ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටී මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 5.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 අප්‍රේල් මාසයේ දී මෙම අගය 4.7%ක් ලෙස වාර්තා වී තිබුණි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. අප්‍රේල් මාසයේ දී 1.1% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය…
මෙම මගඩිය පිළිබදව ඔබ අවධානයෙන් පසුවිය යුතුමය. එය එතරම් සූක්ෂ්මය. ඊට පහසුවෙන් ගොදුරු වීමට ඉඩ ඇත්තේ ඉතා නීත්‍යනුකූල ආකාරයෙන් මෙම වංචාව සිදුකිරීමට වංචනිකයන් පියවර ගෙන තිබීම නිසාය. පළමුව මෙම වංචාකරුවන් ඔබට WhatsApp පණිවිඩයක් එවනු ලබන්නේය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලෙස සදහන් එම පණිවිඩය ඉතා නිල පණිවිඩයක ස්වරූපයක් උසුලන්නේය. නිල දුරකතන අංක, ඊමේල් ලිපිනයන් සහිත එම…
ගාල්ලේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් පොරොන්දු නෝට්ටු සහ/හෝ වාණිජ පතු නිකුත් කිරීම මගින් මහජනතාවගෙන් තැන්පතු භාර ගෙන ඇති බවටත්, එම කාලසීමාව තුළ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යන සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ පුද්ගලයින් එකී උල්ලංඝනයන් සඳහා වගකිව යුතු බව නිශ්චය කර ඇති බවටත්…
ශ්‍රී ලංකාවේ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය මුහුණ දෙන සහ වර්ධනය වන අභියෝග, විශේෂයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවන සහ අපනයනකරුවන්ගේ පිරිවැය ඉහළ නංවන අමුද්‍රව්‍ය හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ විශේෂ රැස්වීමක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ පොල් කොහු සහ කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 2025 වසරේදී ප්‍රබල…
2026 මැයි මාසයේ දී 145,745ක විදෙස් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය දා නිවේදනය කළේය. මෙය 2025 මැයි මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීමෙහි 9.65%ක වර්ධනයක් වේ. මේ අතර සංචාරක අමාත්‍යංශය සඳහන් කර සිටියේ ඉතිහාසයේ මේ දක්වා ඔ්නෑම වසරක මැයි මාසයක පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණය මෙය වසරේ දී වාර්තා වී ඇති…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් එළඹෙන බදාදා (24) සිට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව දැනුම් දී සිටී. එවන් පපාජෝ(ර්)ජියෝ මහතා විසින් LinkedIn සටහනක් තබමින් මේ බව නිවේදනය කළ අතර ජූනි 24 සිට 30 දක්වා මෙම සංචාරය ක්‍රියාත්මක වනු ඇත. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (19) දිනයේ දී ඒකක 74.83ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,361.31ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය සලකා බැලීමේ දී ඒකක 11.48ක පහළ යාමක් වාර්තා වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය…
මොස්කව් නුවර විශාලතම එළිමහන් ප්‍රදර්ශන භූමිය වන VDNH ප්‍රදර්ශන සංකීර්ණයේදී ජූනි 10 සිට 14 දක්වා පැවැත්වුණු 6 වැනි ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක සංසදය (ITF) 2026 සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සාර්ථක ලෙස සහභාගී විය. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය කළමනාකාර…
FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් චීනයේ බීජිං නුවර ෆෝටෝන් ජාත්‍යන්තර සමාගමේ අනුග්‍රහයෙන් ප්‍රධාන කර්මාන්ත ශාලවේ දී පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා Lanka Metro Transit නියෝජිතයින් සහභාගී වී තිබේ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, මෙම…
Video Story