Top News

2026 ආර්ථික වර්ධනය ගැන මහ බැංකු අධිපති මෙසේ කියයි

2026 වසරේ දී 5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වූවත් පවතින ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ ඒ පිළිබඳව පුරෝකථනයක් සැපයීම මේ අවස්ථාවේ දී අපහසු කරුණක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 2026 වසරේ ආර්ථික වර්ධන ඉලක්ක සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී…

(0)Comments | May 18, 2026 5:24 pm

නව සතියකක ආරම්භයේ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්

නව සතියක ආරම්භක දිනය වූ අද (18) කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල විශාල පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිලු දර්ශක අගය ඒකක 592.28කින් පහළ ගොස් ඒකක 22,313.47ක් ලෙසින් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 122.26කින් පහළ ගොස් ඒකක 6,161.98ක් ලෙසින් සටහන් විය. සමාගම් 248 ක කොටස් මිල…

(0)Comments | May 18, 2026 4:47 pm

ශ්‍රී ලංකාව, නෝර්වේ රාජ්‍යයේ, යුනිසෙෆ් සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහාය ඇතිව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා ඩිජිටල් පද්ධති ආරම්භ කරයි

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (National Disaster Relief Services Centre – NDRSC), නෝර්වේ රාජ්‍යයේ මූල්‍ය ආධාර සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) සහ එක්සත් ජාතීන්ගේ ස්වෙච්ඡා වැඩසටහනේ සහයෝගය ඇතිව නිර්මාණය කළ, නවතම ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද නිල වශයෙන් ආරම්භ කළේ ය. මෙය දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට…

(0)Comments | May 18, 2026 3:54 pm

2026 පළමු කාර්තුව අවසානයේ දී කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් ට්‍රිලියන 3.5 ඉක්මවයි

2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුඅබද්ධිත සමාගම් රුපියල් ට්‍රිලියන 3.5ක වත්කම් ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලික අංශයේ බැංකු සමූහය බවට පත් විය. ණය කේන්ද්‍ර කරගත් 2025 වසරේ වාර්තාගත කාර්යසාධනය මත පදනම්ව, කොමර්ෂල් බැංකු සමූහය 2026 මාර්තු 31 වන දිනට රුපියල් ට්‍රිලියන 3.61 ක මුළු වත්කම් ප්‍රමාණයක් වාර්තා…

(0)Comments | May 18, 2026 1:42 pm

යුරෝපා සංගමයේ EUDR රෙගුලාසි හරහා ශ්‍රී ලංකාවේ කෝපි සහ දැව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) ආයතනය එක්ව, යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලදී. මෙහි ප්‍රධාන අවධානය යොමු වූයේ මෙරට කෝපි සහ දැව ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පවතින සූදානම පිළිබඳවයි. මෙම වැඩසටහන…

(0)Comments | May 18, 2026 12:34 pm

රුපියල මත පීඩනය දැඩිවෙයි. ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.74ක් ලෙසත් විකුණුම් මිල රු. 334.26ක් ලෙසත් වාර්තා වී තිබේ. 2023 නොවැම්බර් 29 දින ඩොලරයේ විකුණුම් මිල රු. 334.22ක් ලෙසින් සටහන්ව ඇති අතර ඉන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම විකුණුම්…

(0)Comments | May 18, 2026 11:57 am

මැයි 15ට කලින් LC විවෘත කළත් 50% අධිභාරයට යටත් වෙන ආනයනික වාහන ගැන නිවේදනයක්

විදේශ විනිමය කළමනාකරණය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස මාස 3ක කාලයක් සඳහා ත්‍රීරෝද රථ හැර දැනට රේගු බදු පනවා ඇති මෝටර් වාහන ආනයනය මත 2026 මැයි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු ආනයන බද්ද මත 50% ක අධිභාරයක් රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ පනවා ඇත. එසේ වුවද, එය 2026.05.15 දින හෝ ඊට ප්‍රථම ණයවර…

(0)Comments | May 18, 2026 11:17 am

හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා විප්ලවය සඳහා ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජකයින්ට දොරටු විවර කරයි

බලශක්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) එක්ව දිවයින පුරා හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ව්‍යාපෘති සංවර්ධනය සඳහා සහභාගී වන ලෙස දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ආරාධනා කරමින්, තොරතුරු සඳහා ඉල්ලීමක් (RFI)  නිකුත් කර ඇති අතර මෙය ශ්‍රී ලංකාව සිය බලශක්ති භූ දර්ශනය පරිවර්තනය කිරීම වෙනුවෙන් ගත් නිර්භීත පියවරක් ලෙස දැකිය හැක. 2026 අප්‍රේල් 23…

(0)Comments | May 18, 2026 10:28 am

මෙරට සංචාරක ඉපැයීම් 19%කින් පහළට

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා ගත වූ පළමු මාස 4 තුළ මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.11ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2025 වසරේ එම කාල සීමාවේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් බිලියන 1.37 හා සැසඳීමේ දී 19.4%ක අඩුවීමක් පෙන්නුම් කරයි. මේ අතර 2026 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය…

(0)Comments | May 18, 2026 10:03 am

මහජන බැංකුවෙන් නිවේදනයක්

මහජන බැංකුව, විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ, 2023 මැයි මස සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය ඇතුළත එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේ දී සිදුවූ දෝෂයක් හේතු කොට ගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බව මෑතක දී හඳුනාගත් බවත්, එසැණින් එය…

(0)Comments | May 17, 2026 9:10 pm