SLT-MOBITEL වෙතින් නවීකරණය වූ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළට පරිපූර්ණ ඩිජිටල් තාක්ෂණ පහසුකම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණික පහසුකම් ඔස්සේ සිය දායකත්වය ලබාදීමට කටයුතු කළේය. මෙය ජාතික අවශ්‍යතා ඉටුකරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීමට සහය වීම සම්බන්ධයෙන් SLT-MOBITEL සතු දැක්ම මැනැවින් නිරූපණය කළ…
ලොව පුරා දැඩි අවධානයක් යොමු වූ මූලික මහජන කොටස් නිකුතුව (IPO) සිදුකළ, SpaceX සමාගම අද (11) දින Nasdaq කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමෙන් පසු එහි ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට සිදුවෙමින් පවතී. ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන SpaceX සමාගමේ කොටසක් ඩොලර් 135 බැගින් මූලික කොටස් නිකුතුවේ දී පිරිනැමුනු අතර ආරම්භයේ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (12) දිනයේ දී වාර්තා වුණි. එහිදී සියලු කොටස් මිල දර්ශකයඒකක 367.41කින් ඉහළගොස් ඒකක 21,637.43ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 91.77කින් ඉහළ ගොස් ඒකක 6,027.05ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් විය. කෙසේවෙතත් දෛනික ගනුදෙනු පිරිවැටුම, වසරේ සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 4.65ට වඩා අඩු අගයයක් ගත්…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙහි සෙසු සාමාජිකයන් ලෙස, 1. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා 2. මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල් මහතා 3. ගනුදෙනු සහ ආයෝජන…
ශ්‍රී ලංකා වේලාවෙන් අද (12) පස්වරු 3.30 පමණ වන විට ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වේ. එහිදී WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.04ක් දක්වා 4.18%කින් හා බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.75ක් දක්වා 4.02%කින් කැපීපෙනෙන ලෙස පහළ ගොස් ඇත. මේ අතර මර්බන් වර්ගයේ බොර තෙල්…
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා දෙස්විදෙස් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් අභිලාෂ කැඳවීම සඳහා ලබා දී තිබූ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 2026 ජූනි 09 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සඳහා අභිලාෂ කැඳවීමට දී තිබූ කාලය 2026 ජූලි 09 දින දක්වා දීර්ඝ කර ඇත….
ශ්‍රී ලංකා රුපියලේ කැපීපෙනෙන අවප්‍රමාණයක් අද (12) දිනයේ දී වාර්තා වී තිබේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් ඊයේ දිනයේ දී සටහන් වී තිබුණු රු. 327.67 හා රු. 337.82 සිට රු. 331.42ක් හා රු. 341.36ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ…
ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය විසින් ‘Central Park Boulevard Port City Colombo’ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමට සූදානම් වේ. ඒ වෙනුවෙන් අද (12) සිට ජූනි 14 දක්වා මෙම සතිඅන්තයේ උත්සව මාලාවක් සංවිධානය කර ඇති අතර ‘Cinnamon Life at City of Dreams’ හි ‘Lumina’ උත්සව…
මැදපෙරදිග යුද ගැටුම් නැවත වතාවක් නව වටයකින් ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙසින් උද්ගත වූ ගෝලීය අස්ථාවරත්වය හමුවේ අද (11) දිනයේ දී ආසියානු කලාපයේ මෙන්ම ලොව පුරා වෙළෙඳපොළ ගණනාවක පහළ යාම් වාර්තා වුණි. මේ අතර අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 191.45කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 50.14ක පහළ යාමක්…
සෞදි අරාබි රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, සවුදියා (Saudia – SV) සහ ෆ්ලයිනාස් (Flynas – XY) ගුවන් සේවාවන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කරගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමනාන්ත ජාලය පුළුල් වන අතර සෞදි අරාබි රාජ්‍යය තුල හා ජාත්‍යන්තර ගමනාන්ත වෙත ප්‍රවේශ…
Video Story