බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට

    August, 4, 2026

    ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) පස්වරුව වන විට වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ.

    එහිදී ප්‍රධාන වෙළෙඳපොළ නිර්ණායක ලෙස සැලකෙන බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාවට පැමිණ තිබුණු අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.40 පමණ වන විට එහි මිල ඩොලර් 80.60ක් ලෙසින් දැක්වුණි.

    මේ අතර WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.70ක් දක්වා ඒ වන විට පහළ ගොස් තිබුණි.