Top News

මන්නාරම – මුලිකුලම් 220kV සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය සඳහා Jyoti Structures සහ හේලීස් ෆෙන්ටන්ස් ගිවිසුම් අත්සන් කරයි

ඉන්දියාවේ ජ්‍යෝති ස්ට්‍රක්චර්ස් ලිමිටඩ් (Jyoti Structures Limited) ප්‍රධාන හවුල්කරු ලෙසත්, ශ්‍රී ලංකාවේ අංක 1 සූර්ය බලශක්ති විසඳුම් සපයන සහ MEP අංශයේ ප්‍රමුඛතම ආයතනය වන හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) සමඟ එක්ව මන්නාරම – මුලිකුලම් 220kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා ඒකාබද්ධ ව්‍යාපෘති ගිවිසුමකට පසුගියදා අත්සන් තැබීය. අලුතින් පිහිටුවන ලද ”නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක්…

(0)Comments | May 17, 2026 4:22 pm

ශ්‍රී ලංකාව ගැන මූල්‍ය අරමුදලේ තීරණය මැයි 27දා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පසුගිය අප්‍රේල් 09 දා එළඹෙන ලදී. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එළඹෙන මැයි 27 දා මෙම…

(0)Comments | May 17, 2026 10:12 am

වාහන ආනයනයේ දී අය කළ අධිභාර බද්ද නැවතත්

වාහන ආනයනය සඳහා අදාළ රේගු ආනයන තීරු බද්ද මත සාමාන්‍ය හෝ වරණීය පදනමින් වූ පනවන ලද 50%ක් වූ අධිභාරය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. ඒ අනුව 2026 මැයි 16 සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට වාහන ආනයනය…

(0)Comments | May 16, 2026 12:21 pm

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගිකයන් සඳහා පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන්  මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති  පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වන වැදගත් පියවරක් සනිටුහන් කරමින් මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති  බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ…

(0)Comments | May 15, 2026 4:12 pm

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගන්වමින් PayPal සේවාව දියත් කෙරේ

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් පද්ධතියක් වන PayPal සේවාව දේශීය බැංකු පද්ධතිය සමඟ එක්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින මෙම සේවාව දියත්කිරීම නිල වශයෙන් සිදුවිණ. ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අභිලාෂයන් පෙරදැරිව මෙරට බැංකු…

(0)Comments | May 15, 2026 2:24 pm

ඩොලරයේ විකුණුම් මිල රු. 331 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දිනයේ දී ප්‍රකාශයට පත් කර ඇති දෛනික විනිමය අනුපාතික නිවේදනයට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.53ක් ලෙසත් විකුණුම් මිල රු. 331.15ක් ලෙසත් වාර්තා වී තිබේ. මෙය 2023 දෙසැම්බර් 05 දිනෙන් පසු ඩොලරයක ගැනුම් මිල රු. 323 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව වන අතර 2023 දෙසැම්බර් 22…

(0)Comments | May 15, 2026 11:57 am

ශ්‍රී ලංකාව සම්බන්ධ සමාලෝචනයට විධායක අනුමැතිය ලැබීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය මූලික අවශ්‍යතාවක් බව IMF යළි අවධාරණය කරයි

පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය ඉදිරි සති කිහිපය ඇතුළත මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබීම සඳහා, අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය ප්‍රතිස්ථාපනය කිරීම, තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය…

(0)Comments | May 15, 2026 11:40 am

ශ්‍රී ලංකා – ඕමාන ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම හා ආයෝජන අවස්ථා වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති අහමඩ් බින් අලි බින් සයිඩ් අල් රෂීඩ් මහතා, ඕමාන ආයෝජන අධිකාරියේ ආහාර සුරක්ෂිතතා අංශයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ (13) වෙළෙඳ අමාත්‍යාංශයේදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවිය. ශ්‍රී ලංකාවෙන් ඕමානයට කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීම මගින් ඕමානයේ දිගුකාලීන ආහාර සුරක්ෂිතතාවයට සහය වීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 14, 2026 4:38 pm

ඩොලරය අද සීඝ්‍රයෙන් ඉහළට. විකුණුම් මිල රු. 329 ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද (14) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක මිල රු. 323.95ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (13) දිනයේ දී මෙම අගය සටහන්ව තිබුණේ රු. 322.27ක් ලෙසිනි. මෙය 2024 වසරේ සිට මේ දක්වා කාලපරිච්ඡේදය තුළ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම රුපියල් අගය වේ. මේ අතර ඊයේ දිනයේ…

(0)Comments | May 14, 2026 11:24 am

NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි

පසුගිය දා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව,  NDB බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසන ලදී. ඉහත කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නිමල් පලිහේන, නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි…

(0)Comments | May 14, 2026 6:31 am