මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. 2026 වසරේ මැයි මාසයේ දී පූර්වෝපායික පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගය මෙන්ම ඒ…
අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (29) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 125.97කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී ඒකක 20,817.82ක් ලෙසින් එය සටහන් ව තිබුණි. දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 24.32කින් පහළ ගොස් ඒකක 5,896.40ක් ලෙසින් වාර්තා විය. අද දින දැකගත…
Keells සඳහා ‘නැවුම් බව’යනු හුදෙක් සුපිරි වෙළඳසැල් නිෂ්පාදන සඳහා සීමා වූවක් නොවේ. එය වසර 35 කට අධික කාලයක් පුරා ජනතාවගේ එදිනෙදා ජීවන අත්දැකීම් වැඩිදියුණු කිරීමටත්, ප්‍රජාවන් ශක්තිමත් කිරීමටත්, තමන් සමග ගමන් ගන්නා සමස්ත ජනතාව වෙත නව අවස්ථා උදාකර දීමටත් ගොඩනගා ගත් නොසැලෙන කැපවීම නිරූපණය කරන්නකි. තම 150 වන අලෙවිසැල ද විවෘත කරමින් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකර…
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය – III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන මාර්ග කොටසක් මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත. ජාතික තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් මිල දී ගෙන සවි කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තව ද, 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඊ‑පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු පහසුකම මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන විදේශිකයින්…
NDB බැංකුවේ සිදුව ඇති මූල්‍ය වංචා සිදුවීම සම්බන්ධයෙන් Deloitte Touche Tohmatsu India LLP (“Deloitte”) ආයතනය විසින් සිදුකරන ලද ස්වාධීන වෝහාරික විගණන පරීක්ෂණයේ අවසන් වාර්තාව ලැබී ඇති බව බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. එම අවසන් වාර්තාවට අනුව, සිදු වී ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් 13,639,664,684 ක් (දළ වශයෙන් රුපියල් බිලියන…
පවතින අහිතකර වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන්, යෝජිත රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර (Green Bond) නිකුතුව සඳහා වන ආරම්භක ලැයිස්තුගත කිරීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝස් පීඑල්සී (WindForce PLC) සමාගම කොළඹ කොටස් වෙළඳපල (CSE) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ඊයේ (28) නිකුත් කරන ලද ආයතනික අනාවරණයට අනුව, “පවතින…
මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නවතම තත්ත්වයන් හමුවේ, Cathay Pacific ගුවන් සමාගම සිය මැදපෙරදිග මගී ගුවන් සේවා 2027 ජනවාරි 31 දක්වා අවලංගු කර ඇත. Cathay Pacific ගුවන් සමාගම විසින් ඊයේ (28) දින නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි ඩුබායි සහ රියාද් වෙත ක්‍රියාත්මක වන මගී ගුවන් ගමන් මේ අනුව විශේෂයෙන් බලපෑමට ලක්වේ. අවලංගු කරන ලද…
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය අද (28) දිනයේ දී තවදුරටත් මන්දගාමී වූ අතර ආයෝජකයින්ගේ උදාසීනත්වය හමුවේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 595.97ක් දක්වා පහත වැටී තිබුණි. මිල දර්ශකවල ද සැලකිය යුතු පහළ යාමක් දිනය තුළ වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්හකය ඒකක 93.56කින් පහළ ගොස් ඒකක 20,943.79ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 20.00කින්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්‍රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ…
Video Story