අද (04) උදෑසන වන විට මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබූ විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව අද (04) පෙරවරු 10.00 වන විට වාණිජ බැංකු කිහිපයකම ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් දැක්වුණේ පහත අයුරිනි. ලංකා බැංකුව:…
2026 පළමු කාර්තුවේ දී මධ්‍යම රජයේ ණය ඩොලර් බි. 100.35 සිට ඩොලර් බි. 98.96ක් දක්වා 1.38%කින් පහළට 2026 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 102,267ක් බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි. 2026 පළමු කාර්තුව සඳහා Debt Bulletin වාර්තාව නිකුත් කරමින් රාජ්‍ය ණය කළමනාකරණ…
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ සුළං බලශක්ති අංශය වන ‘හේවින්ඩ් වන් ලිමිටඩ්’ (HayWind One Limited), මන්නාරම ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 50ක සුළං බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එහි සමස්ත මෙගාවොට් 50න් පළමු මෙගාවොට් 25 සඳහා වන සුළං ටර්බයින (Wind Turbines) තොගය පසුගිය දා ත්‍රිකුණාමලය වරායට සාර්ථකව පැමිණ තිබේ. මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වූ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිිරීමෙන් අනතුරුව එහි 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව, වාරික දෙකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට…
අද (03) පෙරවරු 10.00 වන විට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 337 සීමාව ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව බැංකු කිහිපයක් විසින් නිවේදනය කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ. ලංකා බැංකුව: 328.50 | 337.50…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ජුනි 05 සහ 06 යන දිනවල ත්‍රිකුණාමලයේදී ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට නියමිතය. මෙම වැඩසටහන රජයේ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳව ඇති දැනුම්වත්භාවය ඉහල…
කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විසින් දිගින් දිගටම සිදු කරන ලද විනාශකාරි ක්‍රියා සහ සොරකම් හේතුවෙන් විශාල ලෙස හානියට පත් වී ඇති අතර, මේ වන විට ආලෝකකරණ පද්ධතියෙන් ආසන්න වශයෙන් 85%ක් අක්‍රීයව පවතී. එබැවින්, අධිවේගී මාර්ගයේ මුළු දිග ප්‍රමාණයම ආලෝකකරණය කිරීම සඳහා දැරිය යුතු පිරිවැය…
සපුගස්කන්ද විදුලි බලාගාරයේ A බලාගාරය සහ B බලාගාරය වෙත 2026/27 කාලසීමාව වෙනුවෙන් ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ…
මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ලොට් A සහ ලොට් B වශයෙන් ව්‍යාපෘති 02කින් සමන්විත එම ව්‍යාපෘතියේ ලොට් Bහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇත. මුල්ලිකුලම් කිලෝවෝල්ට් 220/33 රැස්කිරීමේ ග්‍රිඩ් උපපොළේ ආදාන පැතිකඩ සහ එම ග්‍රිඩ් උපපොළෙහි කිලෝවෝල්ට් 220 රැහැන්…
ශ්‍රී ලංකාවේ පැරණිතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (Industrial Development Board – IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ වැදගත් ආයතනයක්…
Video Story