Top News

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කයට යන්නේ කෙසේද?

පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…

(0)Comments | September 25, 2026 10:25 am

පසුගිය වසර දෙකක තුළ ලබාගත් ආර්ථික ජයග්‍රහණ Fitch Ratings ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් – අමාත්‍ය අනිල් ජයන්ත

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් නිකුත් කළ නවතම නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ ණය පැහැරහැරීම් ශ්‍රේණිගත කිරීම (Long-Term Issuer Default Ratings – IDRs) ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ දමා තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ…

(0)Comments | September 24, 2026 6:44 pm

ඊයේ වෙන්දේසියේ දී භාණ්ඩාගාර බිල්පත් පොලියේ සුළු වැඩිවීමක්

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (23) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.18% සිට 9.20% දක්වා පදනම් අංක 2කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.37%ක් දක්වා පදනම්…

(0)Comments | September 24, 2026 12:12 pm

වැවිලි කර්මාන්තයේ පුනර්ජීවනයට නව සභාපතිගෙන් ප්‍රධාන කරුණු 5කින් සමන්විත නව සැලසුමක්

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ (Planters’ Association of Ceylon – PA) නව සභාපතිවරයා ලෙස මල්වත්ත වැලි වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ශානක සමරදිවාකර මහතා පත් ව සිටී. එමෙන්ම කහවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී බිනේෂ් පනන්වල මහතා සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කෙරිණි. පසුගිය සැප්තැම්බර් 19 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි…

(0)Comments | September 24, 2026 12:02 pm

පුන්නෙයිකුඩා එරාවූර්පත්තු රෙදිපිළි නිෂ්පාදන කලාපය වෙත ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය අරමුණු කරගත් රාජ්‍යතාන්ත්‍රික නියෝජිත චාරිකාවක්

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ධාරිතාව, ප්‍රාදේශීය ආයෝජන අවස්ථා සහ තිරසාර නිෂ්පාදන ක්ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කොළඹ පිහිටි විදේශ තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රිකයින් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සඳහා නැගෙනහිර පළාතේ තෙදින සංචාරයක් සංවිධානය කරන ලදී. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ නැගෙනහිර…

(0)Comments | September 24, 2026 10:47 am

World CIO 200 Summit 2026 සමාරම්භක උළෙල සාර්ථකව පැවැත්වෙයි

රාජ්‍ය, ව්‍යවසායක සහ සාමාජීය ක්ෂේත්‍රයන්හි ඩිජිටල් පරිවර්තනය උදෙසා නායකත්වය ලබා දෙන ගෝලීය ප්‍රධාන තොරතුරු නිලධාරීන්ගේ (Chief Information Officers – CIOs) සහ තාක්ෂණික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු “World CIO 200 Summit 2026” ගෝලීය සමුළුවේ සමාරම්භක දිනය අද සැප්තැම්බර් (23) දින කොළඹ Cinnamon Life හිදී පැවැත්විණි. මෙම සමුළුව සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැවතීමට නියමිතයි. ශ්‍රී ලංකාව ගෝලීය…

(0)Comments | September 23, 2026 5:43 pm

සහනාධාර ලබාදීමේ දී සැලකිලිමත් විය යුතු ආකාරය IMF අවධාරණය කරයි

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාව ලබාදෙන ඕනෑම රාජ්‍ය මූල්‍ය සහායක් සඳහා නිසි පිරිවැය ඇස්තමේන්තුවක් සිදුකළ යුතු බවත්, එම සහාය යම් කාලසීමාවකට සීමා වූ සහ ඉලක්කගත එකක් විය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා අද (23)…

(0)Comments | September 23, 2026 2:19 pm

ඩොලරයේ අද කැපීපෙනෙන පහළ යාමක්

අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.27 සිට රු. 324.64ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.28 සිට රු. 333.70ක් දක්වා ත් අද (23) දිනයේ දී පහළ ගොස් ඇත. අද දින ඩොලරයේ මධ්‍ය අගය ද…

(0)Comments | September 23, 2026 1:12 pm

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන උල්ලංඝනය කළ සමාගම් 6ක වත්කම් ක්‍රියාවිරහිත කෙරේ

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 44 වන වගන්තියේ විධිවිධාන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පහත සඳහන් ආයතන සහ ඒවායේ අධ්‍යක්ෂවරුන් සතු සියලු දේපළ හා අනෙකුත් වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගණුදෙනු කිරීම වළක්වාලමින් නියෝග නිකුත් කර ඇත. ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් පහත…

(0)Comments | September 23, 2026 12:48 pm

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස අටේදී ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමකි. මෙම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා අපනයන යන අංශ දෙකම ධනාත්මක…

(0)Comments | September 23, 2026 12:41 pm