අද (22) දිනයේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. ඊයේ (21) දිනයේ දී ඒකක 20,979.18ක් ලෙසින් අවසන් වූ සියලු කොටස් මිල දර්ශකය අද පස්වරු 12.30 පමණ වන විට ඒකක 20,911ක් දක්වා පහළ යාමක් වාර්තා කර තිබුණි. ශ්රී ලංකා වේලාවෙන් අද පස්වරු 12.35ට පමණ ජාත්යන්තර ණය ශ්රේණිගත කිරීමේ ආයතනයක් වන…
මුතුරාජවෙල ඝනමීටර 92,000ක ධාරිතාවකින් යුත් ගුවන් යානා ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් හා ඒ ආශ්රිත පහසුකම් ඉදි කිරීම, එම ගබඩා පහසුකම බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි ඉන්ධන පිරවුම් පර්යන්තයට සම්බන්ධ කරන විශේෂිත ඉන්ධන ප්රවාහන නළ මාර්ගයක් ඉදි කිරීම සහ මුතුරාජවෙල දැනට පවතින පර්යන්තයේ අවශ්ය වෙනස්කම් සිදු කිරීම සඳහා ව්යාපෘතියක් ක්රියාත්මක කිරීම පිණිස 2024-07-29 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී…
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්ය පෙර මුද්රිත පොලිකාබනේට් කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත මිල දී ගැනීම පිණිස ප්රසම්පාදන ක්රියාවලිය ක්රියාත්මක කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාත්යන්තර තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු…
ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූල්ය අනුග්රහය යටතේ ක්රියාත්මක වන විදුලි සම්ප්රේෂණ ජාල සංවර්ධන වැඩසටහන යටතේ, කිලෝවෝල්ට් 132ක (132 kV) විදුලි සම්ප්රේෂණ රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා වූ ටෙන්ඩරයේ අවම ලංසුකරු ලෙස විදුල්ලංකා පීඑල්සී (Vidullanka PLC) සහ ඉන්දියාවේ ස්කිපර් ලිමිටඩ් (Skipper Limited) යන සමාගම්වලින් සමන්විත ඒකාබද්ධ ව්යාපාරය තේරී පත්වී ඇත. “ජාතික සම්ප්රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන…
ගෝලීය ණය ශ්රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් ශ්රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතු පැහැර හැරීමේ වර්ගීකරණය (Long-Term Issuer Default Ratings – IDR) ‘CCC+’ සිට ‘B-‘ දක්වා ඉහළ නංවා ඇති අතර, එහි පෙරදැක්ම (Outlook) ස්ථාවර (Stable) මට්ටමේ පවත්වාගෙන යනු ලබන බව නිවේදනය කර සිටී.
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්රී ලංකාවේ බැංකු ක්ෂේත්රය තුළ එහි අවිවාදිත නායකත්වය නැවතත් තහවුරු කර ඇත. බැංකුවේ ගැඹුරින් මුල් බැසගත් පාරිසරික, සමාජයීය සහ යහපාලන (ESG) මූලධර්ම මනාව පිළිබිඹු කරමින් බැංකුව මෙසේ ‘ශ්රී ලංකාවේ හොඳම බැංකුව’සහ ‘ශ්රී ලංකාවේ හොඳම ESG බැංකුව’යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබන ලදී….
ශ්රී ලංකාව ඇතුළු ගෝලීය ගුවන් සේවා වෙළෙඳපොළ තුළ සිය ගුවන් යානා සමූහය සහ මෙහෙයුම් පුළුල් කරන වියට්ජෙට් සමාගම, ඊළඟ පරම්පරාවේ එන්ජින් සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ ප්රතිසංස්කරණ (MRO) සහාය සහ ඩිජිටල් ගුවන් සේවා විසඳුම් සඳහා නව හවුල්කාරිත්වයන්ට එළඹ තිබෙන බව නිවේදනය කොට තිබේ. වියට්ජෙට් සමාගම ගුවන්යානා නඩත්තු, අලුත්වැඩියා සහ ප්රතිසංස්කරණ (MRO), ගුවන් යානා අමතර කොටස් සහාය,…
Resus Energy PLC සමාගම අම්පාර, දමන ප්රදේශයේ පිහිටි සිය නව සූර්ය විදුලි බලාගාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත. මෙම ව්යාපෘතිය Resus Energy PLC සමාගමට සම්පූර්ණයෙන්ම අයත් අනුබද්ධ සමාගමක් වන Resus Eastern Solar (Pvt) Limited මගින් සංවර්ධනය කර ක්රියාත්මක කර තිබේ. මෙම බලාගාරය මගින් වාර්ෂිකව පිරිසිදු බලශක්තිය ගිගාවොට් පැය 3.5 ක් (3.5…
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ සහය ලබන ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ හත්වන සමාලෝචනය පැවැත්වීම සහ රටේ ආර්ථික වර්ධනයන්, ප්රතිපත්ති සහ මූල්ය ස්ථාවරත්වය ඇගයීම සඳහා වූ 2026 IV වන වගන්තිය යටතේ වන උපදේශනය සඳහා මෙරටට පැමිණ සිටින එවන් පැපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර හමුවක්…
ආයෝජන සහ කර්මාන්ත ආශ්රිතව රාජ්ය ආයතන අතර පවතින පාලන හා නියාමන බාධා ඉවත් කර එම ක්රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ පිහිටවනු ලබන ජාතික ව්යාපාර පහසුකම් මධ්යස්ථානය (NBFC) හෙට (22) විවෘත කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව කර්මාන්ත ක්ෂේත්රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්යස්ථානය ස්ථාපිත කෙරේ. ව්යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්ය…
Video Story