Top News

IMF 7 වන සමාලෝචනයට විධායක අනුමැතිය නිසැකවම හිමිවෙනවා – අමාත්‍ය අනිල් ජයන්ත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණ තිබේ. එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345කට ආසන්න මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනු ඇත. ඒ සමඟ ඇමරිකානු…

(0)Comments | October 5, 2026 4:27 pm

කොටස් වෙළෙඳපොළ අද ලොකුවට වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු කඩා වැටීමක් අද (05) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 168.38ක පහළ යාමක් වාර්තා වීම කැපීපෙනුණි. සියලු කොටස් මිල දර්ශකයට ඉහළ සංවේදීතාවක් ඇති ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දිනයේ දී සමස්ත කොටස් වෙළෙඳපොළ පහළයාමට බෙහෙවින්…

(0)Comments | October 5, 2026 4:15 pm

හම්බන්තොට ජාත්‍යන්තර වරාය TEU බහාලුම් මෙහෙයුම් මිලියනයේ කඩඉම පසුකරයි

2025 වසරේ දී නව quay cranes මාදිලියේ දොඹකර සේවයට එක් කර ගැනීමෙන් අනතුරුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මේ දක්වා සිදුකර ඇති සමස්ත TEU බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා තිබේ. 2026 වසරේ මේ දක්වා වරාය විසින් හසුරුවා ඇති TEU බහාලුම් ප්‍රමාණය 574,196ක් වේ. නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට වරාය ජාත්‍යන්තර සමාගම පවසන්නේ නව දොඹකර සේවයට පැමිණීමෙන්…

(0)Comments | October 5, 2026 3:33 pm

ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ 2026–2029 කාලසීමාවට අදාළ, ශ්‍රී ලංකා සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් (Shannon Cowlin) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ආසියානු සංවර්ධන බැංකුවේ 2027 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහන සාර්ථකව…

(0)Comments | October 5, 2026 2:36 pm

2026 සැප්තැම්බරයේ දී මහ බැංකුව ඩොලර් ගනුදෙනු කළේ මෙහෙමයි. අගෝස්තුවේ බිලියන භාගයකට වඩා ඩොලර් ගන්න හේතුවත් අධිපති හෙළිකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 සැප්තැම්බර් මාසයේ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 64.2ක් ශුද්ධ විශයෙන් මිල දී ගත් බව සඳහන් කරයි. එහිදී මහ බැංකුව සැප්තැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 85ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 20.8ක් අලෙවි කර තිබේ. මේ අතර 2026 අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 579ක දැවැන්ත මිල…

(0)Comments | October 5, 2026 11:34 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව හත්වන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 345ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය…

(0)Comments | October 5, 2026 8:19 am

ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය ඉදිරි වසර තුන සඳහා 5%ක් ලෙස නිර්ණය කෙරේ

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 වගන්තියට අනුකූලව, 2026 ඔක්තෝබර් 01 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති, ගරු අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් නව මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුම…

(0)Comments | October 3, 2026 8:38 am

2026 සැප්තැම්බරයේ සංචාරක පැමිණීම 2025ට වඩා පොඩ්ඩක් අඩුවෙයි

2026 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 158,557ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කරමින් සඳහන් කරයි. මෙය 2025 සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති 158,971ක් වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා සංචාරකයින් 414ක අඩුවකි. මේ අනුව 2026 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින්…

(0)Comments | October 2, 2026 4:40 pm

ශ්‍රී ලංකාවට එන ඉන්ඩිගෝ ප්‍රධාන ගුවන් ගමන් යළි ඇරඹෙයි

ඉන්දියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවය, ඔක්තෝබර් 01 වැනිදා සිට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් සහ ශ්‍රී ලංකාව අතර දෛනික ගුවන් ගමන් සේවා නිල වශයෙන් යළි ආරම්භ කර තිබේ. එමඟින් අසල්වැසි රටවල් දෙක අතර දේශසීමා හරහා ගුවන් සම්බන්ධතාව සහ සංචාරක ඉල්ලුම වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි. විවේක සංචාර සහ…

(0)Comments | October 2, 2026 3:58 pm

2026 මුල් මාස 09 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. ට්‍රිලියන 2ක් ඉක්මවා ආදායම් රැස්කරයි

2026 වසරේ සැප්තැම්බර් 30 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රු. ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යාමට සමත් වී ඇති බව පවසයි. ඒ අනුව, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ සමස්ත දෙපාර්තමේන්තු ආදායම රු. බිලියන 2,040ක් ලෙස වාර්තා වී ඇත. 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට…

(0)Comments | October 2, 2026 2:17 pm