Top News

නේෂන් ලංකා ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවන දවස් මෙන්න

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ බලපත්‍රය පසුගිය ජූලි 03 දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබීය. මේ සම්බන්ධයෙන් මහ බැංකුව පැවසුවේ, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ 2025.07.04 දින සිට බලපැවැත්වෙන පරිදි නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී. විවිධ නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළද,…

(0)Comments | July 31, 2026 1:56 pm

City of Dreams Sri Lanka සුඛෝපභෝගී බව හා විනෝදාස්වාදය ප්‍රමුඛ කොටගත් සම්මානනීය වසරක මෙහෙයුම සනිටුහන් කරයි

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස 2025 වසරේදී උත්සවාකාරයෙන් කොළඹදී ආරම්භ කරනු ලැබූ City of Dreams Sri Lanka මෙරට සංචාරක ආකර්ෂණයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් පසුගියදා එහි පළමු වසර සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙය මේ ආකාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයද විය. ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයකට…

(0)Comments | July 31, 2026 1:21 pm

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතභාවය සහ ගෝලීය තරගකාරීත්වයට මුහුණ දීම උදෙසා වන ක්‍රමෝපායික සැලසුම ඉදිරියට ගෙන යාමේ ජාතික අවශ්‍යතාව  අවධාරණය කරයි

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ [Sri Lanka Pharmaceutical Manufacturers’ Association (SLPMA)] වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ‘ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම’ (Taking the National Call Forward) යන තේමාව යටතේ පැවැත්විණි. එය ශ්‍රී ලංකාව ඖෂධ නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ විශ්වාසනීය ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙරට සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම…

(0)Comments | July 31, 2026 12:54 pm

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක්

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙනුවෙන් ඩොලර් මිලියන 450ක මූල්‍යාධාරයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති අවිනිශ්චිතතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ කාම්බෝජයේ දුගී ගෘහ ඒකක සුරක්ෂිත කිරීම හා ආර්ථිකයන් ශක්තිමත් කිරීම මෙම මූල්‍යාධාරයන් ලබා දීමේ මූලික අරමුණ වේ. එහිදී කාම්බෝජ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ක්ෂණික මැදිහත්වීමක් ලෙස කාම්බෝජයට ඩොලර්…

(0)Comments | July 31, 2026 11:47 am

2026 මුල් මාස හයේ ආණ්ඩුවේ ආදායම රු. බිලියන 2,956ක්. වියදම රු. බිලියන 2,946.5යි. රු. බිලියන 9.5ක අයවැය අතිරික්තයක් වාර්තා කරයි

2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 9.5 ක නාමික අයවැය අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව සිය මූල්‍ය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සනිටුහන් කර ඇත. මෙය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 405.6 ක අයවැය හිඟය හා සසඳන විට ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. වසරේ මුල් භාගය තුළ දී…

(0)Comments | July 31, 2026 10:21 am

කොටස් වෙළෙඳපොළ ඒකක 80කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය. දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් හා S&P SL20 දර්ශකය ඒකක 15.37ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්හකය ඒකක 21,148.71ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,946.03ක් ලෙසත් ඒ අනුව වාර්තා විය. දිනය තුළ…

(0)Comments | July 30, 2026 4:09 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බැංකු සේවා ප්‍රවේශයේ නව මානයක් එළිදක්වමින්, DFCC බැංකුව වෙතින් භාෂා 8කින් බලගැන්වූ ATM සහ CRM සේවාවක් ක්‍රියාත්මක කරයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හිරිකැටිය, ඇල්ල සහ අරුගම්බේ කේන්ද්‍ර කරගනිමින් විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ටත් වඩාත් පහසු ස්වයංක්‍රීය බැංකු සේවාවක්. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය ගනුදෙනුකරුවන්ටද තමන්ට වඩාත්ම හුරුපුරුදු භාෂාවෙන් මුදල් තැන්පත් කිරීමට සහ මුදල් ආපසු ලබා ගැනීමට පහසුකම් සලසමින්, දිවයිනේ ප්‍රථම වරට භාෂා අටකින් ක්‍රියාත්මක වන ATM සහ CRM යන්ත්‍ර සේවාවක් හඳුන්වා දීමට…

(0)Comments | July 30, 2026 3:40 pm

ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ගේ සිනමා අත්දැකීම නව මානයකට ඔසවා තබමින් City of Dreams Sri Lanka හි ‘The Shoppes’ වෙත Scope Cinemas හි ආගමනය සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව හා බැඳුණු අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් පවතී. දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, සිය නවතම සුවිශේෂීම ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. 2026…

(0)Comments | July 30, 2026 1:41 pm

කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට

ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවනාගාරයේදී පසුගිය (28) දා පැවැත්විණ. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කරමින්, කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…

(0)Comments | July 30, 2026 11:26 am

ක්ෂණික ආහාර සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කරමින් Wendy’s පළමු අවන්හල මෙරටට හඳුන්වා දීමට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සැරසෙයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH), ජාත්‍යන්තරව ප්‍රචලිත Wendy’s සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් තම පාරිභෝගික ආහාර නිෂ්පාදන කළඹ (Consumer Foods portfolio) ක්ෂණික ආහාර සේවා (Quick Service Restaurant – QSR) අංශය දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. මීට අදාළ නියෝජිතත්ව ගිවිසුම් (franchise agreements) සහ අනෙකුත් මූලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බව එම සමාගම සඳහන්…

(0)Comments | July 28, 2026 4:57 pm