රිලියන 4.99 දක්වා ඉහළට

2027 විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට ඉදිරිපත් කර තිබේ. ඊට අනුව ශ්‍රී ලංකාවේ 2027 වසර සඳහා වන මුළු රාජ්‍ය වියදම 2026 වසරේ පැවති රුපියල් ට්‍රිලියන 4.434 සිට 12.6% කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 4.993 දක්වා ප්‍රසාරණය වීමට නියමිතය. Ernst & Young (EY) ශ්‍රී ලංකා ආයතනය විසින් ප්‍රකාශිත 2027 විසර්ජන පනත් කෙටුම්පත් විශ්ලේෂණයට අනුව, රජයේ ඉදිරි…

(0)Comments | October 19, 2026 10:42 am

රෝගියෙකුගේ මරණයක් සම්බන්ධ සිදුවීමක් ගැන ආසිරි සෙන්ට්‍රල් මෙසේ කියයි

ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදුවූ රෝගියෙකුගේ මරණයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් එම රෝහල විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. ආසිරි සෙන්ට්‍රල් රෝහලෙන් නිකුත් කරන නිල නිවේදනයයි ගරු මහජනතාව වෙත, ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිදුවූ මරණයක් සම්බන්ධයෙන් මෑතකදී පැතිර යන විවිධ මත සහ මෙම සිදුවීමට අදාළව…

(0)Comments | October 17, 2026 7:37 pm

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් ඔරොත්තු දෙන කෘෂි ආහාර පද්ධති ගොඩනැගීම සඳහා තරුණ නවෝත්පාදකයන් බලගැන්වීමට එක් වෙති

දිත්වා (Ditwah) සුළි කුණාටුව නිසා ඇති වූ විනාශකාරී බලපෑම් සහ එල් නිනෝ (El Niño) තත්වය නිසා වන අපේක්ෂිත බලපෑම් වැනි දේශගුණික අවදානම් රැසකට ශ්‍රී ලංකාවේ කෘෂි ආහාර පද්ධති මේ වන විට මුහුණ දෙමින් පවතී. මේ හේතුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම, සකස් කිරීම, බෙදා හැරීම සහ පරිභෝජනය කරන ආකාරය තුළ ඉහළ ඔරොත්තු දීමේ හැකියාවන් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක්…

(0)Comments | October 17, 2026 6:36 pm

රාජ්‍ය ආදායම් රැස් කරන ප්‍රධාන ආයතනවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණ ප්‍රගතිය සමාලෝචනයට

මෙරට රාජ්‍ය ආදායම් රැස් කරනු ලබන ප්‍රධාන ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මෙරට රාජ්‍ය ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛතම ආයතන වන…

(0)Comments | October 16, 2026 4:14 pm

ආයෝජකයින් සනසාලමින් ASPI යළි විසිදහස පසුකරයි

දින කිහිපයක් පුරාවට වාර්තා වූ පසුබැස්මකින් පසු අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 213.90ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගනිමින් යළිත් වතාවක් ඒකක විසිදහසේ සීමාව ඉක්මවා යාමට අද දින සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක…

(0)Comments | October 16, 2026 4:10 pm

ලෝක බැංකු සහාය ලැබෙන ශ්‍රී ලංකාව ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය පිළිබඳ සාකච්ඡාවක්

ලෝක බැංකුවේ සහාය ලබන ශ්‍රී ලංකාවේ ගෝලීය ගමනාන්ත අලෙවිකරණ සහ සන්නිවේදන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්විණි. ගෝලීය සංචාරක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මෙම මුලපිරීම, දිගු කලක් පුරා පැවති බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වීමක් වේ. රැස්වීම අතරතුර, සංචාරක ඉල්ලුම සහ සැපයුම් ප්‍රවණතා, සංචාරකයන්ගේ පැමිණීම්, ගමනාන්ත සන්නාමකරණය සහ ජාත්‍යන්තර අලෙවිකරණ…

(0)Comments | October 16, 2026 2:01 pm

වංචාවක් ගැන ධම්මික පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්

කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද සහ විකෘති කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත්, එම වීඩියෝවල ධම්මික පෙරේරා මහතා ආයෝජන යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන බවට අසත්‍ය ලෙස කරුණු නිරූපණය කර ඇති බවත්, ධම්මික පෙරේරා මහතාට මෙම වීඩියෝ, ඒවා ප්‍රචාරය කරන වේදිකා හෝ එහි සඳහන් ප්‍රකාශ සමඟ කිසිදු සම්බන්ධතාවයක්…

(0)Comments | October 16, 2026 1:49 pm

කොළඹ වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 17ක මූල්‍ය ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික්.එස් මේයර් (Mr.Eric.S.Meyer) මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්‍රයට පැමිණි අතර එහිදී තානාපතිවරයා ප්‍රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්‍යස්ථානය (Pilot Station) වෙත පැමිණෙන ලදී. වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්වරුන් විසින් පිළිගනු එම අවස්ථාවේ දී මෙරට එක්සත් ජනපද තානාපති එරික්.එස්…

(0)Comments | October 16, 2026 1:26 pm

ශ්‍රී ලංකාවේ GovPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය IMF ඇගයීමට

ශ්‍රී ලංකාවේ වේගවත්ව ව්‍යාප්ත වන ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතිය, රාජ්‍ය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, මූල්‍ය පාරදෘශ්‍යභාවය වර්ධනය කිරීම සහ රාජ්‍ය මුදල් පරිපාලනය ශක්තිමත් කිරීම උදෙසා දැක්වූ සුවිශේෂී දායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිරීක්ෂණයට සහ ඇගයීමට ලක්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරන ලද ‘Shaping the Future of Asia: Opportunities and Challenges’ නැමැති නවතම වාර්තාව…

(0)Comments | October 16, 2026 11:02 am

හොරණ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට අධික ආයෝජනයක්

ඉන්දියාවේ Zydus සහ ශ්‍රී ලංකාවේ Sunshine Healthcare එක්ව මෙරට ඖෂධ නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කිරීමට සැරසෙයි ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ජීව විද්‍යා හා ඖෂධ සමාගමක් වන Zydus Lifesciences Limited සහ ශ්‍රී ලංකාවේ Sunshine Holdings PLC සමූහයට අයත් Sunshine Healthcare එක්ව පිහිටුවීමට යෝජිත Zydus Sunshine Lifesciences (Pvt) Ltd සමාගම, හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම…

(0)Comments | October 16, 2026 10:01 am