Top News

ඊයේ ගනුදෙනු ඇරඹීම ප්‍රමාද වීම ගැන කොටස් වෙළෙඳපොළෙන් පැහැදිලි කිරීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ. 2026 ජූනි 15 දිනැති, අංක 02-06-2026 දරණ මධ්‍යම තැන්පතු ක්‍රම චක්‍රලේඛයට අනුව, වසර 15කට වැඩි කාලයක් අක්‍රීයව පැවති  මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් අත්හිටුවීමට මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් 2026 ජූනි 30 වන දින පියවර ගන්නා ලදී. ඉහත සඳහන් කළ ගිණුම් අත්හිටුවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී, දැනට සක්‍රීය…

(0)Comments | July 2, 2026 2:04 pm

රු. බිලියන 100ක භාණ්ඩාගාර බිල්පත් අලෙවියක්

ඊයේ (01) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 100,000ක් හෙවත් රු. බිලියන 100ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් අලෙවි කිරීමට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 100,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනු අතර ඒ වෙනුවෙන් ලැබී තිබුණු ලංසු ප්‍රමාණය රු. මිලියන 166,391ක් බව වාර්තා වේ. වෙන්දේසිය සඳහා ඉදිරිපත්…

(0)Comments | July 2, 2026 1:21 pm

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සියලු බලතල සහිත ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කරනවා – නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සතු පූර්ණ විධායක බලතල ක්‍රියාවට නංවමින්, එය රටේ ආයෝජන ප්‍රවර්ධනය භාර ප්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කරන බව එහි නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිල වශයෙන් රාජකාරි ආරම්භ කරමිනි. ආයෝජන මණ්ඩලයට හිමි පෙර…

(0)Comments | July 2, 2026 12:48 pm

ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීමට EDB සහ ජර්මනියේ IPD අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව (IPD) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ අපනයන අභිමුඛ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා අපනයන සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා පවතින දිගුකාලීන හවුල්කාරිත්වය යළි තහවුරු කරමින් මෙම ගිවිසුම අත්සන්…

(0)Comments | July 2, 2026 11:45 am

නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන ක්‍රියාවලිය සහ ඉදිරි මඟ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs) සමාලෝචන ක්‍රියාවලිය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. රජයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් සමාලෝචන…

(0)Comments | July 2, 2026 10:53 am

ඉදිරි වසරවලදී 7%-8%ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි දායකත්වය ප්‍රමුඛයි – ජනපති

මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බවත්, එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ…

(0)Comments | July 1, 2026 6:44 pm

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් ‘Temple City’ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත “Temple City” ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. දේශීය හා විදේශීය ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කොළඹ නගරයේ ප්‍රමුඛ ආගමික හා…

(0)Comments | July 1, 2026 6:40 pm

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේ භාරදෙන ලදී. ආචාර්ය ජේ….

(0)Comments | July 1, 2026 6:38 pm

ප්‍රමාද වී ඇරඹුණු කොටස් වෙළෙඳපොළ අද ඒකක 19.58කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (01) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19.58ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 1.46කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,243.70ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,206.51ක් ලෙසත් සටහන් විය. අද…

(0)Comments | July 1, 2026 4:21 pm

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි මෙහෙයුම් කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය හා ශක්තිමත්භාවය තහවුරු කිරීමේ අරමුණින් බලපත්‍රලාභී බැංකු නියාමනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. එම කාර්යයන් සිදු කිරීම සඳහා බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ පුළුල් අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන අතර, නියාමන හා අධීක්ෂණ ලියවිලි විශාල ප්‍රමාණයක් සැකසීම, සමාලෝචනය කිරීම, ගබඩා කිරීම…

(0)Comments | July 1, 2026 3:54 pm