ඩොලරය හදිසියේම උඩ යයි

    September, 16, 2026

    ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක් අද (16) දින වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ක්‍රමික අතිප්‍රමාණයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල අද (16) දිනයේ දී මෙලෙස අවප්‍රමාණය වීමක් පෙන්නුම් කිරීම විශේෂ සිදුවීමකි.

    ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත්, විකුණුම් මිල රු. 333.84 සිට රු. 335.48ක් දක්වා ත් කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර ඇත.

    ඩොලරයේ මධ්‍ය අගය ද ඊයේ (15) වාර්තා වූ රු. 329.03 සිට රු. 330.17ක් දක්වා අද දිනයේ දී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික වාර්තා පෙන්වා දේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 2026 සැප්තැම්බර් 11 දා වන විට 5.7%ක අවප්‍රමාණයක් වාර්තා කර තිබුණි.