Top News

2026 දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 6 ඉක්මවයි

2026 වසරේ ජනවාරි – අගොස්තු මාස 08ක කාලපරිච්ඡේදය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, එක්සත් ජනපද ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව 2026 පළමු මාස 08 දී මෙම අගය ඩොලර් මිලියන 6,131ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2025 වසරේ පළමු මාස 08 දී වාර්තා…

(0)Comments | September 14, 2026 10:42 am

Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක සුවිශේෂී කඩඉමක්

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මෙහෙයුම් ආරම්භ කර මුල් මාස 9 තුළදීම මෝටර් රථ 1,000ක් පාරිභෝගිකයන් වෙත භාරදෙමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය රථවාහන පාරිභෝගිකයන් හේලීස් මොබිලිටි ලිමිටඩ් ආයතනය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මනාව තහවුරු කරන්නකි….

(0)Comments | September 14, 2026 10:25 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ශක්‍යතා අධ්‍යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කර තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර…

(0)Comments | September 11, 2026 6:44 pm

භූ දේශපාලනික අස්ථාවරත්වය හමුවේ සංචිත ගොඩනැගීමේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි

ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් හමුවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම සහ ද්‍රවශීලතාව තහවුරු කිරීම මහ බැංකුවල මූලික වගකීම වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (10) කොළඹ දී පැවැති 2026 සංචිත කළමනාකරණ සමුළුවේ (Reserve Management Conference 2026) සමාරම්භක දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය….

(0)Comments | September 11, 2026 2:19 pm

කොග්ගලින් යුරෝපයට අපනයනය කෙරෙන ප්‍රථම Amphibious යාත්‍රාව

​ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික Amphibious (උභයජල) යාත්‍රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය ඊයේ (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව Ocean Voyager International ආයතනය විසින් නිපදවූ…

(0)Comments | September 11, 2026 11:42 am

තායිලන්ත – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම එළඹෙන ජනවාරියේ සිට

හොංකොංහි පැවැත්වෙන Belt and Road Summit (එක් තීරයක් – එක් මාවතක් සමුළුව) අතරතුරදී, ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ තායිලන්තයේ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (Vice Minister for Commerce) Dr. Kirida Bhaopichitr මහත්මිය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී තායිලන්ත – ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී…

(0)Comments | September 11, 2026 11:34 am

ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ සිලෝන් තේ කර්මාන්තයේ ශක්තිමත්භාවය විදහා දක්වමින් තේ අපනයනකරුවන්ගේ සංගමයේ 27 වන වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙයි

තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) 27 වන වාර්ෂික මහා සභා රැස්වීම, “අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී 2026/2027 වසර සඳහා සංගමයේ සභාපතිවරයා ලෙස හුසේෆා අක්බර්අලි මහතා නැවත පත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, “වත්මන් ගෝලීය ගැටුම් සහ…

(0)Comments | September 11, 2026 11:11 am

කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ සැපයුම් සම්මන්ත්‍රණය සාර්ථකව ඇරඹෙයි

ශ්‍රී ලංකාව කලාපීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරනු ලබන 8 වන කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ සැපයුම් සම්මන්ත්‍රණය (CIMC) 2026 සැප්තැම්බර් 9 වන දින කොළඹ දී නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක සැසිය අමතමින් ප්‍රධාන අමුත්තෙකු ලෙස සහභාගී වූ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේ, ජාත්‍යන්තර සැපයුම්…

(0)Comments | September 10, 2026 4:28 pm

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහසභා රැස්වීම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහසභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහසභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්‍රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රමුඛතා…

(0)Comments | September 10, 2026 3:56 pm

ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය කේම්බ්‍රිජ් හිදී එළිදැක්වීමේදී ශ්‍රී ලාංකික විශේෂඥතාවයට සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට ප්‍රමුඛස්ථානයක්

දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජීසස් විද්‍යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්‍රිජ් ජාත්‍යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී (Cambridge International Symposium on Economic Crime) ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (Economic Crime &…

(0)Comments | September 10, 2026 12:30 pm