Top News

iPhone 18 Pro සහ iPhone 18 Pro Max නිල වශයෙන් එළිදකී. ආරම්භක මිල ඩොලර් 1,199ක්

ඇපල් සමාගම විසින් ඊයේ (09) දිනයේ දී iPhone 18 Pro සහ iPhone 18 Pro Max ස්මාර්ට්ෆෝන් මාදිලි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නව Pro මාදිලි සඳහා variable aperture සහිත මෙතෙක් iPhone එකක ඇතුළත් වූ වඩාත්ම දියුණු මෙගාපික්සල් 48 Fusion ප්‍රධාන කැමරාව ඇතුළත් කර ඇත. තවද, 2-nanometer තාක්ෂණයෙන් නිපදවන ලද A20 Pro චිපය, නව…

(0)Comments | September 10, 2026 9:41 am

ගෝලීය නාවික ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡාවකට ඇමෙරිකානු නාවික නියාමකයින් පිරිසක් කොළඹ වරායේ සංචාරයක

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් නාවික කොමිෂන් සභාවේ (FMC) සභාපතිනි ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ කොමසාරිස් රොබට් ජේ. හාර්වි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වරාය මෙහෙයුම්, සේවාවන්, ධාරිතා සංවර්ධනය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව…

(0)Comments | September 10, 2026 9:28 am

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු මෙන්න

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ ගොස් ඇති අතර දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.27% සිට 9.24% ක් දක්වා පදනම් අංක…

(0)Comments | September 9, 2026 4:14 pm

කොටස් වෙළෙඳපොළේ අද පිරිවැටුම බිලියනයට වඩා අඩුවෙයි

යළි තීව්‍ර වෙමින් පවතින මැදපෙරදිග අර්බුදයත් සමඟ පැන නැඟී ඇති ගෝලීය අවිනිශ්චිතතාවන් හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයේ ද මන්දගාමී වීමක් අද (09) දින නිරීක්ෂණය විය. ඒ අනුව දෛනික පිරිවැටුම රු. බිලියනය මට්ටම සාක්ෂාත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළට අද දින නොහැකි වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එම අගය රු. මිලියන 972ක් ලෙසින් වාර්තා වී…

(0)Comments | September 9, 2026 4:04 pm

හොංකොං හි ජාත්‍යන්තර සමුළුවකට ඇමති වසන්ත සමරසිංහ එක්වෙයි

හොංකොං හි පැවැත්වෙන 11 වන ‘Belt and Road Summit 2026’ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති සංවාදයට (Policy Dialogue) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක් වී තිබේ. ‘Belt and Road Summit හි ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික අංශයක් වන “Building Resilient Trade and Investment Frameworks in a Diverse Global Landscape” (විවිධාංගීකෘත…

(0)Comments | September 9, 2026 3:14 pm

මැදපෙරදිග අර්බුදය උග්‍රවීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසු කරයි

මැදපෙරදිග කලාපයේ පවතින යුධමය ගැටුම් උග්‍රවීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙය පසුගිය ජූලි 24 වනදායින් පසුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 සීමාව පසුකළ පළමු අවස්ථාව වන අතර, සති හයකට වැඩි කාලයකට පසු වාර්තා වූ ඉහළම අගය ද වේ.

(0)Comments | September 9, 2026 2:50 pm

මත්තල ගුවන් තොටුපලට ඕමානය උනන්දු වෙයි

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සිවිල් ගුවන්සේවා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක්. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් පිළිබඳ අවධානය ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගිය දා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් හා…

(0)Comments | September 9, 2026 11:24 am

ශ්‍රී ලංකාවේ අපනයන තිරසාර වෙළඳාම ප්‍රවර්ධනය සඳහා EDB සහ GRI අතර උපායමාර්ගික ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ අපනයන පද්ධතිය තුළ තිරසාරභාවය සහ බලපෑම් වාර්තාකරණය ශක්තිමත් කිරීම සඳහාත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහාත් Global Reporting Initiative (GRI) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුම පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී Global Reporting Initiative හි  ප්‍රමිතීන් පිළිබඳ ප්‍රධාන නිලධාරී බැස්ටියන් බක් මහතා (Bastian…

(0)Comments | September 9, 2026 11:18 am

FitsAir ඩුබායි ගමන් තාවකාලිකව නතර කෙරේ

මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වයන් සහ එහි බලපෑම සැලකිල්ලට ගනිමින්, කොළඹ සහ ඩුබායි අතර සිය ගුවන් ගමන් සේවා පසුගිය සැප්තැම්බර් 6 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව FitsAir ගුවන් සේවය නිවේදනය කර සිටී. කලාපයේ සිදුවන ඉදිරි වර්ධනයන්ට යටත්ව, 2026 නොවැම්බර් මාසය වන විට මෙම ගුවන් ගමන් සේවාවන් නැවත ආරම්භ කිරීමට දැනට අපේක්ෂා කරන බව එම…

(0)Comments | September 9, 2026 11:11 am

කෙරවලපිටිය සහස්ධනවි විදුලිබල ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් ලියාපදිංචිය සමඟ ඉදිරියට: ඇමරිකානු ඩොලර් මිලියන 291.19 ක ආයෝජනයක් සහ නව රැකියා 1,147ක්

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කරමින්, කෙරවලපිටිය කාර්මික කලාපයේ ඉදිකෙරෙන මෙගාවොට් 350ක ‘සහස්ධනවි’ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ (Combined Cycle Power Plant) සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් සාර්ථකව ලියාපදිංචි කර ඇත. 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17(2) වගන්තිය යටතේ 2026 අගෝස්තු 13 වන දින මෙම ගිවිසුම…

(0)Comments | September 9, 2026 10:17 am