Top News

2030 දී සංචාරක ක්ෂේත්‍රයට ලක්ෂ 8ක මානව සම්පතක අවශ්‍යතාවයක්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර, එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027…

(0)Comments | July 17, 2026 11:00 am

කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (16) දිනයේ දී දැකගත හැකි විය. එහිදී ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 29.77කින් සහ S&P SL20 දර්ශකය ඒකක 16.37කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,447.57ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,004.99ක් ලෙසත් සටහන්ව තිබුණි….

(0)Comments | July 16, 2026 4:11 pm

තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීමට “Ceylon Tea Village” හෙවත් තේ ගම්මාන 500ක්

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ඊයේ (15) නුවර එළිය දිස්ත්‍රික්කයේ…

(0)Comments | July 16, 2026 2:52 pm

කොළඹ මහ නගර සභාව විනෝද බද්ද අඩු කරයි

කොළඹ මහ නගර සභාව විසින් ශ්‍රී ලාංකීය කලාකරුවන්ට සහ දේශීය කලා ක්ෂේත්‍රයට ශක්තියක් ලබාදීමේ අරමුණින්, දේශීය ප්‍රසංග සඳහා අදාළ බද්ද 12% සිට 7% දක්වා අඩු කිරීමට පියරව ගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මේ බව අනාවරණය කර සිටී. නගරාධිපතිනිය විසින් තබන ලද එම සටහන පහතින් දැක්වේ….

(0)Comments | July 16, 2026 11:59 am

සති දෙකකට පසු ඩොලරයේ විකුණුම් මිල රු. 341 පසුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) දිනයේ දී, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 331.67ක් සහ රු. 341.08ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙලෙස අද දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 341 සීමාව ගොස් ඇත්තේ පසුගිය ජූනි 02 දායින් පසු පළමු වරට අද…

(0)Comments | July 16, 2026 11:12 am

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (AASL), සිලෝන් ෂිපිං කෝපරේෂන් (CSCL), ශ්‍රී…

(0)Comments | July 16, 2026 11:00 am

ජූනි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජුනි මාසයේ දී 53.0ක අගයක් වාර්තා කළේය. මැයි මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඩු වේගයකින් වුව ද සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙමගින් පෙන්නුම් කරයි. පසුගිය මාසයට සාපේක්ෂව ලැබුණු නව ඇනවුම් ප්‍රමාණය බොහෝ දුරට…

(0)Comments | July 16, 2026 10:19 am

ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” ජාතික වැඩසටහන ඇරඹේ

ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන අද (15) දින ආරම්භ විය. මීට සමගාමීව දිවයින පුරා තේ ගම්මාන 144ක් සමඟ පළමු අදියර ආරම්භ කෙරේ. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත්…

(0)Comments | July 15, 2026 4:43 pm

2026 පළමු භාගයේ කටුනායක ගුවන්තොටේ මගී මෙහෙයුම් හතළිස් හත්ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ පළමු භාගය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් සම්බන්ධ සංඛ්‍යා දත්ත කිහිපයක් වාර්තා වේ. ඊට අනුව 2026 පළමු මාස 06 තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ භාවිත කර ඇති මුළු මගීන් සංඛ්‍යාව 4,748,481ක් වේ. එසේම මෙම මාස 06 තුළ දී හසුරුවා ඇති මුළු ගුවන් යානා ප්‍රමාණය 30,659ක් ලෙසින් වාර්තා වී ඇත. මෙම වකවානුව තුළ…

(0)Comments | July 15, 2026 2:29 pm

TikTok 2026 පළමු කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ වාර්තාව එළිදක්වයි

TikTok සමාගම සිය පරිශීලකයන් වෙනුවෙන් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින්, 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව පසුගියදා නිකුත් කරනු ලැබීය. 2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි නිර්මාණය කර ඇති මෙම වාර්තාව මඟින් ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනාගෙන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා TikTok ආයතනය…

(0)Comments | July 15, 2026 12:44 pm