Top News

GSP+ යලි සලකා බැලීම අභිමුව ශ්‍රී ලාංකීය ඇඟලුම් කර්මාන්තයේ ඉක්මනින් කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තය දැන්ම නිවැරදි කළ යුතු දේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන් නිරන්තරයෙන් සිහිපත් කරන වැදගත් සංඛ්‍යාවක් තිබේ. වසර ගණනාවක් පුරා ළඟා කරගත නොහැකිව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන පහේ අපනයන සීමාව, 2018 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පළමු වරට ඉක්මවා ගියේය. ඊට මාස 18කට පමණ පෙර යුරෝපා සංගමය විසින් වසර හයක කාලයක් අත්හිටුවා…

(0)Comments | August 7, 2026 4:36 pm

හෙළ ඇපරල් කෙන්යාවටත් ප්‍රශ්නයක් වෙයි. සේවකයින් 3,000කගේ වැටුප් ප්‍රමාදයි. ඉවත් වූ අයට වන්දි ගෙවලාත් නැහැ. සෙනෙට් සභාවේ දී ප්‍රශ්නය දිග හැරෙයි

මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් වසා දැමීම සඳහා පාලනාධිකාරිය තීරණය කර ඇති අතර අධිකරණ නියෝගයක් මගින් සමාගම ඈවර කිරීමට කටයුතු කරන බව සමාගම විසින් ඊයේ (06) කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබුණි. කෙසේවෙතත් හෙළ ඇපරල් හි මෙම අර්බුදය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොව, කෙන්යාවට ද ගැටළුවක් වී හමාරය….

(0)Comments | August 7, 2026 4:01 pm

වෙළෙඳාම, ඩිජිටල්කරණ සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රවල සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කර ගනී

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය 2026 අගෝස්තු මස 03 වන දින මස්කට්හිදී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, සම්බන්ධතාව, නවෝත්පාදන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මාර්ග හඳුනා ගැනීමට මෙම ද්විපාර්ශ්වික උපදේශන වැදගත් වේදිකාවක් සැපයීය. ශ්‍රී ලංකා දූත…

(0)Comments | August 7, 2026 1:35 pm

ජපානයේ තිරසාර තාක්ෂණික විශිෂ්ටත්වය සහ ඉතාලි නවෝත්පාදනය එක්ව ශ්‍රී ලංකාවේ Asahi Dyes and Chemicals SL කර්මාන්තශාලාව ස්ථාපිත කෙරේ

අමෙරිකානු ඩොලර් මිලියන 20.4ක ආයෝජනයෙන් බියගම අපනයන සැකසුම් කලාපයේ අති නවීන නිෂ්පාදන පහසුකම විවෘත වෙයි. සෘජු රැකියා අවස්ථා 281ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ අගයක් එකතු කරන නිෂ්පාදනවලට හා අපනයන ක්ෂේත්‍රයට තවත් වැදගත් ශක්තියක් එක් කරමින්, බියගම අපනයන සැකසුම් කලාපයේ (BEPZ) Asahi Dyes and Chemicals SL (Pvt) Ltd. හි අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාව 2026 අගෝස්තු මස…

(0)Comments | August 7, 2026 1:07 pm

අත්හදා බැලූ සියලු විකල්ප අසාර්ථකයි. ණය ගෙවන්න විදියක් නැහැ. සමාගම වසාදමන්න හෙළ ඇපරල් තීරණය කරයි

හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Hela Apparel Holdings PLC) සහ එහි අනුබද්ධ සමාගම් දෙකක් වන හේලා ක්ලෝතින් ලිමිටඩ් (Hela Clothing Ltd.) සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් ලිමිටඩ් (Foundation Garments Ltd.) තම බැරකම් පියවීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් අධිකරණ නියෝගයක් මගින් සමාගම් ඈවර කිරීමට (Winding up) තීරණය කර ඇත. හෙළ ඇපරල් හෝල්ඩින්ග්ස් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) වෙත කරන…

(0)Comments | August 7, 2026 11:22 am

ඔන්ලයින් සූදු පොළවල් 146කට වැට

තවත් අවසර නොලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවර ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින…

(0)Comments | August 7, 2026 10:40 am

කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 12ක් ඉක්ම වූ දැවැන්ත පිරිවැටුමක්

අද (06) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම වාර්තාගත ලෙස රු. බිලියන 12 සීමාව ඉක්මවා යන ලදී. දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 12.23ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණු අතර එය රු. බිලියන 12.3ක පිරිවැටුමක් සටහන් වූ 2026 ජනවාරි 08 දිනට පසු වාර්තා වූ ඉහළම පිරිවැටුම වේ. කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඊයේ (05)…

(0)Comments | August 6, 2026 3:27 pm

කොළඹ නගරය එකම සංචාරක අත්දැකීමක් ලෙස සම්බන්ධ කරන ‘කළම්බු කනෙක්ට්’ පික්මී එක්ස්ප්ලෝර් තුළින් එළිදකියි 

නෙළුම් කුළුණ පළමු හවුල්කරු වෙයි – සංචාරක, සංස්කෘතික, විනෝදාස්වාද සහ වෙළෙඳ අත්දැකීම් එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ කොළඹ නගරයේ සංකේතාත්මක සලකුණ වන නෙළුම් කුළුණෙන් ආරම්භ කරමින්, සංචාරක ස්ථාන, ආපනශාලා, විනෝදාස්වාද මධ්‍යස්ථාන, සාප්පු සංකීර්ණ සහ සංස්කෘතික ආකර්ෂණ එකම ඩිජිටල් යෙදුමක් ඔස්සේ එකිනෙකට සම්බන්ධ කරන ” කළම්බු කනෙක්ට්” (Colombo Connect) වැඩසටහන PickMe ආයතනය ඊයේ 5 වැනි දින එළිදැක්වීය….

(0)Comments | August 6, 2026 3:15 pm

අද දිනයේ දී කොටස් වෙළෙඳපොළෙන් නිල වශයෙන් ඉවත් වන සමාගම මෙන්න

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම අද (06) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළෙ නිල ලැයිස්තුවෙන් ඉවත් වනු ඇත. ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී, මෙරට ප්‍රමඛ මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීම හේතුවෙන් එම සමාගම මෙලෙස කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව නිවේදනය කර සිටී.  

(0)Comments | August 6, 2026 12:58 pm

වැලිබල් ෆිනෑන්ස් සමාගමේ වත්කම් පදනම රු. බිලියන 200 ඉක්මවයි

සිය ආයතනික ගමන් මඟේ ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී රු. බිලියන 200ක වත්කම් පදනමක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇත. මේ බව නිල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ එස්.බී. රන්ගමුව පවසන්නේ 2026 ජූලි 31 දින වන විට සමාගමේ වත්කම් පදනම රු. බිලියන 200 කඩඉම ඉක්මවා ගොස්…

(0)Comments | August 6, 2026 11:41 am