Top News

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංක්‍රාන්තිය සහ රාජ්‍ය අංශයේ පද්ධතිමය නවීකරණය පිළිබඳ ලෝක බැංකු සමූහය සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ රාජ්‍ය අංශයේ තාක්ෂණික සංවර්ධන ප්‍රමුඛතාවන් පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ලෝක බැංකු සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී, ජ්‍යේෂ්ඨ උප සභාපතිනී ඇමී ඩොහර්ටි මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය…

(0)Comments | September 18, 2026 10:53 am

ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් SriLankan Aviation College විශේෂ ‘Skyline Stories’ වැඩසටහනක් සංවිධානය කරයි

SriLankan Aviation College ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘The Skyline Stories’ සංවාද මාලාවේ 6 වන වැඩසටහන, පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සංවත්සර වැඩසටහනක් ලෙස පවත්වන ලදි. එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ උන්නතියට දායක වූ පුරෝගාමී ගුවන් නියමුවන්ගේ මෙහෙවර සැමරීමක් මෙන්ම, එම මෙහෙවර අනාගතය වෙත රැගෙන යමින් සිටින නව පරපුර ඇගයීමක්ද විය. 1979…

(0)Comments | September 18, 2026 10:13 am

උදාකර ගත් ආර්ථික ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවේ ජනපති අවධාරණය කරයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බවත්, එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. එමෙන්ම, රට අත්කර ගෙන තිබෙන මෙම ආර්ථික ජයග්‍රහණ ජනතාවගේ ජිවන තත්ත්වය පහසු කිරීමට සහ උසස් කිරීමට යෙදවීම රජයේ…

(0)Comments | September 17, 2026 10:51 pm

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි. 2021…

(0)Comments | September 17, 2026 4:33 pm

කොටස් වෙළෙපොළ ඒකක 100ක් ඉක්මවා අදත් පහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් අද (17) දිනයේ දී පහළ යන ලදී. මේ අතර ඊයේ (16) දිනයේ දී ඒකක 128ක පහළ යාමක් වාර්තා කර තිබුණු පසුබිමක අද (17) දිනයේ දීද ඒකක 100ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. ඒ අනුව…

(0)Comments | September 17, 2026 4:18 pm

2026 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අපේක්ෂාවේ පහළ යාමක්. තෙවන කාර්තුවේ දී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා

මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ උද්ගත වූ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාවන් හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය යම් තරමක මන්දගාමීත්වයක් පෙන්නුම් කළද, ගෝලීය නොසන්සුන්තාවන් සමනය වීමත් සමඟ තෙවන කාර්තුවේදී එය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ව්‍යාපාරික අංශය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම ව්‍යාපාරික…

(0)Comments | September 17, 2026 3:51 pm

ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා ද සහභාගී විය. මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | September 17, 2026 2:17 pm

ඩොලරය තවත් ඉහළට

එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය අද (17) දිනයේ දීද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු. 327.90ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.48 සිට රු. 336.92ක් දක්වා ත් ඉහළ ගොස් ඇත….

(0)Comments | September 17, 2026 12:27 pm

වසර 34කට පසු උඩරට තේ නිෂ්පාදනයේ අවම මට්ටම 2026 අගෝස්තුවේ දී

2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ උඩරට (High Grown) තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.1 දක්වා පහත වැටී ඇති අතර, එය 1992 එල්නිනෝ (El Niño) වසරෙන් පසු සටහන් වූ අවම මාසික නිෂ්පාදනය වේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද මූලික දත්ත ඇසුරින් Asia Siyaka Commodities PLC සමාගම මෙම තොරතුරු වාර්තා කර ඇත. 1992 වසරේ අප්‍රේල්…

(0)Comments | September 17, 2026 12:05 pm

TikTok නිර්මාතෘ Zhang Yiming ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

TikTok හි මව් සමාගම වන ByteDance හි නිර්මාතෘ 43 හැවිරිදි Zhang Yiming, ඇමෙරිකානු ඩොලර් බිලියන 105 කට වැඩි වත්කම් වටිනාකමකට හිමිකම් කියමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටී. BlackRock, Fidelity සහ T. Rowe Price වැනි ප්‍රමුඛ ආයෝජන සමාගම් විසින් ByteDance සමාගමේ වටිනාකම් ඇස්තමේන්තු ඉහළ නැංවීමත් සමඟ මේ මාසය තුළ පමණක් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 12…

(0)Comments | September 17, 2026 11:06 am