October, 16, 2026
ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික්.එස් මේයර් (Mr.Eric.S.Meyer) මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්රයට පැමිණි අතර එහිදී තානාපතිවරයා ප්රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්යස්ථානය (Pilot Station) වෙත පැමිණෙන ලදී. වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්යය අනුර කරුණාතිලක, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක යන මහත්වරුන් විසින් පිළිගනු එම අවස්ථාවේ දී මෙරට එක්සත් ජනපද තානාපති එරික්.එස් මේයර් මහතාව පිළිගන්නා ලදී.
ඉන්පසු නියමු නාවික මධ්යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණු තානාපතිවරයා, නැගෙනහිර පර්යන්තයේ (ECT) පරිපාලන ගොඩනැඟිලි පරිශ්රයේදී විශේෂ මාධ්ය හමුවකට ද සහභාගී විය. සිය චාරිකාව අතරතුර කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 17ක මූල්ය ප්රදානයක් ලබා දෙන බව නිවේදනය කර සිටියේය.
එහිදී ඇමරිකා තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම තුළින් භාණ්ඩ වරාය මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් දෙරටේ ආර්ථිකයන් වඩාත් ශක්තිමත් කිරීමට දායක වන බව තානාපතිවරයා ප්රකාශ කළේය. ඔහු වරාය නිරීක්ෂණය තුළින් ගෝලීය වෙළඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.
මාධ්ය හමුවට එක්වුණු විෂයභාර අමාත්යවරයා අදහස් දක්වමින්, මූල්ය ප්රදානය වෙනුවෙන් ඇමරිකා රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජයේ තුති ප්රණාමය පුද කරනු ලැබුවේය. එම ආධාර මුදල, නාවික තනි කවුළුව සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සඳහා යොදා ගැනීමට හැකිවන අතර, එමඟින් වරාය මෙහෙයුම් ලබාගන්නා සියල්ලන්ට එය මහෝපකාරී වන බව ද ප්රකාශ කළේය.
වරාය අධිකාරියේ සභාපතිවරයා ද මාධ්ය හමුවට අදහස් දක්වමින්, මේ වසරේ බහාලුම් මිලියන 09ක් මෙහෙයවීමට අපේක්ෂා කරන බවත්, ඉන් 80% පමණ ප්රතිනැව්ගත කිරීම් බව ද ප්රකාශ කළේය. ප්රතිනැව්ගත කිරීමේ බහාලුම් මෙහෙයවීම තුළින්, ගෝලීය වෙළඳාමට කොළඹ වරාය ලබාදෙන දායකත්වයේ වටිනාකම ඇමරිකා ඩොලර් බිලියන 250 කට අධික වන බව ද සභාපතිවරයා සඳහන් කළේය. එය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ඉතා විශාල දායකත්වයක් ද වේ. වරාය මෙහෙයුම් වලට සම්බන්ධ සියලු පාර්ශ්වයන් අතර සම්බන්ධතාව සහ තොරතුරු හුවමාරුව වැඩිදියුණු බව ද සභාපතිවරයා ප්රකාශ කළේය.
Video Story