Resus Energy PLC සමාගම අම්පාර, දමන ප්‍රදේශයේ පිහිටි සිය නව සූර්ය විදුලි බලාගාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත. මෙම ව්‍යාපෘතිය Resus Energy PLC සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගමක් වන Resus Eastern Solar (Pvt) Limited මගින් සංවර්ධනය කර ක්‍රියාත්මක කර තිබේ. මෙම බලාගාරය මගින් වාර්ෂිකව පිරිසිදු බලශක්තිය ගිගාවොට් පැය 3.5 ක් (3.5…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ සහය ලබන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය පැවැත්වීම සහ රටේ ආර්ථික වර්ධනයන්, ප්‍රතිපත්ති සහ මූල්‍ය ස්ථාවරත්වය ඇගයීම සඳහා වූ 2026 IV වන වගන්තිය යටතේ වන උපදේශනය සඳහා මෙරටට පැමිණ සිටින එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර හමුවක්…
ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) හෙට (22) විවෘත කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
මැදපෙරදිග අර්බුදය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන නාවික වෙළඳ බාධා හේතුවෙන් 2026 වසරේදී ගෝලීය ගල්අඟුරු ඉල්ලුම සියයට 1.2 කින් ඉහළ ගොස් ටොන් බිලියන 8.94 ක වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනය (IEA) පුරෝකථනය කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදුවන ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) ප්‍රවාහනය අඩාල වීම නිසා ස්වාභාවික වායු…
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වාහන ආනයන ක්ෂේත්‍රයේ සැමට සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ ස්ථාවර ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. 50% ක අමතර බද්දක් වැනි නව ප්‍රතිපත්ති හමුවේ වාහන ක්ෂේත්‍රය, දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව පවසන CMTA, රජයේ ආදායම් සහ විදේශ විනිමය…
2026 වසරේ ජනවාරි – අගොස්තු කාලපරිච්ඡේදය තුළ වාර්තා වී තිබෙන සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 2,061.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2026 අගෝස්තු මාසයේ දී වාර්තා වුුුණු ඩොලර් මිලියන 264.4ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය සමඟින් වසරේ මුල් මාස 08 තුළ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත්ව තිබුණ…
පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක ප්‍රමාණයක ඉදිකර ඇති මෙම සූර්ය විදුලි බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500ක…
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල පහළ යාමක් අද (18) දිනයේ දී වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 327.90 සිට රු. 327.10ක් දක්වා සහ විකුණුම් මිල රු. 336.92 සිට රු. 336.12ක් දක්වා පහළ ගොස් තිබේ. අද දින ඩොලරයේ නිරූපිත එතැන්…
WindForce PLC සමාගම සිය ප්‍රථම ජාල-මට්ටමේ (grid-scale) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සහ නව පාවෙන සූර්ය බලශක්ති බලාගාරය විවෘත කිරීමත් සමඟ, එහි සමස්ත පුනර්ජනනීය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 268 (268 MW) දක්වා සාර්ථකව වර්ධනය කරගෙන ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත අද (18) උදෑසන සිදුකළ දැනුම් දීමට අනුව මෙම ව්‍යාපෘති ද්විත්වයම අද (18) දිනයේ දී…
Video Story