Top News

HSBC සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමෙන් රැකියා 3,500 ක් අහිමි වීමේ අවදානමක්

HSBC Electronic Data Processing ලංකා (පුද්ගලික) සමාගම (HDPL), ඉහළ යන පිරිවැය සහ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන සිය ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර ඇත. HSBC බැංකුව මෙම වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකුකරණ (retail banking) ව්‍යාපාරයෙන් ඉවත් වීමෙන් පසුව ගත් තවත් තීරණාත්මක පියවරක් ලෙස මෙය දැක්විය හැකිය. HDPL…

(0)Comments | October 20, 2026 2:21 pm

ඩොලර් මිලියන 26.3ක ආයෝජනයක් ස්ථාපිත කිරීමට NIRDC, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග මැදිහත් වෙයි

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමග සම්බන්ධීකරණයෙන්, අගය එකතු කළ අපනයන නැඹුරු කුළුබඩු, ඔලියෝරෙසින්, සගන්ධ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන HDDES එක්ස්ට්‍රැක්ට්ස් (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර පරිපූරක ගිවිසුමක් (Supplementary Agreement) 2026.10.16 දින අත්සන් කරන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා ඇති NIRDC ඒකකයේ…

(0)Comments | October 20, 2026 1:54 pm

සේවක හිඟය හේතුවෙන් වතු සමාගම් නවීන තාක්ෂණය, දත්ත සහ වෙනස් ශ්‍රම බලකායක් වෙත යොමු වන අයුරු

ශ්‍රී ලාංකේය වැවිලි ක්ෂේත්‍රය මේ වන විට එළඹ ඇත්තේ පරිවර්තනීය යුගයකටය. ඊට විශේෂම හේතුව වන්නේ සේවක හිඟයයි. වැවිලි කර්මාන්තය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට නම් ප්‍රමාණවත් සේවක පිරිසක් සිටිය යුතුය. එසේ නොමැති වුවහොත් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු විය යුතුය. ඒ නිසාම අද වන විට වතු පාලනය, සම්පත් කළමනාකරණය සහ ඵලදායීතාවය පවත්වා ගන්නා…

(0)Comments | October 20, 2026 11:33 am

ශ්‍රී ලංකාවේ නැව් සඳහා වන පර්යන්ත ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය ආපස්සට යා යුතුද?

-Sean Van Dort විසිනි නැව් සමාගම්වල අතරමැදියන් පිරිසක්, වරායෙන් බහාලුම් බෑම් සහ පැටවීම් සඳහා අය කරන පර්යන්ත ගාස්තුව ප්‍රධාන නැව් ගාස්තුවෙන් වෙන් කර, පාරිභෝගිකයාගෙන් වෙනම අය කර ගැනීමට උත්සාහ කරමින් සිටිති.  වර්තමාන නීතියට අනුව මෙම සියලු ගාස්තු එකම ගාස්තුවක් ලෙස පැමිණිය යුතු අතර එය වෙනස් කර වෙනම ගාස්තු අය කිරීමට අවස්ථාව ලබා දීමෙන් සිදු වන්නේ…

(0)Comments | October 20, 2026 10:55 am

දේශසීමා වෙළඳ මූල්‍යකරණය සක්‍රීය කරමින් DFCC බැංකුව සහ ඉන්දියා එක්සිම් බැංකුව අතර සුවිශේෂී එකඟතාවක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින්, DFCC බැංකුව ඉන්දියානු අපනයන-ආනයන බැංකුව (India Exim Bank) සමග ප්‍රධාන වෙළඳ ණය ගිවිසුමකට එළඹ ඇත. ඉන්දියා Exim බැංකුවේ වෙළඳ උපකාරක වැඩසටහන යටතේ සිදුකෙරුණු මෙම ගිවිසුම මගින් දෙරට අතර සිදුවන වාණිජ හා වෙළඳ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ DFCC බැංකුවේ ධාරිතාව තවදුරටත් වර්ධනය වේ….

(0)Comments | October 20, 2026 10:20 am

අලුත් සතියක ආරම්භයේ දීම කොටස් වෙළෙඳපොළ ඒකක 125කින් පසුබසී

පසුගිය සතියේ අවසාන ගනුදෙනු දින දෙක තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළඳපොළ සමත් වුවද, මෙම සතියේ පළමු දිනයේ දීම මිල දර්ශකවල පහළ යාමක් අද (19) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.63කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 38.08ක පහළ යාමක් වාර්තා කළේය. එහිදී…

(0)Comments | October 19, 2026 6:13 pm

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්‍රියාත්මක කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය. ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ…

(0)Comments | October 19, 2026 5:11 pm

පසුගිය කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 67%කින් පහළට

2026 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල නිකුත් කිරීමට මෙරට බලශක්ති කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 2026 ජූලි – සැප්තැම්බර් කාර්තුවේ දී සමාගමේ ආදායම රු. බිලියන 70.35 සිට රු. බිලියන 97.311ක් දක්වා 24%ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළ ද මෙම කාර්තුව තුළ දී සමාගමේ විකුණුම් පිරිවැය රු….

(0)Comments | October 19, 2026 4:57 pm

2026 මුල් මාස 09 දී සංචාරකයින්ගෙන් ඩොලර් ලැබීම් 9.2%කින් පහළට

මෙම වසරේ මුල් මාස 09 තුළ සංචාරක කර්මාන්තය හරහා වාර්තා වී ඇති සමස්ත ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,245.2ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 185.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමඟම මෙලෙස මුල් මාස 09හි සංචාරක ඉපැයීම් මෙලෙස ඩොලර් බිලියන 2.2 සීමාව ඉක්මවා ගොස් ඇත….

(0)Comments | October 19, 2026 4:07 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම චීන යුවාන් ගෙවීම් පියවීම් බැංකු ශාඛාව විවෘත වෙයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය සබඳතා පහසු කරමින් සහ දෙරට අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ‘චීන යුවාන් (RMB) ගෙවීම් පියවීම් බැංකුව’ (RMB Clearing Bank) නිල වශයෙන් විවෘත කිරීම කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (ඔක්තෝබර් 15) වන දින කොළඹ දී පැවැත්විය. චීනයේ මහජන…

(0)Comments | October 19, 2026 2:19 pm