හෙළ ඇපරල් කෙන්යාවටත් ප්‍රශ්නයක් වෙයි. සේවකයින් 3,000කගේ වැටුප් ප්‍රමාදයි. ඉවත් වූ අයට වන්දි ගෙවලාත් නැහැ. සෙනෙට් සභාවේ දී ප්‍රශ්නය දිග හැරෙයි

    August, 7, 2026

    මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් වසා දැමීම සඳහා පාලනාධිකාරිය තීරණය කර ඇති අතර අධිකරණ නියෝගයක් මගින් සමාගම ඈවර කිරීමට කටයුතු කරන බව සමාගම විසින් ඊයේ (06) කොටස් වෙළෙඳපොළට දැනුම් දී තිබුණි.

    කෙසේවෙතත් හෙළ ඇපරල් හි මෙම අර්බුදය හුදෙක් ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොව, කෙන්යාවට ද ගැටළුවක් වී හමාරය.

    පසුගිය අගෝස්තු 04 වනදා එරට සෙනෙට් සභාව අමතමින් නයිරෝබි සෙනෙට් සභික Edwin Sifuna පවසා ඇත්තේ මේ වන විට නයිරෝබි හි Hela Intimates EPZ Ltd කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් 3,000කගේ පමණ වැටුප් ගෙවීම් ප්‍රමාද වී ඇති බවයි. තවද වැටුප්වලින් කරන ලද අනිවාර්යය අඩු කිරීම් නියමිත පරිදි ප්‍රේෂණය කර නොමැති බවත්, සේවයෙන් ඉවත් වූවන් හට වන්දි ගෙවීම් ද සිදුකර නොමැති බවත් ඔහු එහිදී අනාවරණය කළේය.

    මෙහිදී සෙනෙට් සභික Edwin Sifuna අවධාරණය කර ඇත්තේ, කර්මාන්තශාලවේ සේවය කරන සේවකයින්ට හා සැපයුම්කරුවන් හට අදළා ගෙවීම් සිදු නොකර එහි මෙහෙයුම් අත්හිටුවීමට සමාගම කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව විමර්ෂනයක් සිදුකරන ලෙසයි.

    සෙනෙට් සභික Edwin Sifuna මේ සම්බන්ධයෙන් කළ කතාව පහතින් නැරඹිය හැකිය.


    Video Story

    Stock Market

    Exchange Rates