August, 12, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය අද (12) දිනයේ දී නැවත වරක් ඒකක 6,000 සීමාවට පැමිණියේය. ඒ දිනය තුළ ඒකක 20.87 ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟිනි. මේ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 15.77ක සුළු ඉහළ යාමක් වාර්තා කළේය.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,418.57ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 6,004.01ක් ලෙසත් වාර්තා විය.
අද දින රු. බිලියන 2.05ක ගනුදෙනු පිරිවැටුක් වාර්තා වී තිබුණි.
Video Story