2026 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම සමීක්ෂණය මූල්ය පද්ධතිය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ට ශ්රී ලංකාවේ මූල්ය පද්ධතියේ අවධානම් පිලිබඳ ආකල්ප හා ඒ කෙරෙහි පවතින විශ්වාසය ග්රහණය කරගනිමින් 2026 ජූලි 17 සිට 2026 අගෝස්තු 14 දක්වා කාලය තුළ සිදු…
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින රාජගිරියේ පිහිටි බැංකු විදු පියසේදී පැවැත්වෙන FinLit Expo – Colombo ප්රදර්ශනය සමඟ මූල්ය සාක්ෂරතා මාසය – 2026 (FinLit Month) ආරම්භ කෙරේ. දිවයින පුරා ක්රියාත්මක කෙරෙන විවිධ ක්රියාකාරකම් රැසකින් සමන්විත මෙම ජාතික වැඩසටහන, මූල්ය දැනුම වර්ධනය කිරීම, වගකීම් සහගත මූල්ය හැසිරීම් ප්රවර්ධනය කිරීම සහ මූල්ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම…
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය 2026 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2026 අගෝස්තු මාසය අවසානයේ දී සටහන් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 6,929 ක් වූ සංචිත වත්කම් ප්රමාණය හා සැසඳීමේ දී 1.1%ක පහළ යාමක් වේ. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන…
2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (ඔක්. 07) පළමුවර කියවීම සඳහා කම්කරු අමාත්ය සහ මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම් (රුපියල් හාරදහස් නමසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අට දහසක්) වෙනුවෙන් අවශ්ය මූල්ය ප්රතිපාදන…
අඛණ්ඩව සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (07) දින පහළ ගියේය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 132.68ක් හෙවත් 0.64%ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒ අනුව ඒකක 20,517.55ක් ලෙසින් වාර්තා විය. S&P SL20 දර්ශකය ඒකක 27.88කින් දිනය තුළ පහළ ගිය අතර ගනුදෙනු අවසානයේ…
ආර්ථික සංගණනය 2025/26, කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීමේ කටයුතු සඳහා තම ආයතනයට හෝ නිවසට පැමිණෙන නිලධාරී්න්ට නිවැරදි තොරතුරු ලබා දී මෙම ජාතික කර්තව්යයට සහයෝගය ලබා දෙන ලෙස ජන ලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය සඳහන් කළාය. අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවේ දී ඒ මහත්මිය මේ බව සඳහන් කළාය….
දැනට පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ වැවිලි ක්ෂේත්රය මුහුණ දී ඇති ප්රධාන අභියෝගය බවට දේශගුණික ඔරොත්තුදීම පත්ව තිබේ. ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයේ දත්ත අනුව, එල් නිනෝ තත්ත්වයට සම්බන්ධ වියළි කාලගුණය හේතුවෙන් අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, බදුල්ල, මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්රික්ක හත තුළ පවුල් 25,563කට අයත් 81,000කට අධික ජනතාවක් බලපෑමට ලක්ව සිටිති….
උතුරු පළාතේ ආයෝජන ප්රවර්ධනය හා කාර්මික සංවර්ධනය කඩිනම් කිරීමේ අරමුණින් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පරන්තන් සහ කන්කසන්තුරේ යෝජිත අපනයන සැකසුම් කලාප දෙක සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සහ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර,…
First Capital Holdings PLC සහ JXG (ජනශක්ති සමූහ ව්යාපාරය) හි අනුබද්ධිත සමාගමක් වන First Capital Treasuries PLC හි සභාපති ලෙස චන්න ද සිල්වා මහතා පත් කර ඇති අතර, එහි ස්වාධීන විධායක නොවන අධ්යක්ෂවරුන් ලෙස දුදීප රත්වත්තේ සහ නිරාන් මහවත්ත යන මහත්වරුන් පත් කර තිබේ. First Capital Treasuries PLC සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්…
2025 අපනයන කාර්ය සාධන දර්ශකය ද එළිදක්වයි ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026–2029 කාලය සඳහා එහි උපදේශක කමිටු සාමාජිකයන්ට පත්වීම් ලිපි පිරිනමන ලද අතර, 2025 අපනයන කාර්ය සාධන දර්ශකය (Export Performance Indicators 2025) ද එළිදක්වන ලදී. මෙම උත්සවය ඊයේ දින කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ද ග්රෑන්ඩ් මේට්ලන්ඩ් හි පැවැත්විණි. කර්මාන්ත හා ව්යවසායකත්ව…
Video Story