Top News

කොමර්ෂල් බැංකුව ලෝකයේ ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස යළි තහවුරු වෙයි

ලොව ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව සිය ස්ථානය යළිත් තහවුරු කරමින් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලොව ප්‍රමුඛතම බැංකු 1000 ලැයිස්තුවේ 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මූල්‍ය ශක්තිමත්භාවය ඇගයීම සඳහා ‘ද බෑන්කර්’ සඟරාව ප්‍රධාන නිර්ණායකයක් ලෙස භාවිත කරන පළමු පෙළ (Tier I) ප්‍රාග්ධනයෙහි සියයට…

(0)Comments | August 6, 2026 11:29 am

කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවෙන් පසු අද උදෑසනම දෛනික පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවා යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (06) දින ගනුදෙනු ආරම්භ වී මුල් භාගය තුළ දී රු. බිලියන 9 සීමාව ඉක්මවා යනු ලැබීය. මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් වාර්තා වූ දැවැන්ත කොටස් ගනුදෙනුවක් මේ සඳහා හේතු වූ අතර පෙරවරු 10.40 පමණ වන විට එහි කොටස් මිලියන 86.88ක් එකක් රු. 100.50…

(0)Comments | August 6, 2026 10:49 am

TM App, තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් – මහ බැංකුවෙන් දැනුම් දීමක්

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව “TM App” විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇත. ඒ අනුව, 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83ඇ වගන්තියට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් (Apps) විසින්…

(0)Comments | August 6, 2026 10:16 am

Sri Lanka AI Week 2026 නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන “ශ්‍රී ලංකා AI සතිය 2026″ (Sri Lanka AI Week 2026) පිළිබඳ නිල මාධ්‍ය හමුව අද (අගෝස්‍තු 5) දින සාර්ථකව පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL ආයතනය එක්ව සංවිධානය කරන…

(0)Comments | August 5, 2026 4:41 pm

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අනවසර නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින පියවර ගෙන ඇත. මුදල්, ක්‍රම සම්පාදන සහ…

(0)Comments | August 5, 2026 4:17 pm

කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල අසාමාන්‍ය ඉහළ යාමක්. අද පිරිවැටුම රු. බිලියන 8 පනී

මැදපෙරදිග යුද්ධයේ ආරම්භයත් සමඟින් මන්දගාමී වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍ය වර්ධනයක් අද (05) දිනයේ දී දැකගත හැකි විය. එහිදී වාර්තාගත ලෙස රු. බිලියන 8.47ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වීම සුවිශේෂී සිදුවීමකි. එය වසරේ මේ දක්වා සාමාන්‍ය දෛනික පිරිවැටුම වූ රු. බිලියන 4 මෙන් දෙගුණයක ප්‍රමාණය ඉක්මවා යාමකි. මෙලෙස විශාල දෛනික පිරිවැටුමක්…

(0)Comments | August 5, 2026 3:48 pm

මෙරට ප්‍රථම Zero-Waste කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තබයි

මෙරට ප්‍රථම අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය (Zero-Waste Cinnamon Processing Center) ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ (04) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේදී සිදු කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ රුහුණු විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය එකතුවෙන් මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ලොව…

(0)Comments | August 5, 2026 2:31 pm

මාස 06කට අලුත් වාහන 327,000 ක් ලියාපදිංචි කරලා. රජයට රු. බිලියන 896ක රේගු බදු ආදායමක්

ලංකා වාණිජ මණ්ඩලය විසින් වසර 6කට පසුව, සිය මෝටර් වාහන කර්මාන්ත වාර්තාව (Motor Vehicle Industry Report 2025/26) එළිදැක්වීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට වාහන ආනයනය අත්හිටුවීමෙන් පසු, පසුගිය වසරේ දී ආනයන සඳහා යළි අවසර ලැබීමත් සමගම මේ වන විට කර්මාන්තය අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව මෙම වාර්තාවෙන් විමසා ඇත. ශ්‍රී ලංකාවේ මේ වන විට…

(0)Comments | August 5, 2026 2:07 pm

සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය ඩිජිටල් තාක්ෂණික ශක්තිය වර්ධනය කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey” යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් සමූහයේ…

(0)Comments | August 5, 2026 1:33 pm

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන ප්‍රදර්ශනය Intex–InMac Sri Lanka 2026 BMICH හීදී අද සිට

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණික ප්‍රදර්ශනය ‘Intex–InMac Sri Lanka 2026‘ අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති යසස් හේවගේ, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය…

(0)Comments | August 5, 2026 12:15 pm