Top News

කොටස් වෙළෙඳපොළට හොඳ දවසක්. පිරිවැටුම රු. බිලියන 2 ඉක්මවයි. මිල දර්ශකත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල සක්‍රීය ස්වභාවයක් අද (03) දිනය තුළ දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 69.47ක වර්ධනයක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 11.75ක සුළු වර්ධනයක් අත්පත් කර ගනු ලැබීය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,395.11ක් සහ S&P SL20 දර්ශකය ඒකක 5,995.25ක් ලෙසින් වාර්තා විය….

(0)Comments | September 3, 2026 4:00 pm

ඊයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල සුළු පහළ යාමක්

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (02) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් හි පරිණත කාලයන් අනුව දින 91, 9.06% සිට 8.96%ක් දක්වා පදනම් අංක 10කින්, දින 182, 9.44% සිට 9.27% ක් දක්වා පදනම් අංක 17කින් සහ…

(0)Comments | September 3, 2026 3:22 pm

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට අදාළ ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡාවක්

ඉන්දීය රජයේ සහයෝගය ඇතිව කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කරන ඉන්දු – ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී අද (03) පෙරවරුවේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මූලිකත්වයෙන් පැවත් අතර ඉන්දීය රජය නියෝජනය කරමින්, නියෝජ්‍ය ඉන්දීය…

(0)Comments | September 3, 2026 2:04 pm

තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන “Ceylon King Coconut Village” ඇරඹේ

ශ්‍රී ලංකාව ගෝලීය තැඹිලි අපනයන කේන්ද්‍රයක් බවට පත් කිරීමේ නව පියවරක් ශ්‍රී ලංකාවේ තැඹිලි වගාව නව මඟකට ගෙන යමින්, නිෂ්පාදනය හා ඵලදායිතාව ඉහළ නැංවීමත්, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමත් අරමුණු කරගනිමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන ඊයේ (02) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්…

(0)Comments | September 3, 2026 1:22 pm

‘Rich Dad Poor Dad’ ලියූ රොබට් කියෝසාකි ඩොලර් බිලියන 1.2ක් ණයයි

ලොව පුරා අතිශය ජනප්‍රිය පුද්ගලික මූල්‍ය උපදේශන ග්‍රන්ථයක් වන ‘Rich Dad Poor Dad’ හි කර්තෘ රොබට් කියෝසාකි (Robert Kiyosaki), මේ වන විට ඩොලර් බිලියන 1.2ක ණයගැතියෙකු බවට පත්ව තිබේ. තමන් විසින් සිදුකරන ලද දේපළ ආයෝජනයන් හේතුවෙන් තමා මෙලෙස ණයගැතියෙකු බවට පත්ව ඇති බව ඔහු විසින් ප්‍රකාශ කර තිබේ. රොබට් කියෝසාකි පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවේ…

(0)Comments | September 3, 2026 12:52 pm

රුපියල් බිලියන 1.5ක සුවිශේෂී ණය සහනයක් ලබා ගනිමින් Asia Capital සමාගම සිය මූල්‍ය ප්‍රගමනය තවදුරටත් වේගවත් කරයි

යුදීෂ්ත්‍රන් සහ රාජු රාධා ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක් නැවත ගොඩනංවයි Asia Capital PLC සමාගම විසින් Fast Gain International Ltd වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 1.8ක ණය මුදලින් රුපියල් බිලියන 1.5ක ණය සහනයක් ලබා ගනිමින් සිය මූල්‍ය ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කර තිබේ.  සමාගමේ කොටස් හිමියන්ට අදාළ මූල්‍ය බර 83%කින් පමණ…

(0)Comments | September 3, 2026 10:36 am

ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම පිළිබඳව ඉතාලි තානාපතිවරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඇල්බර්ටෝ ආර්සිඩියාකොනෝ (Alberto Arcidiacono) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්විණි. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, දෙරට…

(0)Comments | September 2, 2026 3:44 pm

ඉතිහාසයේ පළමු වරට කොළඹ දරිද්‍රතා රේඛාව රු. 19,000 ඉක්මවා යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව මෙරට පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මාසිකය වැය වන අවම වියදම 2026 ජූලි මාසයේ දී රු. 17,679 ක් ලෙසින් ගණනය කර තිබේ. 2026 ජූනි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ රු. 17,592ක් ලෙසයි. එක් එක් දිස්ත්‍රික්කයට අදාළ දරිද්‍රතා රේඛාවන්…

(0)Comments | September 2, 2026 1:59 pm

Creative Sri Lanka 2030 වැඩසටහනින් ශ්‍රී ලාංකේය නිර්මාණශීලී සන්නාම ගෝලීය වෙළඳපොළට

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන Creative Sri Lanka 2030 වැඩසටහනේ දෙවන අදියර, පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී සාර්ථකව ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය ගෝලීය වෙළඳපොළ සඳහා සුදුසු ලෙස පරිවර්තනය කිරීම සඳහා මෙම ජාතික වැඩසටහන මඟින් අපනයනකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME), ශිල්පීන්, නිර්මාණකරුවන් සහ විශ්වවිද්‍යාල ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්…

(0)Comments | September 2, 2026 12:21 pm

ශ්‍රී ලංකාවේ ඩොලර් ණය වැඩි වෙද්දී රුපියල් ණය අඩුවෙයි

2026 දෙවන කාර්තුව අවසානයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 97,952ක් ලෙසින් වාර්තා වේ. මෙය 2026 පළමු කාර්තුවේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 102,267 හා සැසඳීමේ දී 4.21%ක පහළ යාමක් වේ. මෙම සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 95,047ක් වූ රාජ්‍ය ණය, ඩොලර් මිලියන 2,885ක් වූ රාජ්‍ය ව්‍යවසාය ණය සහ ඩොලර්…

(0)Comments | September 2, 2026 10:46 am