Top News

ගෝලීය විදුලි වාහන ඉල්ලුමේ පහළ යාමක්

එක්සත් රාජධානිය පදනම් කරගත් Benchmark Mineral Intelligence පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව, පසුගිය 2026 සැප්තැම්බර් මාසෙය් දී ගෝලීය විදුලි වාහන (EV) ඉල්ලුම 2% කින් පහත වැටී ඇත. මෙලෙස සැප්තැම්බර් මාසයේ විදුලි වාහන ඉල්ලුම පහළ යාමක් වාර්තා වී ඇත්තේ අඛණ්ඩ මාස 06ක වර්ධනයක් අතපත් කර ගෙන තිබූ පසුබිමකය. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී ගෝලීය විදුලි වාහන අලෙවිය වාහන…

(0)Comments | October 16, 2026 7:44 am

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ කෘෂිකාර්මික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ඩී. එම්. සලාහුදීන් මහමුද් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඔක්තෝබර් 14 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා පිළිගනිමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දිගුකාලීන සබඳතා අගය කළාය. මෙහිදී, ශ්‍රී ලංකා රජය විසින් බංග්ලාදේශය වෙත ලබා දෙන ලද සහයෝගය පිළිබඳව ද මහ…

(0)Comments | October 16, 2026 7:42 am

Home Lands සමූහය සැලසුම් කළ කාලසීමාවටත් පෙර Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි Piling යෙදීමේ කටයුතු අවසන් කරයි

Home Lands සමූහය කොළඹ වරාය නගරයේ ඉදි කරනු ලබන අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු නිවාස ව්‍යාපෘතිය වන Central Park Boulevard Port City Colombo ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සැලසුම් කාලසීමාවට වඩා ඉතා ඉදිරියෙන් සිදු කෙරෙමින් පවතී. ඉදිකිරීම් ආරම්භ කර දින 88ක් වැනි කෙටි කාලසීමාවක් තුළ, දිවා රාත්‍රී අඛණ්ඩව ඉදිකිරීම් සිදුකරමින් Piling යෙදීමේ කටයුතු 100%ක්ම දැනටමත් අවසන් කර ඇත….

(0)Comments | October 16, 2026 7:32 am

නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 සැප්තැම්බර් මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 සැප්තැම්බර් මාසයේ දී 53.0ක දර්ශක අගයක් වාර්තා කළ අතර, එය පෙර මාසයේ අගයට සාපේක්ෂව නොවෙනස්ව පැවතිණි. මේ මඟින් සැප්තැම්බර් මාසය තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් පෙර මාසයට සමාන වේගයකින්  වර්ධනය වූ බව පෙන්නුම් කරයි. නව…

(0)Comments | October 16, 2026 7:12 am

ආයෝජකයින්ට සැනසිලිදායක දිනයක්. ASPI ඒකක 175කින් ඉහළට

අඛණ්ඩ දින 3ක දැවැන්ත පසුබැස්මකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට යම් අස්වැසිල්ලක් ලබා දෙමින් මිල දර්ශකවල ඉහළ යාමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 175.09ක වර්ධනයක් අත්පත් කරගනිමින් ඒකක 19,971.15ක් දක්වා ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 22.59ක වර්ධනයක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක…

(0)Comments | October 15, 2026 4:24 pm

99 අවුරුද්දට බදු දෙන, පෝට් සිටි භූමියේ වර්ග මීටරයක් ඩොලර් 3,000යි

ඩොලර් බිලියන 1.12ක වටිනාකමකින් යුත් ඉඩම් කොටස් 9ක් මේ වන විට බදු දීලා කොළඹ වරාය නගරයේ මූලෝපායික වැදගත්කමක් සහිත ව්‍යාපාර (BSI) සඳහා ලබා දී ඇති අනුමැතීන්, ඉදිරි ආයෝජන සැලසුම් සහ මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී…

(0)Comments | October 15, 2026 4:18 pm

කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සහ කෘත්‍රිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ චීන සමූහාණ්ඩුවේ තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර විශේෂ හමුවක් ඊයේ දින (14) කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු වූ…

(0)Comments | October 15, 2026 2:23 pm

ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයට විශිෂ්ට ඇගයීමක්

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද 2025/26 ජාතික ඵලදායීතා සම්මාන (NPA) උළලේදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපය (BOI),රාජ්‍ය අංශයේ රාජ්‍ය ව්‍යවසායකයන් සඳහා වූ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලබා ඇත. බස්නාහිර සහ වයඹ පළාත් ආවරණය වන පරිදි පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවය ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය අග්‍රා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. වතුපිටිවල ආයෝජන කලාපය තුල ඵලදායිතාවය ඉහළ නැංවීම…

(0)Comments | October 15, 2026 1:40 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය SATA 2026 හි ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සමාගම සඳහා වන පාරිභෝගික තේරීමේ කීර්තිමත් සම්මානය දිනාගනී

ශ්‍රීලංකන් ගුවන් සේවය, 2026 දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026)  ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය සඳහා වන පාරිභෝගික තේරීමේ කීර්තිමත් සම්මානයෙන් (Visitors’ Choice Award for Leading International Airline) යළිත් වරක් පිදුම් ලබා ඇත. කලාපීය සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ තම අඛණ්ඩ විශිෂ්ටත්වය තහවුරු කරමින්, පසුගිය වසරවලදී මෙන්ම මෙවරද මෙම සම්මානය දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය…

(0)Comments | October 15, 2026 1:20 pm

ශ්‍රී ලංකාව ගැන IMF සතුටින්. නව වැඩසටහනක් ඉල්ලුවොත් සහාය දෙන්න සූදානම්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුව අතරතුර අද (15) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි. ශ්‍රී ලංකාවේ The Morning පුවත්පත නියෝජනය කරමින් මෙම මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදිනී මධූෂා තවපාලකුමාර් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ…

(0)Comments | October 15, 2026 11:44 am