පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් පසුගිය (26) දා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ඒ අනුව පොල් ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 02ක් ලෙසත්, ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඩොලර් බිලියන 01ක්…
ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ පාරිභෝගිකයන්ට වඩාත් විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ තවත් පද්ධති 07ක් ඊයේ (25) කොළඹ වරායට ළඟා වී තිබේ. මෙම පද්ධති පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි සහ මහියංගනය යන ප්‍රදේශවල පිහිටි විදුලි බල සම්ප්‍රේෂණ උපපොලවල් ආසන්නයේ ස්ථාපිත කිරීමට නියමිතය….
ආදායම් බදු පනත යටතේ භාවිතා වන සියලුම බදු සඳහා, මෙතෙක් ආදායම් බදු නොගෙවා හිඟ බදු ලෙස පවතින අයට මාස 06ක් ඇතුළත ගෙවා නිමා කිරීමට කාලයක් ලබා දී ඇති බවත්, එහිදී ඒ සඳහා කිසිදු පොලී හෝ දඩ මුදලක් අය නොකෙරෙන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා අද (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය….
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18ට වැඩි ජනගහනය මිලියන 17ක පමණ ප්‍රමාණයක් බවත්, ඉන් මිලියන 12කට පමණ මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය නිකුත් කර ඇති බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්…
ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ (ISFTA) 25 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද විශේෂ සමුළුවකදී ‘ඉන්දීය කවුළුව’ (India Desk) පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. ඒ වෙළෙඳ, වාණිජ. ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ…
නවෝත්පාදන ඔස්සේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින ගෝලීය සමාගමක් වන Zydus Lifesciences සහ Sunshine Healthcare යන සමාගම් එක්ව Zydus Sunshine Lifesciences පුද්. සමාගම නමින් නව සමාගමක් ආරම්භ කළ බව නිල වශයෙන් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔවුන් ඇ.ඩො.මි. 20 කට අධික මුදලක් ආයෝජනය කිරීමට නියමිතය. මෙමඟින් මෙරට ඖෂධ නිෂ්පාදනය ශක්තිමත්…
කොමර්ෂල් බැංකුව සහ Visa එක්ව තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රීඩා ඉසව්වක් වන FIFA ලෝක කුසලාන 2026 අවසන් මහා තරගය සජීවීව නැරඹීමේ දුර්ලභ අවස්ථාවක් පිරිනමා ඇත. කොමර්ෂල් බැංකුවේ Visa Platinum, Signature සහ Infinite ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකින් තෝරාගත් ජයග්‍රාහකයන් දෙදෙනෙකුට තවත් පුද්ගලයෙක් සමඟ 2026 ජූලි 19…
ඩිජිටල් සේවාවන් කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම සහ ආසියා-ශාන්තිකර (APAC) කලාපය තුළ වර්ධනය වෙමින් පවතින මූල්‍ය වංචා හා කූටෝපායන්ට (Scams and Fraud) විසඳුම් සෙවීම අරමුණු කරගත් විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් 2026 ජූනි 25 වන දින චීනයේ ෂැන්හයි නුවර, කෙරී හෝටල් (Kerry Hotel) පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී. GSMA ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාව, “MWC Shanghai…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)නියෝජිතයින් පිරිසක් ඊයේ (25) රේගු දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (25) දහවල් පැවති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස වෙනුවෙන් Andrew Okello, Cindy Negus, Greg Topping, Philip Griffiths, Bob Hamilton, Maureen Kidd යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එකී ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් අද (25) දින වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.46ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 61.10ක ඉහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,407.04ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 6,242.75ක්…
Video Story