Top News

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට 26 වන අපනයනකරුවන්ගේ සංසදය සාර්ථකව පැවැත්වේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද 26 වන අපනයනකරුවන්ගේ සංසදය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 19 වෙනිදා) එම මණ්ඩල පරිශ්‍රයේදී සාර්ථකව පවත්වනු ලැබීය. අපනයනකරුවන්ට තම ව්‍යාපාරික ගැටළු ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත සෘජුව ඉදිරිපත් කර, ප්‍රායෝගික විසඳුම් ලබාගැනීම සඳහා මෙය වැදගත් අවස්ථාවක් විය. මෙම සංසදය අමතමින් කර්මාන්ත…

(0)Comments | August 20, 2026 6:58 am

පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීම මෙම වසර අගදී

රජයේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සඳහා ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි අන්දමින් රාජ්‍ය සේවයේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා තොරතුරු තාක්ෂණ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ ක්‍රියාත්ම කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන්වල ප්‍රගති…

(0)Comments | August 19, 2026 6:58 pm

පාදුක්ක, ඉංගිරිය ඉඩම් මිල දැනටමත් නොසිතූ ලෙස වැඩිවෙලා. රුවන්පුර අධිවේගයේ වැඩ ඇරඹීමත් සමඟ පොල්ගස්ඕවිට, ගෝනපල, හොරණ ඉඩම් මිල තවත් ඉහළ යනු ඇති බවට අනාවරණයක්

කොළඹ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවතත් ආරම්භ කිරීමට රජයේ අනුමැතිය හිමිවීමත් සමඟ, මෙරට දේපළ වෙළඳපොළ නවතම වර්ධනීය අදියරකට පිවිසීමේ පසුබිම සකස් වී ඇති බව LankaPropertyWeb (LPW) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිත අතර, එමඟින් කොළඹ සහ සබරගමුව පළාත…

(0)Comments | August 19, 2026 6:11 pm

Vietjet ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – වියට්නාම සහයෝගීතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වියට්නාමයේ හෝ චී මින් (Ho Chi Minh) නගරයේ සිට කොළඹට Vietjet ගුවන් සේවයේ පළමු සෘජු ගුවන් ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. දිවයිනට පැමිණි එයාර් බස් 320 ගුවන් යානයෙන් මගීන් 169 දෙනෙකු පැමිණි අතර, ගුවන් යානය කොළඹ සිට Ho Chi Minh ආපසු ගමනට මගීන් 171 දෙනෙකු…

(0)Comments | August 19, 2026 1:07 pm

සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපති සුරංජිත් වෑවිට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ (18) දින සුරංජිත් වෑවිට මහතා වෙත පිරිනමා ඇත. මෙම පත් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් මෙසේ කියා සිටී. ​“ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…

(0)Comments | August 19, 2026 10:50 am

ශ්‍රී ලංකාවේ ලෝක ආහාර දිනය වෙනුවෙන් FAO, අධ්‍යාපන අමාත්‍යාංශය, HNB සහ තවත් ආයතන එක්ව ‘ජාතික යෞවන නවෝත්පාදන අභියෝගතාව’ ආරම්භ කරයි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ හැටන් නැෂනල් බැංකුව (HNB) එක්ව 2026 ලෝක ආහාර දිනය වෙනුවෙන් ‘යෞවන නවෝත්පාදන අභියෝගතාව’ (Youth Innovation Challenge) ආරම්භ කර ඇත. මෙය දිවයින පුරා සිටින විශ්වවිද්‍යාල සිසුන් සඳහා පවත්වන තරගයකි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන පද්ධති මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට නව…

(0)Comments | August 19, 2026 10:21 am

ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ගමනේ මීළඟ පියවර තබමින් Orion City විසින් Orion Tower II එළිදක්වයි

වසර විස්සකට ආසන්න කාලයක් පුරා Orion City හි ප්‍රධාන අරමුණ වූයේ හුදෙක් කාර්යාල පරිශ්‍රයන් ගොඩනැගීම පමණක් නොවේ. ඒ වෙනුවට, විවිධ ආයතන සහ ව්‍යාපාරවලට නවෝත්පාදනයන් සිදු කිරීමට, සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට සහ වර්ධනය වීමට හැකි සක්‍රීය ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට Orion City නිරන්තරයෙන් කටයුතු කළේය. එහි තවත් ඉදිරි පියවරක් තබමින්, Orion City හි විශාලතම වාණිජ කාර්යාල සංකීර්ණ ව්‍යාපෘතියක්…

(0)Comments | August 19, 2026 10:17 am

සමතකරණ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාරික විශ්වාසය ඉහළ නැංවීමට පියවර

සමතකරණය ඉහළ නැංවීම හරහා මෙරට ව්‍යාපාරික විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. එහිදී අධිකරණයේ සාම්ප්‍රදායික නඩු විභාග කිරීමේ ක්‍රියාවලිය හා සසඳන විට වාණිජ ආරවුල් කඩිනමින් සමතකරණය තුළින් විසඳීම මගින් ආයෝජකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට මැදිහත් වීමටත් බලාපොරොත්තු වේ. මෙමඟින් දේශීය ව්‍යාපාරවලට මෙන්ම විදේශීය ආයෝජකයන්ටද තමන්ගේ වාණිජමය ගැටලු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව විසඳා ගැනීමට සුදුසු…

(0)Comments | August 19, 2026 10:13 am

මගී ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට යෝජනාවක්

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මූලික කර ගනිමින් මගී ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම සඳහා සැලසුම් කිරීමට විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල මහත්වරුන් සමඟ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද…

(0)Comments | August 18, 2026 2:59 pm

සෙත්සිරිපාය අදියර III ඉතිරි වැඩ රු. බිලියන 25.58කට අවසන් කිරීමට Maga Engineering සමඟ ගිවිසුමක්

රජයේ සහ අර්ධ රාජ්‍ය අංශය තුළ පරිපාලන කාර්යාල ඉඩකඩ සඳහා පවතින ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීම පිණිස සෙත්සිරිපාය අදියර III ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මුලික අවස්ථාවේදී එකී ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 16.7ක් විය. එකී ව්‍යාපෘතියේ ටැඹ අත්තිවාරම සඳහා සහ උපරිව්‍යුහය සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස මින්…

(0)Comments | August 18, 2026 2:43 pm