August, 5, 2026
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි මූලාශ්‍ර සහ ඇඟලුම් නිෂ්පාදන තාක්ෂණික ප්‍රදර්ශනය ‘Intex–InMac Sri Lanka 2026‘ අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාවට කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති යසස් හේවගේ, ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, තානාපතිවරුන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, වාණිජ මණ්ඩල, වෙළෙඳ සංගම්, ප්‍රදර්ශකයන් සහ ජාත්‍යන්තර ගැණුම්කාර නියෝජිතයන් ද එක්වූහ.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව අමුත්තන් විසින් ප්‍රදර්ශන කුටි නිරික්ෂණය කළ අතර, මෙවර ප්‍රදර්ශනයේ වැඩිම ජාත්‍යන්තර ආකර්ෂණය දිනාගත් ඉන්දියාවේ විවිධාංගිකරණය වූ රෙදිපිළි සහ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කෙරෙන ‘Incredible Textiles of India‘ ප්‍රදර්ශන කුටිය ද නිල වශයෙන් විවෘත කළහ.

Intex–InMac Sri Lanka ප්‍රදර්ශනය අද සිට ලබන 7 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර රෙදිපිළි සහ ඇඟලුම් තාක්ෂණික වේදිකාව බවට පත් කරමින් රටවල් සහ කලාප 15කට වැඩි ප්‍රමාණයකින් ප්‍රදර්ශකයන් 250කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක්වී සිටී.
මෙහිදී ඇඟලුම් රෙදිපිළි, කොට්න්, පොලියෙස්ටර්, ඩෙනිම්, ලිනන් සහ ගොතන ලද සහ කෘත්‍රිම රෙදිපිළි, නුල් සහ කෙඳි, එම්බ්‍රොයිඩර් නුල්, ෂිපර්, ලේබල්, ඇඟලුම් උපාංග, රෙදිපිළි මුද්‍රණ තීන්ත වර්ග, ඩයි වර්ග, රසායනික ද්‍රව්‍ය, ඩිජිටල් රෙදිපිළි මුද්‍රණ විසඳුම් සහ යන්ත්‍රෝපකරණ උපංග InMac ප්‍රදර්ශනයට ඇතුළත් වන අතර, ඇඟලුම් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ, මැහුම්, overlock and flatlock මැෂිම්, cutting machines, ඩිජිටල් රෙදිපිළි මුද්‍රණ සහ DTG විසඳුම්, ඩයි කිරිමේ සහ බ්ලීචිං කිරිමේ යන්ත්‍ර, රෙදි සෝදන උපකරණ, නුල් කටින යන්ත්‍ර, heat press යන්ත්‍ර, ස්ක්‍රීන් ප්‍රින්ටින් උපකරණ, රෙදිපිළි යන්ත්‍ර අමතර කොටස් සහ උපාංග සහ ඇඟලුම් නිෂ්පාදනය සඳහා ස්වයංක්‍රිය විසඳුම් InMac ප්‍රදර්ශනයට එක් කර තිබේ.
ව්‍යාපාරික සබඳතා, නවෝත්පාදන සහ නව වෙළෙඳ අවස්ථා උදා කරමින් Intex–InMac Sri Lanka 2026 ප්‍රදර්ශනය මේ මස 7 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
Video Story