August, 5, 2026
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. "Reimagining the Future: Sunshine's Digital Evolution Journey" යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ ගැනීම, නූතන තාක්ෂණය භාවිත කිරීම සහ ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම තුළින් සමූහයේ අනාගත සූදානම තහවුරු කිරීමෙහි ලා තැබූ වැදගත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
කොළඹදී පැවැති මෙම වැඩසටහන සඳහා සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය එක්ව සිටියහ. එහිදී දත්ත මත පදනම් වූ, ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වන ලද සහ කෘතිම බුද්ධිය භාවිතයට සූදානම් ආයතනයක් බවට පත්වීමේ සන්ෂයින් සමාගමේ ඉල්කකය නැවත වරක් අවධාරණය කෙරිණි. මානව සම්පත, ක්‍රියාවලීන් සහ තාක්ෂණය යන අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සම්බන්ධ ප්‍රධාන අංශ 3ක් පදනම් කරගනිමින් මෙම පරිවර්තනය ක්‍රියාත්මක වේ. දෛනික තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා දත්ත සක්‍රීයව භාවිත කිරීම මෙන්ම දිගුකාලීන ව්‍යාපාරික වටිනාකමක් නිර්මාණය කිරීමට අවශ්‍ය හැකියාවන් ගොඩනැගීම මෙහි මූලික අරමුණයි.
මෙහිදී අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ ‘’අනාගතය අයිති වන්නේ වැඩිපුරම මුදල් ආයෝජනය කරන ආයතනවලටම නොවෙයි; වඩාත් වේගයෙන් කරුණු අධ්‍යයනය කරමින්, නම්‍යශීලීව වෙනස්කම්වලට හුරුවෙමින් සහ වඩා හොඳ තීරණ ගන්නා ආයතනවලටයි. අපගේ අරමුණ වන්නේ දත්ත මගින් නිවැරදි තීරණ ගන්නා, ඩිජිටල් තාක්ෂණයෙන් පොහොසත් සහ කෘතිම බුද්ධිය භාවිතයට සූදානම් ආයතනයක් බවට පත්වීමයි. එහිදී, දත්ත හා තොරතුරු මගින් නිවැරදි තීරණ ගැනීමටත් තාක්ෂණය හරහා අපගේ කාර්යයන් සරල ගැනීමටත් හැකි වනවා. එමෙන්ම වඩාත් ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමට ද අපගේ පිරිස දිරිගනුවනු ලබනවා. අපගේ කාර්ය මණ්ඩල, ක්‍රියාවලීන් සහ තාක්ෂණය එක් පොදු අරමුණක් වෙනුවෙන් පෙළගැස්වීම තුළින්ම මෙම සාර්ථකත්වය ළඟා කරගත හැකියි.” යනුවෙනි.
මෙම පරිවර්තන ක්‍රියාවලියේ ප්‍රධාන අංශ දෙකක් මෙහිදී හඳුන්වා දෙන ලදී. ඒ අනුව, දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය සඳහා සමාගම සූදානම් කිරීමේ වැඩසටහන මෙහෙයවීම වෙනුවෙන් Beyond: Putting Data to Work ආයතනය සහ සමූහයේ ආයතනික තාක්ෂණික ව්‍යුහය සහ ERP පරිවර්තන සැලැස්ම සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා Ernst & Young Sri Lanka සමඟින් සන්ෂයින් සමූහය අත්වැල් බැඳගෙන ඇත. මෙම ප්රවේශයන් ඔස්සේ එකිනෙකට සම්බන්ධ වූ, නම්‍යශීලී මෙන්ම දත්ත හා තොරතුරු මත පදනම් වූ ක්‍රියාකාරී පද්ධතියක් සමූහය පුරා ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේදී ප්‍රධාන දේශන දෙකක්ද පැවැත්විණි. එහිදී, දත්ත, කෘතිම බුද්ධිය සහ නායකත්වය නිවැරදිව භාවිත කරමින් උසස් ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව Beyond: Putting Data to Work හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් ඇලෙක්සැන්ඩර් මහතා කරුණු පැහැදිලි කළේය. තවද, ඩිජිටල් පරිවර්තනය සහ තාක්ෂණය උපරිම ලෙස භාවිත කරමින් දිගුකාලීන තරගකාරී වාසියක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව Ernst & Young Sri Lanka හි ප්‍රධාන පාර්ශවකරුවකු වන ශානක ද සිල්වා මහතා අදහස් දැක්වීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් සමූහයේ ප්‍රධාන පරිවර්තන නිලධාරී ඉන්ෆියාස් අලී මහතා සඳහන් කළේ “ඩිජිටල් පරිවර්තනය යනු තාක්ෂණය හඳුන්වාදීමට පමණක් සීමා වූ දෙයක් නොවේ. එහි සැබෑ අරමුණ වන්නේ වඩාත් නිවැරදි තීරණ ගැනීමට සහ ඉහළ ව්‍යාපාරික ප්‍රතිඵල ලබාගැනීමට උපකාරී වන හැකියාවන්, ආයතනික සංස්කෘතිය සහ කාර්යයන් ගොඩනැගීමයි. මේ හරහා දත්ත වඩාත් ඵලදායී ලෙස එකිනෙකට සම්බන්ධ කිරීමටත්, අපගේ වැඩකටයුතු සරල කිරීමටත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය අර්ථවත් ලෙස භාවිත කිරීමට අපගේ කණ්ඩායම්වලට ප්‍රායෝගික අවස්ථා නිර්මාණය කිරීමටත් හැකියාව ලැබෙනවා.” යනුවෙනි.
දත්ත වැදගත් තොරතුරු බවටත්, එම තොරතුරු නිවැරදි තීරණ බවටත්, එම තීරණ ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවටත් පරිවර්තනය කරමින්, මෙම පරිවර්තනීය ගමනේ සාමූහික වගකීම භාර ගැනීමට මෙහිදී සමූහයේ නායකත්වය දිරිගන්වන ලදී. මෙහි මීළඟ පියවර ලෙස, ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේදී පවතින අවස්ථාවන් මෙන්ම අභියෝග හඳුනාගැනීම වෙනුවෙන් Beyond ආයතනය විසින් සමූහය පුරා ආයතනික සූදානම පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට නියමිතය. දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය සාර්ථකව භාවිත කිරීම සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මෙය උපකාරී වනු ඇත.
මෙම පරිවර්තනීය ක්‍රියාවලිය ඔස්සේ, අනාගතයට සාර්ථකව මුහුණ දිය හැකි ආයතනයක් ගොඩනැගීමට අවශ්‍ය හැකියාවන්, තාක්ෂණික පද්ධතීන් සහ ආකල්පමය වර්ධනය වෙනුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් අඛණ්ඩව ආයෝජනයන් සිදුකරනු ලබයි. එමෙන්ම, සිය පාරිභෝගිකයින්, ව්‍යාපාරික පාර්ශවකරුවන්, කොටස්කරුවන් සහ ප්‍රජාව වෙත වඩාත් ඉහළ වටිනාකමක් ලබා දීමට ද මෙමගින් සමාගම අපේක්ෂා කරයි.

Video Story