Top News

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීමට අදාළ නියෝගයට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි. 2021…

(0)Comments | September 17, 2026 4:33 pm

කොටස් වෙළෙපොළ ඒකක 100ක් ඉක්මවා අදත් පහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය, මෙම සතිය තුළ අඛණ්ඩව සිව්වන දිනයටත් අද (17) දිනයේ දී පහළ යන ලදී. මේ අතර ඊයේ (16) දිනයේ දී ඒකක 128ක පහළ යාමක් වාර්තා කර තිබුණු පසුබිමක අද (17) දිනයේ දීද ඒකක 100ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි. ඒ අනුව…

(0)Comments | September 17, 2026 4:18 pm

2026 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අපේක්ෂාවේ පහළ යාමක්. තෙවන කාර්තුවේ දී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා

මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ උද්ගත වූ සාර්ව ආර්ථික අවිනිශ්චිතතාවන් හේතුවෙන් 2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික විශ්වාසය යම් තරමක මන්දගාමීත්වයක් පෙන්නුම් කළද, ගෝලීය නොසන්සුන්තාවන් සමනය වීමත් සමඟ තෙවන කාර්තුවේදී එය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි ශ්‍රී ලංකා ව්‍යාපාරික අංශය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම ව්‍යාපාරික…

(0)Comments | September 17, 2026 3:51 pm

ශ්‍රීලංකන් ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවට නිවේදනයක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පසුගියදා පත් කරන ලද විපුල් මිස්රා (Vipul Misra) මහතා සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) ශ්‍රී ලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා ද සහභාගී විය. මෙම හමුවේදී ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | September 17, 2026 2:17 pm

ඩොලරය තවත් ඉහළට

එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය අද (17) දිනයේ දීද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 326.31 සිට රු. 327.90ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.48 සිට රු. 336.92ක් දක්වා ත් ඉහළ ගොස් ඇත….

(0)Comments | September 17, 2026 12:27 pm

වසර 34කට පසු උඩරට තේ නිෂ්පාදනයේ අවම මට්ටම 2026 අගෝස්තුවේ දී

2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ උඩරට (High Grown) තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.1 දක්වා පහත වැටී ඇති අතර, එය 1992 එල්නිනෝ (El Niño) වසරෙන් පසු සටහන් වූ අවම මාසික නිෂ්පාදනය වේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද මූලික දත්ත ඇසුරින් Asia Siyaka Commodities PLC සමාගම මෙම තොරතුරු වාර්තා කර ඇත. 1992 වසරේ අප්‍රේල්…

(0)Comments | September 17, 2026 12:05 pm

TikTok නිර්මාතෘ Zhang Yiming ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

TikTok හි මව් සමාගම වන ByteDance හි නිර්මාතෘ 43 හැවිරිදි Zhang Yiming, ඇමෙරිකානු ඩොලර් බිලියන 105 කට වැඩි වත්කම් වටිනාකමකට හිමිකම් කියමින් ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටී. BlackRock, Fidelity සහ T. Rowe Price වැනි ප්‍රමුඛ ආයෝජන සමාගම් විසින් ByteDance සමාගමේ වටිනාකම් ඇස්තමේන්තු ඉහළ නැංවීමත් සමඟ මේ මාසය තුළ පමණක් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 12…

(0)Comments | September 17, 2026 11:06 am

ඩුබායි හි පැවැත්වුණු ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුවේදී ගල්ෆ් කලාපීය ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට කොළඹ වරාය නගරය සමත්වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor City හිදී පැවැත්වුණු අතර, කොළඹ වරාය නගරය ඒ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම…

(0)Comments | September 17, 2026 10:49 am

අනවසරයෙන් තැන්පතු රැස්කළ දඹුල්ලේ ප්‍රේමකුමාරට මහ බැංකුවෙන් විධානයක්

දඹුල්ලේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර යන අය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කිරීම් මගින් මහජනතාවගෙන් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පුද්ගලයා හට, ණය ගිවිසුම්/ පොරොන්දු නෝට්ටු…

(0)Comments | September 16, 2026 5:11 pm

කොටස් වෙළෙඳපොළ ඒකක 128කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 128.72ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 29.38ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,133.41ක් ලෙසත් S&P SL20 දර්ශක අගය…

(0)Comments | September 16, 2026 4:39 pm