ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් හමුවේ විදේශ විනිමය සංචිත ප්රමාණවත් ලෙස පවත්වා ගැනීම සහ ද්රවශීලතාව තහවුරු කිරීම මහ බැංකුවල මූලික වගකීම වන බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (10) කොළඹ දී පැවැති 2026 සංචිත කළමනාකරණ සමුළුවේ (Reserve Management Conference 2026) සමාරම්භක දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය….
ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික Amphibious (උභයජල) යාත්රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය ඊයේ (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්රයේදී කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්රතිපත්තියට සමගාමීව Ocean Voyager International ආයතනය විසින් නිපදවූ…
හොංකොංහි පැවැත්වෙන Belt and Road Summit (එක් තීරයක් – එක් මාවතක් සමුළුව) අතරතුරදී, ශ්රී ලංකා වෙළෙඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ තායිලන්තයේ වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය (Vice Minister for Commerce) Dr. Kirida Bhaopichitr මහත්මිය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී තායිලන්ත – ශ්රී ලංකා වෙළෙඳ ගිවිසුම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්රධාන වශයෙන් අවධානය යොමු වී…
තේ අපනයනකරුවන්ගේ සංගමයේ (TEA) 27 වන වාර්ෂික මහා සභා රැස්වීම, “අභියෝග ජය ගැනීම” යන තේමාව යටතේ පාර්ශවකරුවන්, රාජ්ය නිලධාරීන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්රා හෝටල් පරිශ්රයේදී පැවැත්විණි. මෙහිදී 2026/2027 වසර සඳහා සංගමයේ සභාපතිවරයා ලෙස හුසේෆා අක්බර්අලි මහතා නැවත පත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්රකාශ කර සිටියේ, “වත්මන් ගෝලීය ගැටුම් සහ…
ශ්රී ලංකාව කලාපීය සමුද්රීය කේන්ද්රස්ථානයක් ලෙස ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කරනු ලබන 8 වන කොළඹ ජාත්යන්තර සමුද්රීය සහ සැපයුම් සම්මන්ත්රණය (CIMC) 2026 සැප්තැම්බර් 9 වන දින කොළඹ දී නිල වශයෙන් ආරම්භ විය. එහි සමාරම්භක සැසිය අමතමින් ප්රධාන අමුත්තෙකු ලෙස සහභාගී වූ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේ, ජාත්යන්තර සැපයුම්…
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහසභා රැස්වීමේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය. වාර්ෂික මහසභා රැස්වීම සැප්තැම්බර් 19 වැනි සෙනසුරාදා පැවැත්වේ. ප්රාදේශීය වැවිලි සමාගම්, ක්ෂේත්රයේ ප්රමුඛයන් සහ අනෙකුත් ප්රධාන පාර්ෂවකරුවන් ඊට එක්වීමට නියමිතය. වැවිලි ක්ෂේත්රයේ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි වර්ධනය සඳහා අවශ්ය ප්රමුඛතා…
දකුණු ආසියාව සහ ආසියාන් (ASEAN) කලාපය පුරා ආර්ථික අපරාධ (economic crime) මැඩලීමේ උපායමාර්ග පිළිබඳව අවධානය යොමු කළ 5 වන වැඩමුළුව අතරතුරදී, කේම්බ්රිජ් විශ්වවිද්යාලයේ ජීසස් විද්යාලයේ (Jesus College, University of Cambridge) පැවති 43 වන කේම්බ්රිජ් ජාත්යන්තර ආර්ථික අපරාධ පිළිබඳ විද්වත් මණ්ඩපයේදී (Cambridge International Symposium on Economic Crime) ආර්ථික අපරාධ සහ භූ දේශපාලන දර්ශකය (Economic Crime &…
ඇපල් සමාගම විසින් ඊයේ (09) දිනයේ දී iPhone 18 Pro සහ iPhone 18 Pro Max ස්මාර්ට්ෆෝන් මාදිලි නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලදී. මෙම නව Pro මාදිලි සඳහා variable aperture සහිත මෙතෙක් iPhone එකක ඇතුළත් වූ වඩාත්ම දියුණු මෙගාපික්සල් 48 Fusion ප්රධාන කැමරාව ඇතුළත් කර ඇත. තවද, 2-nanometer තාක්ෂණයෙන් නිපදවන ලද A20 Pro චිපය, නව…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් නාවික කොමිෂන් සභාවේ (FMC) සභාපතිනි ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ කොමසාරිස් රොබට් ජේ. හාර්වි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී ශ්රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපතිවරයා ඇතුළු ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වරාය මෙහෙයුම්, සේවාවන්, ධාරිතා සංවර්ධනය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව…
රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (09) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්ය ඵලදා අනුපාතිකයන් හි සුළු උච්ඡාවචනය වීමක් වාර්තා වී තිබේ. එහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.96% සිට 9.03%ක් දක්වා පදනම් අංක 7කින් ඉහළ ගොස් ඇති අතර දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.27% සිට 9.24% ක් දක්වා පදනම් අංක…
Video Story