ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.67ක් සහ විකුණුම් මිල රු. 353.17ක් ලෙස වාර්තා වී තිබේ. ඊයේ (21) ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම්…
ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA), මෙරට ආයෝජන වෘත්තිය සහ මූල්‍ය සේවා කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් වසර 25ක් පුරා සිදුකළ දායකත්වය සනිටුහන් කරමින්, පසුගියදා කොළඹ කොටස් හුවමාරු ගනුදෙනු බිමේදී වෙළඳපොළ ආරම්භක සීනුව නාද කරමින් සහ සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කරමින් සිය 25 වැනි සංවත්සරය සැමරීය. සීනුව නාද කිරීමෙන් අනතුරුව, තැපැල්පතිවරයා විසින් සමරු මුද්දරය…
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (20) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 48%ක් පමණක් බව වාර්තා වේ. සමස්තයක් ලෙස මෙම වෙන්දේසිය රු. මිලියන 140,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණ ද එහි දී ලංසු පිළිගෙන ඇත්තේ රු. මිලියන 67,337ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකට පමණි. රාජ්‍ය ණය කළමනාකරඛ කාර්යාලය පවසන්නේ රු. මිලියන 232,291 ක…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 4.7% ක් දක්වා ඉහළ ගොස් ඇත. 2026 මාර්තු මාසයේ දී මෙම අගය 2.4%ක් ලෙස වාර්තා වී තිබුණි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මාර්තු මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 මාර්තු මාසය සඳහා වන දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හෙවත් දරිද්‍රතාවයට පත් නොවී සිටීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,690ක් ලෙසින් ප්‍රකාශ කර තිබේ. 2026 පෙබරවාරි මාසයේ දී මෙම අගය රු. 16,571ක් ලෙසින් දැක්වුණි. ජාතික…
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් 2025/26 මූල්‍ය වර්ෂය සඳහා සිය කොටස්කරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර තිබේ. ඒ අනුව 2025/26 වර්ෂය වෙනුවෙන් එක් කොටසකට රු. 5.00ක් බැගින් වන පරිදි පළමු සහ අවසාන ලාභාංශයක් සමාගම ප්‍රකාශයට පත් කර ඇත. 2025/26 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 11.99ක බදු පසු ලාභයක් වාර්තා…
2018 වසරේදී Hellmann MAS Supply Chain නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ Hellmann Worldwide Logistics සහ MAS සමූහය, ශ්‍රී ලංකාවේ කිඹුලාපිටිය ප්‍රදේශයේ නවීන ගබඩා හා සැපයුම් පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම මධ්‍යස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට කිලෝමීටර් 6ක් වැනි ඉතා ආසන්න දුරකින් පිහිටා තිබීම විශේෂත්වයකි. මෙය MAS සමූහයේ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.63ක් සහ විකුණුම් මිල රු. 354.03ක් ලෙස වාර්තා වී තිබේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණය 2026 මැයි 26 වන අඟහරුවාදා දැනුම් දීමට නියමිත බව නිවේදනය කර සිටී. ඒ අනුව පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනවා ද නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන්න දැනුම් දීමට නියමිතය. මීට…
Video Story