කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රු. මිලියන 595ක් දක්වා පහළට

    September, 28, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වය අද (28) දිනයේ දී තවදුරටත් මන්දගාමී වූ අතර ආයෝජකයින්ගේ උදාසීනත්වය හමුවේ දිනයේ ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 595.97ක් දක්වා පහත වැටී තිබුණි.

    මිල දර්ශකවල ද සැලකිය යුතු පහළ යාමක් දිනය තුළ වාර්තා විය.

    ඒ අනුව සියලු කොටස් මිල දර්හකය ඒකක 93.56කින් පහළ ගොස් ඒකක 20,943.79ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 20.00කින් පහළ ගොස් ඒකක 5,920.72ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වුණි.