Top News

සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුවෙන් ‘Prestige’ බැංකුකරණ සේවාව

ශ්‍රී ලංකාවේ ඉහළ මූල්‍ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද ‘Prestige’ බැංකුකරණ ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ.   ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස තම උපරිම හැකියාවන් සහ ධාරිතාවය එක්ව නිර්මාණය කෙරුනු මෙම මුලපිරීම මගින්…

(0)Comments | October 9, 2026 7:00 pm

ඩයලොග් සහ රුහුණු සංචාරක කාර්යාංශය එක්ව, සංචාරක ක්ෂේත්‍රයට සහය වෙමින්, Dialog AI මඟින් බලගැන්වෙන, ‘Travel Sri Lanka’ සේවාව හඳුන්වාදෙයි

011 778 8288 අංකය ඇමතීමෙන්, සංචාරකයින්ට බහුභාෂා AI සංචාරක සහය ලබාගත හැක ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය, රුහුණු සංචාරක කාර්යාංශය හා එක්ව, දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව සැලසීමේ අරමුණෙන්, Dialog AI මඟින් බලගන්වන ලද බහුභාෂා සංචාරක voice සේවාව, Travel Sri Lanka සේවාව නිල වශයෙන් එළිදක්වන ලදී….

(0)Comments | October 9, 2026 11:02 am

NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සහ අවසන් විගණන වාර්තාව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් විමසීමක්’

NDB බැංකුවේ සිදු වූ බවට හඳුනාගෙන ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඊට අදාළ අවසන් විගණන වාර්තාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (ඔක්. 06) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත කැඳවා කරුණු විමසා බැලීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී NDB බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල මතු වූ අසාමාන්‍යතා,…

(0)Comments | October 9, 2026 10:52 am

පෑන් ඒෂියා බැංකුවේ රු. බිලියන 5ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, ණය ශ්‍රේණිගත, ආරක්ෂිත හා ආපසු ගෙවිය හැකි ණයකර නිකුතුව විවෘත කිරීමෙන් අනතුරුව අධි ඉල්ලුමක් වාර්තා වී තිබේ. මෙය බැංකුව කෙරෙහි ආයෝජකයන් තුළ පවතින විශ්වාසය පිළිබිඹු කරයි. එක් ණයකරයක නාමික වටිනාකම රුපියල් 100ක් වන අතර එම ණයකර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය. වසර තුනක කල්…

(0)Comments | October 9, 2026 10:30 am

කෘෂිකාර්මික වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරමින් මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ ශ්‍රී ලංකාවේ සංචාරයක

මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ. එක්සත්…

(0)Comments | October 8, 2026 4:32 pm

ඔබේ මුදල් ආරක්ෂා කරගන්න. Quantum AI Limited සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න – SEC අනතුරු අඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළඳාම, ආයෝජන සේවා හෝ වෙනත් නියාමනය කරන ලද ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් බලපත්‍ර ලබා දී, ලියාපදිංචි කර හෝ අනුමත කර නොමැති බව නිල අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සුරැකුම්පත් කොමිසම අවධාරණය කර සිටී. එබැවින්, Quantum…

(0)Comments | October 8, 2026 4:14 pm

කොටස් වෙළෙඳපොළට අපල දවසක්. සියලු කොටස් මිල දර්ශකය ඒකක 283කින් පහළට

මෑත කාලය තුළ කොටස් වෙළෙඳපොළේ දක්නට ලැබුණු තනි දවසක් තුළ විශාලතම මිල දර්ශකවල පහළ යාම අද (08) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 283.21ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 1.38%ක කඩාවැටීමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,234.34…

(0)Comments | October 8, 2026 3:54 pm

ශ්‍රී ලංකාවේ පාරිභෝගික රටාව වෙනස් වෙයි. නිෂ්පාදන සෙවීමට ChatGPT, Gemini වෙත යොමු වීම ඉහළට

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් භාණ්ඩ හා සේවාවන් තෝරාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස ඩිජිටල්කරණය වී ඇති අතර, මිලදී ගැනීමේ තීරණ සඳහා ඩිජිටල් මාධ්‍ය මගින් සිදුවන බලපෑම 2020 දී පැවැති 32% සිට 51% දක්වා ඉහළ ගොස් ඇත. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය කරමින් සිදුකළ අධ්‍යයනයකට අනුව, 66%ක ප්‍රතිශතයක් කටවචනයෙන් (Word…

(0)Comments | October 8, 2026 3:18 pm

කොළඹ සහ මාලදිවයින අතර නව ගුවන් ගමන් සේවාවට Vietjet සූදානමින්

ශ්‍රී ලංකාව තුළ සිය සබඳතා තවදුරටත් පුළුල් කරමින් දින 3ක විශේෂ මිල දීමනා වැඩසටහනක් හඳුන්වා දෙයි වියට්ජෙට් සමාගම වෙතින් 2026 ඔක්තෝබර් 08 සිට 10 දක්වා දින 03ක් පුරා ක්‍රියාත්මක වන විශේෂ දීමනා වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම දීමනාව හරහා කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් ගමන් සේවාව සඳහා  වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා…

(0)Comments | October 8, 2026 2:19 pm

2020 දී මධ්‍යම පන්තියේ සිටි පවුල් ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභීන් බවට පත්වෙලා

මෙරට සමස්ත කුටුම්භ පාරිභෝජනය 2025 වසරේදී රුපියල් ට්‍රිලියන 9ක වාර්තාගත මට්ටමකට පැමිණ ඇති අතර, එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 60% සිට 70% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ලංකා වාණිජ මණ්ඩලය සහ Boston Consulting Group (BCG) එක්ව සිදුකළ සමීක්ෂණයකට අනුව, මෙම සමස්ත වර්ධනය පිටුපස අසමාන ආදායම් ව්‍යාප්තියක් පවතින බවට…

(0)Comments | October 8, 2026 1:55 pm