නෙළුම් කුළුණ පළමු හවුල්කරු වෙයි – සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ අත්දැකීම් එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ කොළඹ නගරයේ සංකේතාත්මක සලකුණ වන නෙළුම් කුළුණෙන් ආරම්භ කරමින්, සංචාරක ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ සහ සංස්කෘතික ආකර්ෂණ එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ කරන ” කළම්බු කනෙක්ට්” (Colombo Connect) වැඩසටහන PickMe ආයතනය ඊයේ 5 වැනි දින එළිදැක්වීය….
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම අද (06) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළෙ නිල ලැයිස්තුවෙන් ඉවත් වනු ඇත. ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී, මෙරට ප්‍රමඛ මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීම හේතුවෙන් එම සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව නිවේදනය කර සිටී.
සිය ආයතනික ගමන් මඟේ ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී රු. බිලියන 200ක වත්කම් පදනමක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇත. මේ බව නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ එස්.බී. රන්ගමුව පවසන්නේ 2026 ජූලි 31 දින වන විට සමාගමේ වත්කම් පදනම රු. බිලියන 200 කඩඉම ඉක්මවා ගොස්…
ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය යළිත් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීම සඳහා ‘ද බෑන්කර්’ සඟරාව ප්‍රධාන නිර්ණායකයක් ලෙස භාවිත කරන පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනයෙහි සියයට…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (06) දින ගනුදෙනු ආරම්භ වී මුල් භාගය තුළ දී රු. බිලියන 9 සීමාව ඉක්මවා යනු ලැබීය. මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් වාර්තා වූ දැවැන්ත කොටස් ගනුදෙනුවක් මේ සඳහා හේතු වූ අතර පෙරවරු 10.40 පමණ වන විට එහි කොටස් මිලියන 86.88ක් එකක් රු. 100.50…
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “TM App” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත. ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන “ශ්‍රී ලංකා AI සතිය 2026″ (Sri Lanka AI Week 2026) පිළිබඳ නිල මාධ්‍ය හමුව අද (අගෝස්‍තු 5) දින සාර්ථකව පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL ආයතනය එක්ව සංවිධානය කරන…
ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින පියවර ගෙන ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ…
මැදපෙරදිග යුද්ධයේ ආරම්භයත් සමඟින් මන්දගාමී වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍ය වර්ධනයක් අද (05) දිනයේ දී දැකගත හැකි විය. එහිදී වාර්තාගත ලෙස රු. බිලියන 8.47ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි. එය වසරේ මේ දක්වා සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 4 මෙන් දෙගුණයක ප්‍රමාණය ඉක්මවා යාමකි. මෙලෙස විශාල දෛනික පිරිවැටුමක්…
මෙරට ප්‍රථම අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය (Zero-Waste Cinnamon Processing Center) ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (04) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේදී සිදු කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය එකතුවෙන් මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ලොව…
Video Story