Top News

ශ්‍රී ලංකාවේ බැංකු අංශය ස්ථාවර බවත් මූල්‍ය වංචා මැඬපැවැත්වීමට සන්නද්ධ බවත් ශ්‍රී ලංකා බැංකු සංගමයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ බැංකු අංශය ස්ථාවරව හා ආරක්ෂිතව පවතින බවත් මෑතකදී වාර්තා වූ හුදෙකලා මූල්‍ය වංචා හේතුවෙන් පාරිභෝගික තැන්පතු වල ආරක්ෂාවට හෝ මූල්‍ය පද්ධතියේ සමස්ත අඛණ්ඩතාවයට කිසිදු තර්ජනයක් නොවන බවත් සාමූහික සහ නිශ්චිත සහතිකයක් ලබා දී ඇත. මෙරට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය…

(0)Comments | May 28, 2026 1:25 pm

ගෝලීය දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රු. බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපියල් බිලියන 28.5 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කරන ලදී. මේ සඳහා කාර්තුව තුළදී ස්ථාවර ලෙස ඉහළ ගිය ශුද්ධ පොළී ආදායම සහ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම් හේතු විය. කෙසේ වුවද 2026 වසරේ පළමු කාර්තුව සඳහා බැංකුව රුපියල් බිලියන 6.2 ක බදු පසු ලාභයක් වාර්තා කරන ලද අතර…

(0)Comments | May 28, 2026 11:34 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 695ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර්ණ ණය පහසුකම යටතේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 508ක (එ.ජ. ඩොලර් මිලියන 695ක පමණ) මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන…

(0)Comments | May 28, 2026 7:24 am

බොරතෙල් මිල පහළට

ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු 4.30 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබුණි. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.29ක් දක්වා 3.83%කින්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 96.65ක් දක්වා 2.94% කින් සහ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.80ක් දක්වා 4.47%ක් ලෙසින් පහළ ගොස් තිබේ.

(0)Comments | May 27, 2026 4:41 pm

මහ බැංකුවේ තීරණයෙන් පසු භාණ්ඩාගාර බිල්පත් පොලියත් ඉහළට

ඊයේ (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව, දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.18% සිට 9.36% ක් දක්වා පදනම් අංක 118කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 8.25% සිට 9.68%ක් දක්වා පදනම් අංක 143කින් සහ, දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 8.49% සිට…

(0)Comments | May 27, 2026 4:04 pm

ස්ථාවර වූ ශ්‍රී ලංකා ආර්ථිකය වියට්නාමයට නව ආයෝජන දොරටු විවර කරයි

මෑතකාලීන ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකාව, නව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් සහ පැහැදිලි වර්ධන දැක්මක් සහිතව පෙරට පැමිණ ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාර සහ ආයෝජන සඳහා සම්පූර්ණයෙන්ම විවෘතව පවතින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි. 2026 මැයි 8 වන දින පැවැත්වුණු…

(0)Comments | May 27, 2026 2:46 pm

පිරිසිදු බලශක්ති ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දකුණු ආසියාවේ ප්‍රථම සූර්ය බලශක්ති බේකරි පෝරණය ශ්‍රී ලංකාවේදී එළිදක්වයි

දකුණු ආසියාවේ ප්‍රථම සූර්ය දෙමුහුන් (solar hybrid) බේකරි පෝරණය නිල වශයෙන් එළිදැක්වීම පසුගියදා (22) කොළඹ දී සිදුවිය. ඒ අනුව අස්ථාවර කාලගුණික තත්ත්වයන් යටතේ වුවද කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකි පරිදි, සූර්ය බලශක්තිය සහ ජෛව වායු (biogas) බලශක්ති ප්‍රභවයන් දෙකම ඒකාබද්ධ කර සැලසුම් කරන ලද සූර්ය දෙමුහුන් බේකරි පෝරණයක් එළිදැක්වූ දකුණු ආසියාවේ ප්‍රථම රට…

(0)Comments | May 27, 2026 2:10 pm

විදෙස් ආයෝජකයෝ ඊයේ රු. බිලියන 3ක කොටස් විකුණති

ඊයේ (26) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.03ක ශුද්ධ විදේශ ගලා යාමක් (Net foreign out flow) වාර්තා වී තිබේ. ඊයේ (26) දින රු. බිලියන 4.92ක ගනුදෙනු පිරිවැටුමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හරහා වාර්තා වී තිබුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.87ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.84ක් ලෙසින් වාර්තා වී…

(0)Comments | May 27, 2026 1:59 pm

බංග්ලාදේශය නැවතත් IMF සහාය ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)සහාය දක්වන නව වැඩසටහනක් සඳහා බංග්ලාදේශ බලධාරීන් විසින් සහාය ඉල්ලා ඇති බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බංග්ලාදේශ දූත මණ්ඩල ප්‍රධානී Ivo Krznar පවසයි. IMF කාර්ය මණ්ඩලය විසින් මේ වන විට බංග්ලාදේශයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයන් සහ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී. බංග්ලාදේශයේ සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායීතාව…

(0)Comments | May 27, 2026 12:19 pm

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.40ක් සහ විකුණුම් මිල රු. 330.81ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය ඊයේ (26) ගැනුම් මිල වූ රු. 320.40 හා විකුණුම් මිල වූ රු. 330.81ට වඩා තරමක ඉහළ යාමකි. 2023 මාර්තු මාසයෙන් පසුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන්…

(0)Comments | May 27, 2026 11:33 am