Top News

බේස්ලයින් මාර්ගය කිරුළපන සිට දුටුගැමුණු වීදිය දක්වා දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් වෙත

බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය – III වන අදියර යටතේ, මාර්ගය යටින් දිවෙන මාර්ගයක් (underpass), සංඥා පද්ධති සහිත මංසන්ධි, පදික පහසුකම්, ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම් ආදී යටිතල පහසුකම් සහිතව කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක් වන මාර්ග කොටසක් මංතීරු හයකින් යුතුව වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත. ජාතික තරගකාරි ලංසු ක්‍රමවේදය අනුගමනය…

(0)Comments | September 29, 2026 3:05 pm

කටුනායක ගුවන්තොටේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ක් මිල දී ගෙන සවි කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තව ද, 2027 වර්ෂයේදී හඳුන්වා දීමට නියමිත ඊ‑පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු පහසුකම මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන විදේශිකයින්…

(0)Comments | September 29, 2026 2:50 pm

NDB බැංකුවෙන් සොරාගත් මුදල් හා ඩිජිටල් වත්කම් යළි ලබා ගැනීමට විදේශීය විශේෂඥ ආයතනයක සහාය

NDB බැංකුවේ සිදුව ඇති මූල්‍ය වංචා සිදුවීම සම්බන්ධයෙන් Deloitte Touche Tohmatsu India LLP (“Deloitte”) ආයතනය විසින් සිදුකරන ලද ස්වාධීන වෝහාරික විගණන පරීක්ෂණයේ අවසන් වාර්තාව ලැබී ඇති බව බැංකුව විසින්  කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. එම අවසන් වාර්තාවට අනුව, සිදු වී ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් 13,639,664,684 ක් (දළ වශයෙන් රුපියල් බිලියන…

(0)Comments | September 29, 2026 1:00 pm

අහිතකර වෙළඳපොළ තත්ත්වය හමුවේ වින්ඩ්ෆෝස් පීඑල්සී රු. බිලියන 4 ක හරිත බැඳුම්කර නිකුතුව හකුලා ගනී

පවතින අහිතකර වෙළඳපොළ තත්ත්වයන් හේතුවෙන්, යෝජිත රුපියල් බිලියන 4 ක හරිත බැඳුම්කර (Green Bond) නිකුතුව සඳහා වන ආරම්භක ලැයිස්තුගත කිරීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝස් පීඑල්සී (WindForce PLC) සමාගම කොළඹ කොටස් වෙළඳපල (CSE) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත. ඊයේ (28) නිකුත් කරන ලද ආයතනික අනාවරණයට අනුව, “පවතින…

(0)Comments | September 29, 2026 12:37 pm

Cathay Pacific මැදපෙරදිග මගී ගුවන් ගමන් 2027 ජනවාරි දක්වා අවලංගු කරයි

මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන නවතම තත්ත්වයන් හමුවේ, Cathay Pacific ගුවන් සමාගම සිය මැදපෙරදිග මගී ගුවන් සේවා 2027 ජනවාරි 31 දක්වා අවලංගු කර ඇත. Cathay Pacific ගුවන් සමාගම විසින් ඊයේ (28) දින නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් පරිදි ඩුබායි සහ රියාද් වෙත ක්‍රියාත්මක වන මගී ගුවන් ගමන් මේ අනුව විශේෂයෙන් බලපෑමට ලක්වේ. අවලංගු කරන ලද…

(0)Comments | September 29, 2026 11:44 am

කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. මිලියන 595ක් දක්වා පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය අද (28) දිනයේ දී තවදුරටත් මන්දගාමී වූ අතර ආයෝජකයින්ගේ උදාසීනත්වය හමුවේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 595.97ක් දක්වා පහත වැටී තිබුණි. මිල දර්ශකවල ද සැලකිය යුතු පහළ යාමක් දිනය තුළ වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්හකය ඒකක 93.56කින් පහළ ගොස් ඒකක 20,943.79ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 20.00කින්…

(0)Comments | September 28, 2026 4:52 pm

HNB TxB ගනුදෙනුකරුවන්ට LankaPay හරහා සියලුම රාජ්‍ය ආයතනික බිල්පත් ගෙවීම් එකම ඩිජිටල් වේදිකාවක් හරහා සිදුකිරීමේ පහසුව

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්‍රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ…

(0)Comments | September 28, 2026 3:58 pm

ශ්‍රී ලංකා මහ බැංකුව “ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත – 2026” ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ, “ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත – 2026” වාර්ෂික ප්‍රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙය, එම ප්‍රකාශන මාලාවේ 49 වන වෙළුමයි. පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම ප්‍රකාශනයෙහි ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්,…

(0)Comments | September 28, 2026 1:56 pm

සිනමා තිරයට කලින් ගුවන් තිරයට ගිය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයට ඔස්කාර් දොරටු වැසෙයි

ලොව විශිෂ්ටතම සිනමා සම්මාන උළෙල ලෙසින් සැලකෙන ඇකඩමි හෙවත් ඔස්කාර් සිනමා උළෙල වෙනුවෙන් ප්‍රථම වරට නිල වශයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලබන චිත්‍රපටය, අද (28) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී “විහඟ ප්‍රේමය“, “ආයු“, “ෆාදර්“, “ඇන්තනි“ (දෙමළ), “රිවස්ටර්න්“ සහ “ක්‍රිකට් සාදු“ යන චිත්‍රපට 6 අයදුම් කර තිබුණු අතර එම චිත්‍රපට අතුරින් ලලිත් රත්නායක…

(0)Comments | September 28, 2026 1:28 pm

ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම තුළින් ගෝලීය ආර්ථික වර්ධනයට සුවිසල් දායකත්වයක් දැක්විය හැකියි

Huawei සහ GSMA එක්ව සකසන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතියේදී ප්‍රකාශයට පත් කරයි Huawei සහ GSMA එක්ව සකස් කරන ලද වාර්තාව යුනෙස්කෝ සංවිධානයේ ඩිජිටල් ඉගෙනුම් සතිය නිමිති කර ගනිමින් ‘පරතරය පියවීම-කෘතිම බුද්ධි යුගය තුළ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම’ වාර්තාව පසුගියදා ඉදිරිපත් කරන ලදී. එහිදී ඉදිරිපත් කරන ලද පර්යේෂණ වාර්තාවේ තොරතුරු අනුව ලෝකයේ තුනෙන්…

(0)Comments | September 28, 2026 1:09 pm