මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත. කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්, ව්‍යාපාර සහ පුද්ගලික බැංකුකරණ සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද සේවාවන්…
2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් 2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරයි. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස්…
ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) පෙරවරු 11.00 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඩොලර් 100 මට්ටමින් පහළට නැවත වතාවක් පැමිණ ඇති බව වාර්තා වේ. එහිදී WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 97 මට්ටමටත් පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මෙම අගයයන් පූර්ව දිනයට සාපේක්ෂව ඩොලර් 5කින් පමණ…
මෙම සතිය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් මෙන්ම තීරණාත්මක සතියක් වනු ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් මෙම සතිය තුළ දී ප්‍රකාශයට පත්වීමට නියමිතය. එහි ආරම්භය ලෙසින් මෝටර් රථ සඳහා බැංකු විසින් ලබා දෙන මූල්‍ය පහසුකම් සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (24) රාත්‍රියේ නවතම මාර්ගෝපදේශ සංග්‍රහයක් බැංකු සහ මූල්‍ය ආයතන වෙත…
අද (25) පෙරවරුව වන මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබුණු විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පසුගිය සිකුරාදා (22) දිනට සාපේක්ෂව තවදුරටත් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 335 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා…
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී වාහනයේ වටිනාකම මෙන් ලබා දිය හැකි ණය සීමාව සඳහා උපරිම සීමා යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් අද (24) දින නිකුත් කර තිබෙන අතර මෙම නියමයන් හෙට (25) දින සිට බලපැවැත්වෙනු ඇත….
ආනයනික මෝටර් රථ සඳහා තාවකාලික අතිරේක බද්දක් (Surcharge) හඳුන්වා දෙමින් 2026 මැයි 15 වැනි දින නිකුත් කරන ලද අංක 2488/56 දරන ගැසට් නිවේදනය පාදක කරගනිමින්, John Keells CG Auto (පුද්) සමාගම ඇතුළු ඇතැම් වාහන ආනයනකරුවන් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර දින ණයවර ලිපි (Letters of Credit) විවෘත කළ බවට විවිධ පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන…
වානිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු. 340න් පහළට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය වීමක් පසුගිය දින කිහිපය පුරාවට දක්නට ලැබුණි. එහි උපරිම අවස්ථාවක් ලෙස එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් දක්වා ඉහළ ගියේ 2023 මාර්තු 02 දිනෙන් පසු වාර්තා වූ ඉහළම අගය සටහන් කරමිනි. කෙසේ වෙතත් අද…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ බැංකුකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) දින පවත්වා තිබේ. එහිදී වානිජ බැංකුවල විනිමය බෙදුම්කරුවන් (currency dealers) විශේෂයෙන්ම මෙම සාකච්ඡාවට එක්ව ඇත. ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වී ඇති පීඩනය හමුවේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වසර 3කට…
ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බවත්, මේ තත්ත්වය සමනය කරගනිමින් ස්ථාවරත්වයෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යන බවත් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධව පැහැදිලි කිරීම වෙනුවෙන් අද (22) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී “අද දෙරණ”…
Video Story