Top News

භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (12) දින කැඳවා තිබුණූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් පූර්ව වෙන්දේසියට සාපේක්ෂව පහළ යාමක් වාර්තා කර තිබේ. ඒ අනුව දින 91 පදනම් අංක 33කින් 9.44%ක් දක්වා, දින 182 පදනම් අංක 21කින් 9.78%ක් දක්වා සහ දින 364 පදනම් අංක 18කින් 10.01%ක්…

(0)Comments | August 12, 2026 4:10 pm

සංචාරකයින් ලක්ෂ 14ක් ශ්‍රී ලංකාවට

2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම අගෝස්තු 09 දින වන විට 14 ලක්ෂයේ සීමාව සාක්ෂාත් කරගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,408,620ක් වේ. එහිදී අගෝස්තු මාසයේ මුල් දින 09 තුළ, 65,202ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 7,244ක දෛනික…

(0)Comments | August 12, 2026 2:59 pm

ඩොලරය තවත් අඩුවෙයි

අද (12) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ රුපියල් අගය තවදුරටත් ක්‍රමික පහළ යාමක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) දින ඩොලරයේ ගැනුම් මිල රු. 329.94ක් ලෙසත් විකුණුම් මිල රු. 339.03ක් ලෙසත් ඒ අනුව වාර්තා වී ඇත. 2026 ජූනි 23 දිනෙන් පසු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන්වල…

(0)Comments | August 12, 2026 12:18 pm

දේශීය ස්වර්ණාභරණ නිෂ්පාදකයින්ගේ අපනයන සූදානම ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ අවධානය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය දා මෙරට ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයක් වන Ashadi Jewellers (Pvt) Ltd ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ එම සමාගමේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සඳහා ය. 1988 වසරේ ආරම්භ කරන ලද Ashadi Jewellers (Pvt) Ltd ආයතනය මේ වන විට සේවකයන් 330…

(0)Comments | August 12, 2026 10:57 am

ජනපති සහ විදෙස් ආයෝජක පිරිසක් අතර හමුවක්

සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ (CCCC) ප්‍රධානී ෂැං බිංනන් (ZHANG BINGNAN) ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණ. මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය නගරය (Port City) කේන්ද්‍ර කරගෙන මේ වන විට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා…

(0)Comments | August 12, 2026 10:27 am

මුතුරාජවෙල අලුත් තෙල් ටැංකි 3ක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව Indo-East Engineering & Construction හා Ceylex Engineering බද්ධ ව්‍යාපාරයට

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එමෙන්ම, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්වයන්…

(0)Comments | August 11, 2026 3:09 pm

සිංගප්පූරුවේ Aditya Birla සමාගමට ගල් අඟුරු, පෙට්‍රල්, බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක්

2026/2027 කාලසීමාව සඳහා නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28 (±10%) ප්‍රසම්පාදනය කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එසේම, සැපයුමට බාධාවක් වීමේ අවදානම වළක්වා ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකි වන පරිදි ගල්අඟුරු සැපයීම් වාරයක් සඳහා ගල්අඟුරු සැපයුම්කරුවන් දෙදෙනෙකු තෝරා ගැනීම පිණිස ජාතික ප්‍රසම්පාදන කොමිෂන්…

(0)Comments | August 11, 2026 2:48 pm

ලංකාවට විදේශ විනිමය එවන වයස 50ට අඩු ආයෝජකයින්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනයට රජයේ ඉඩම්

විදේශ රැකියාවල නිරත වී මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරනු ලැබ ඇති හෝ කරනු ලබන තරුණ ව්‍යවසායකයින්හට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකි වන පරිදි, ඌන උපයෝජිත ඉඩම්වලින් ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම පිණිස 2026-01-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වැවිලි සහ…

(0)Comments | August 11, 2026 2:37 pm

ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමට රු. බිලියනයක හිමිකම් ප්‍රාග්ධනයක්

මෙරට පොදු ප්‍රවාහනය නවීකරණය කිරීමේ අරමුණින් 2007 අංක 7 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ලෙස ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම 2025-10-03 දින සංස්ථාගත කරනු ලැබ ඇත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෙන් කර දෙන ලද අරමුදල් මඟින් මිල දී ගනු ලැබූ පත්ල පහත් බස් රථ 10ක් යොදා ගනිමින් එම…

(0)Comments | August 11, 2026 2:23 pm

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට විශේෂ ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගයෙන් 2026 අගෝස්තු 8 සිට 13 දක්වා ඉන්දියාවේ විශේෂ ව්‍යාපාරික සංචාරයක් සංවිධානය කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දියානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික වෙළඳ…

(0)Comments | August 11, 2026 1:14 pm