Top News

එල්-නිනෝ ආපදාවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතියෙන් පිරිනැමෙන ජල ටැංකි සංකේතාත්මකව ජනාධිපති ලේකම් වෙත භාර දෙයි

එල්-නිනෝ කාලගුණ තත්ත්වයෙන් පීඩා විඳින ජනතාවට ජලය රැස් කර ගැනීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ‘යුනිලීවර් දියවර සහාය’ ව්‍යාපෘතිය මගින් පිරිනමනු ලබන ජල ටැංකි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංකේතාත්මකව භාර දීම අද (25) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙහි ප්‍රථම අදියර යටතේ ජල ටැංකි 200ක් බෙදා දීමට නියමිත අතර…

(0)Comments | August 25, 2026 5:28 pm

2026 ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් දියත් කෙරේ.

මන්නාරම් ද්‍රෝණියේ 2026 ශ්‍රි ලංකා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ දෙමටගොඩ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී අවස්ථාව, බලශක්ති සහ වරාය සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍යය සහ මුදල්…

(0)Comments | August 25, 2026 5:05 pm

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ILO Better Work වැඩසටහන එක්ව ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගල සමානාත්මක සහභාගීත්වයක් සහතික කරයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගලයන් සඳහා වඩාත් සමානාත්මක සහභාගීත්වයක් සහ සියලු දෙනාටම සමාන අවස්ථා උදා කර දීමේ සේවා පරිසරයක් ගොඩනැගීමේ අරමුණින්, ප්‍රමුඛ ඇඟලුම් සමාගම් 13ක් පසුගියදා කොළඹදී ස්වේච්ඡා ප්‍රතිඥාවකට අත්සන් තැබීය. මෙම පියවර, Better Work Sri Lanka යටතේ ක්‍රියාත්මක “Inclusive Threads” වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව…

(0)Comments | August 25, 2026 1:55 pm

2026 මැයි 29න් පසු ඩොලරයේ අඩුම රුපියල් අගය අද

එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) අද (25) දිනයේ දී රු. 329.00ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2026 මැයි 29 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති පහළම Spot අගය වේ. මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 324.07ක් ලෙසත් විකුණුම් මිල රු. 333.17ක් ලෙසත් වාර්තා වී තිබේ.  

(0)Comments | August 25, 2026 11:41 am

ක්‍රිෂාන් තිලකරත්න සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරයට

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂාන් තිලකරත්න මහතා එහි නියෝජ්‍ය සභාපති ධූරයට පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය.  2026 අගෝස්තු 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් වීම සිදුකර තිබේ. 2018 වසරේදී විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක් වූ තිලකරත්න මහතා නියෝජ්‍ය සභාපති ධුරයට පත් වීම…

(0)Comments | August 25, 2026 6:54 am

කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ලෝක බැංකු නියෝජිතයින් සමග සාකච්ඡාවක්

ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමත්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාත් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද (24) පෙරවරුවේ පැවැත්විණි. කොළඹ, කොටුව ඓතිහාසික…

(0)Comments | August 24, 2026 5:08 pm

කොටස් වෙළෙඳපොළ අද පිරිවැටුම රු. බිලියන 16 පනී. CT හෝල්ඩිංග්ස් සහ කාගිල්ස් (සිලෝන්) සමාගම්වලින් දැවැන්ත ගනුදෙනු

අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාගත රු. බිලියන 16.85ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙය 2025 ජූලි 16 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වී තිබෙන ඉහළම පිරිවැටුම වන අතර එම දිනයේ දී රු. බිලියන 17.01ක පිරිවැටුමක් වාර්තා වී ඇති බව කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දේ. මූලිකවම සමාගම් දෙකක ගිවිසාගනු ලැබූ කොටස් හුවමාරු…

(0)Comments | August 24, 2026 3:00 pm

රක්ෂණ ක්ෂේත්‍රයේ ශක්තිය, සහයෝගීතාව සහ නවෝත්පාදනය පිළිබඳ ඉදිරි දැක්මක් සමඟින් 2026 ශ්‍රී ලංකා ජාතන්තර රක්ෂණ සමුළුව සාර්ථකව අවසන් වෙයි

ලෝකයේ විවිධ අවදානම් සහගත තත්ත්වයන් දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ ජීවත්වීමට අභියෝගයක් එල්ල කරමිනි. මේ සඳහා විසඳුමක් ලෙස ආර්ථික විශ්වාසය ගොඩනැඟීම, ප්‍රජාවන් ආරක්ෂා කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීම අරමුණු කොටගත් දින තුනක සුවිශේෂී සාකච්ඡාවක් සමඟින් 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව පසුගියදා කොළඹදී අවසන් විය. ශ්‍රී ලංකා රක්ෂණ…

(0)Comments | August 24, 2026 1:19 pm

මහජනයාගෙන් ලබා ගන්නා මුදල් භාවිත කරන ආකාරය ගැන කොටස් වෙළෙඳපොළේ නීති දැඩි වෙයි

ලැයිස්තුගත සමාගම් මූලික මහජන කොටස් නිකුතුවලින් (IPO) හෝ වෙනත් ආකාරයක සුරැකුම් නිකුත් කිරීමකින් රැස්කරන අරමුදල් භාවිත කරන ආකාරය පිළිබඳව වඩාත් විස්තරාත්මක සහ විනිවිදභාවයකින් යුත් තොරතුරු හෙළිදරව් කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළ (CSE) විසින් නව සංශෝධිත රාමුවක් හඳුන්වා දී ඇත. සමාගම් විසින් මහජනතාවගෙන් ලබාගන්නා ප්‍රාග්ධනය නිසි පරිදි උපයෝගී කරගන්නේද යන්න තහවුරු කිරීම සහ ආයෝජක විශ්වාසය සුරැකීම…

(0)Comments | August 24, 2026 12:40 pm

රුපියලේ අවප්‍රමාණය අඩුවෙයි

2026 වසරේ මුල් මාස 06 තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 8%ක අවප්‍රමාණයක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල මේ වන විට ක්‍රමයෙන් අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව පසුගිය සිකුරාදා (21) වන විට රුපියලේ අවප්‍රමාණය 6.1%ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර සිටී. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව…

(0)Comments | August 24, 2026 11:40 am